ජනාධිපතිවරයාගේ යෝජනාවකට අනුව වන්නියේ රජයේ ඉඩම් පෞද්ගලික සමාගමකට

ලබා දී සිදු කිරීමට යන කාසි බෝග වගාවක් ප්‍රදේශයේ දෙමළ ජනයාට අහිතකර ප්‍රතිපල ගෙනදෙන්නක් බව උතුරු පළාත් හිටපු මහ ඇමැතිවරයා පවසයි.

උතුරු පළාත් හිටපු මහ ඇමැති මෙන්ම දෙමළ ජනතා ජාතික සන්ධානයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී සී.වී විග්නේෂ්වරන් පවසන්නේ තමා විසින්ද මීට ඉහත දී  ප්‍රතික්ෂේප කළ වන්නියේ ක්‍රියාත්මක කිරීමට සැරසෙන උක් වගාව එම භුමියට නොගැලපෙන වගාවක් බවයි.

" මම මහ ඇමති වෙලා ඉන්නකොට සීනි කර්මාන්ත ශාලාව සම්බන්ධයෙන් කළ ඉල්ලීම අපි ප්‍රතික්ෂේප කළා. කෘෂිකර්ම අමාත්‍යවරයා විදිහට හිටපු   අයිංගරනේෂන් මේ සම්බන්ධයෙන් අධ්‍යයනයක් කලා. මේකෙන් අපිට ලාභයට වඩා පාඩුයි කියලා ඒ අය කියපු නිසා මේක ගැන රජයට පැහැදිලි කරලා මේ ව්‍යාපෘතිය මම නැවැත්තුවා. "

තායිලන්ත සමාගමක් විසින් වව්නියාවේ ඉදිකිරීමට යන සීනි කර්මාන්තශාලාවක් වෙනුවෙන් හෙක්ටයාර 200 ක ඉඩමක් ලබා දීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ ජුලි 26 වැනිදා කැබිනට් අනුමැතිය ලබා ගෙන තිබුනි.

" මෙම ව්‍යාපෘතියට අදාල කර්මාන්තශාලා පරිශ්‍රය හා ආශ්‍රිත පහසුකම් සදහා වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් ලඳු කැලෑවකින් වැසී ඇති වව්නියාව උතුර ප්‍රදේශිය ලේකම් කොට්ඨාසයේ පිහිටි හෙක්ටයාර 200 ක ඉඩම් කොටසක් හදුනාගනු ලැබ ඇත. එම ඉඩම් කොටස යෝජිත ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සදහා ලබා දීමට වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් එකගතාව පළ කර තිබේ." ජුලි 26 වැනිදා කැබිනට් තීරණ වල සදහන්ව ඇත.



දෙමළ ජනතා ජාතික සන්ධානයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී සී.වී විග්නේෂ්වරන් පෙන්වා දෙන්නේ උග්‍ර ජල ප්‍රශ්නයකට මුහුණ දී සිටින වන්නියේ උක් වගාව සිදු කිරීම හරහා ප්‍රදේශයේ සාමාන්‍ය ජනතාවගේ ජල අවශ්‍යතා පිළිබදව ගැටළු ඇති කරවන බවයි.


" මේ වගාව අපේ භුමියට සුදුසු නැහැ. උක් වගාවට ජලය විශාල ප්‍රමාණයක් අවශ්‍ය වෙනවා. ඒ නිසා ජලය නොමැති ප්‍රදේශයක උක් වගාව සිදු කරන විට සාමාන්‍ය ජනතාවගේ ජල අවශ්‍යතා පිළිබඳ ගැටලුවක් ඇති වෙනවා. ඒ වෙනුවට, එම පොළොවේ ඇති සියලුම ශක්තිය උක් ශාඛය උරා ගන්නවා. එවැනි ගැටළු ගොඩාක් තියනවා. මේ සඳහා ඉඩම් අක්කර දහස් ගණනක් නිදහස් කරන්න හදනවා."

ජුලි 2 වැනිදා යාපනයේ පැවැත්වු මාධ්‍ය හමුවකදී උතුරු පළාතේ හිටපු මහ ඇමැති සී.වී විග්නේෂ්වරන් වැඩි දුරටත් අවධාරණය කළේ එවැනි තත්වයක් යටතේ මෙම යෝජනාව ජනාධිපතිවරයා මගින් ඉදිරිපත් කර ඇති බවයි.

දෙමළ ජනයාගෙන් බලහත්කාරයෙන් අත්පත්කරගත් වන්නියේ ඉඩම් නිදහස් නොකරන ආණ්ඩුව උක් වගාව සදහා පෞද්ගලික සමාගමකට රජයේ ඉඩම් අක්කර දස දහස් ගණනින් ලබා දීමට සැරසෙන බවට ප්‍රදේශයේ දේශපාලන ක්‍රියාධරයන්ද චෝදනා එල්ල කර තිබේ.

වව්නියාව, කිලිනොච්චිය සහ මුලතිව් දිස්ත්‍රික්කවල ඇති රජයේ ඉඩම් අක්කර 30000 ක් උක් වගාව සදහා පෞද්ගලික සමාගමකට ලබා දීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් කැබිනට් මණ්ඩලයට යෝජනා කර ඇති බවට ජනමාධ්‍ය වාර්තා කර තිබුණි

 

 

JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්