leader s

මේ වනවිට දෙහිවල ජාතික සත්වෝද්‍යානයේ රඳවා සිටින 'මුතු රාජා' ජූලි 02 වැනිදා ගුවනින් තායිලන්තයට රැගෙන යෑමට සැලසුම් කර තිබේ.


කටුනායක සිට ගුවන් ගමන පැය හයක් පමණ වේ. ඒ සඳහා මුතු රාජා සුදානම් කිරීම සහ පුහුණු කිරීම මේ දිනවල සිදු කෙරේ.

මේ වන විට අවුරුදු 29ක් වයස, කිලෝ ග්‍රෑම් 4000ක් පමණ බර මුතු රාජාගේ උස අඩි නවයකි.

දෙහිවල සත්වෝද්‍යානයේ සිට කටුනායකට රැගෙන යාමේ දී සහ කටුනායක සිට තායිලන්තයට රැගෙන යාමේ දී ඇතා විශේෂ කූඩුව තුළ ගත කරන කාලය හැකිතාක් අවම කරමින් මෙම ගමන සැලසුම් කරනු ලැබේ.

විශේෂයෙන් ඇතාගේ ඉදිරි පාදය නැමිය නොහැකි නිසා එම අබාධ තත්ත්වය ගැන වැඩි අවධානයක් යොමු කර ඇත. තායිලන්ත රජයේ මැදිහත්වීම මත ඇතා ප්‍රවාහනයට විශේෂයෙන් සකසන ලද ගුවන් යානයක් යොදා ගන්නා අතර එම ගුවන් ගමනේ සැලැස්ම තවදුරත් සාකච්ඡා මට්ටමේ පවතී. 

(BBC සිංහල)

 

සබැඳි පුවත් :
මුතු රාජා : 'තායිලන්තයට ඇතා දෙන්නේ පොරොන්දුව මත' - කන්දේ විහාරයේ නා හිමියෝ කියති

JW

 

AER 2026 Leaflet 4 1 1
web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්