ශ්‍රී ලංකාවෙන් තායිලන්තය වෙත රැගෙන ගිය ‘‘මුතු රාජා‘‘ හෙවත් ‘‘සක්සුරින්‘‘ ඇතා රැගත් ගුවන් යානය අද දින ශ්‍රී ලංකා වේලාවෙන් දහවල් 12.33 ට තායිලන්තයේ "චියෑන් මායි" (Chiang Mai) ගුවන් තොටුපොළ වෙත ගොඩ බස්වා තිබේ.



මෙම ඇතා රැගත් රුසියානු ඒවියාකොන් සිටොට්‍රාන්ස් ගුවන් සේවයේ ( Aviacon Zitotrans ) ඒ.ඉසෙඩ්.එස්.- 5701 දරන ගුවන් යානය අද උදෑසන 07.30 ට කටුනායක ගුවන් තොටුපොළෙන් තායිලන්තයේ චියෑන් මායි ගුවන් තොටුපොළ බලා පිටත් විය.

පැය 05 ක ගුවන් ගමනකින් පසුව මෙම ගුවන් යානය තායිලන්තයේ චියෑන් මායි ගුවන් තොටුපොළ වෙත ගොඩ බස්වා තිබේ.



'සක් සුරින්' හෙවත් මුතු රාජා 2001 වසරේදී තායිලන්ත රජය මෙරටට පරිත්‍යාග කළේ ය.

එතැන් පටන් වසර 22කට ආසන්න කාලයක් මුතුරාජාගේ භාරකාරත්වය දැරුවේ අලුත්ගම කන්දේ විහාරයයි.

කන්දේ විහාරය භාරයේ සිටිය දී හිංසනයට ලක් වූ බවට වාර්තා වීමෙන් පසු මුතු රාජාට අවශ්‍ය ප්‍රතිකාර සහ රැකවරණය ලබා දීම සඳහා යළි රැගෙන යෑමට තායිලන්ත රජය විසින් ලක් රජයෙන් ඉල්ලීමක් කළේය.

හස්තියා දෙහිවල සත්වෝද්‍යානයට රැගෙනවිත් එහි තාවකාලික රැඳවුම් මධ්‍යස්ථානයක් වශයෙන් රඳවා අවශ්‍ය ප්‍රතිකාර කිරීම සිදුකළේ ඉන් අනතුරුවය.

තායිලන්ත පශු වෛද්‍ය කණ්ඩායමක් සහ ඇත් ගොව්වෙකු ද මෙරටට පැමිණ හස්තියාගේ සෞඛ්‍ය තත්ත්වය සම්බන්ධයෙන් සොයා බැලීමට කටයුතු කළේය.

ඒ අනුව, දෙහිවල සත්වෝද්‍යානයේ රඳවා සිටි මුතුරාජා හස්තියා ඊයේ (01) රාත්‍රීයේ කටුනායක ගුවන් තොටුපොළ වෙත රැගෙන ආවේය.

කටුනායක ගුවන්තොටුපොළේ කාර්යභාර නිලධාරියා පැවසුවේ මුතු රාජා රැගත් යානය අද පෙරවරු 7.30ට තායිලන්තය බලා පිටත්ව ගිය බවයි.

එම අවස්ථාව දැක ගන්න මුතු රාජාට ආදරය කරන පිරිසක් දෙහිවල සත්වෝද්‍යානයට මෙන්ම කටුනායක ගුවන්තොටුපොළට පැමිණ සිටියහ.

miyankumara
සබැඳි පුවත්

'මුතු රාජා' ගේ ගුවන් ගමන ගැන මේ තොරතුරු ඔබ දැන සිටියා ද?- (වීඩියෝ)

මුතු රාජා : 'තායිලන්තයට ඇතා දෙන්නේ පොරොන්දුව මත' - කන්දේ විහාරයේ නා හිමියෝ කියති


JW


worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්