හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සහ හිටපු නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක තමන් ඝාතනය කිරීමේ සැළැස්මක්

ගැන කළ සංවාදයක් සමාජ මාධ්‍ය ඔස්සේ අසන්නට ලැබෙන අතර, ඒ ගැන වහා පාර්ලිමේන්තුවේ අවධානය යොමු කරන්නැයි විදුලිබල රාජ්‍ය අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ කතානායකවරයාගෙන් විශේෂ ඉල්ලීමක් කළේය.

මේ පිළිබඳව බදාදා (දෙසැම්බර් 08) පොලිසියට පැමිණිළි කරන බව ද පාර්ලිමේන්තුවේදී වරප්‍රසාද ප්‍රශ්නයක් මතුකරමින් ඔහු පැවසීය.

''ඒ සංවාදයේදී රන්ජන් රාමනායක මන්ත්‍රීතුමා කියනවා මහින්දානන්ද අලුත්ගමගේට වෙඩි තියන්න තමයි මං මේ පුරුදු වෙන්නේ කියලා. ඔබතුමා මට ඒක කරන්න කියලා තියෙනවා. ඒක කරන්න මං ඉදිරි කාලයේ කටයුතු කරනවා කියලා. මට වෙඩි තියන්න එතුමා අගමැතිගේ ආශීර්වාදය, අනුමැතිය ඉල්ලනවා. අගමැති අනුමැතිය දෙනවා. මේක ඉතා බරපතල ප්‍රශ්නයක්," යනුවෙන් අලුත්ගමගේ අමාත්‍යවරයා කියා සිටියේය.

text 7 92016 වසරේ රන්ජන් රාමනායක මාදිවෙල පිහිටි මන්ත්‍රී නිල නිවාසවල සිට තමන්ගේ ගිනි අවියෙන් වෙඩි තැබීමට පුරුදු වූ බවත් ඒ අවස්ථාවේදී වැරදිලා ගිනි අවිය ක්‍රියාත්මක වූ බව පැවසීමට රනිල් වික්‍රමසිංහ උපදෙස් දී ඇති බවටත් මෙහිදී චෝදනා එල්ල විය.

''මහින්දානන්දට වෙඩි තියන්න පුහුණු වෙනකොට වෙච්ච වැරැද්ද නිවැරදි කරගන්න උපදෙස් දුන්නේ හිටපු අගමැතිතුමා. ඒ වගේම එතන කියනවා ඔබතුමා පොලිස්පතිට කිවුව නිසා එතුමා මාව බේර ගත්තා කියලා. මොකක්ද කථානායකතුමනි මේ තත්ත්වය? රන්ජන් ගොං වැඩ කරන්නේ හිටපු අගමැතිගේ ආශීර්වාදයෙන්. ඔහු නෑ මෙතන. විපක්ෂ නායකතුමා මේ ගැන ප්‍රකාශයක් කරන්න. මේ මන්ත්‍රීවරයා ගැන ගන්නා පියවර ගැන කියන්න," යනුවෙන් මහින්දානන්ද අමාත්‍යවරයා ඉල්ලීමක් ද කළේය.

මේ අවස්ථාවේදී කතානායක කරු ජයසූරිය සඳහන් කළේ මෙම සිදුවීම ගැන අවධානය යොමු කරන බවකි.

මෙම සංවාදයට ප්‍රජා සංවර්ධන රාජ්‍ය අමාත්‍ය නිමල් ලංසා ද එක්විය.

''මට මහලේකම්තුමා නිකුත් කළා බලපත්‍රයක් එක්ක ගිනිඅවියක්. පිස්තෝලයක් නම් දෙන්නේ උණ්ඩ 10යි. රිවෝල්වරයකට උණ්ඩ 09යි දෙන්නේ. රන්ජන්ට විතරක් කොහොමද උණ්ඩ 150ක් දුන්නේ,'' යනුවෙන් ඔහු ප්‍රශ්න කළේය.

 

 ''මං කුමන්ත්‍රණය කරන පුද්ගලයෙක් නෙමෙයි.'' -  රනිල් කියයි

රන්ජන් රාමනායක මන්ත්‍රීවරයා පොලිස් අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී ඔහුගේ නිල නිවසට ගොස් සිටි මහාචාර්ය අශු මාරසිංහ මන්ත්‍රීවරයා ද පාර්ලිමේන්තුවේදී අදහස් දැක්වීය.

එහිදී ඔහු පෙන්වා දුන්නේ පොලිස් නිලධාරීන් 15 දෙනෙකු පමණ එකවර නිවස පරීක්ෂා කිරීමේදී එම අවස්ථාව සියැසින් දැක බලාගැනීමට රංජන් මන්ත්‍රීවරයාට නොහැකි වූ බවකි. එවිට කුඩු, පිස්තෝල, බෝම්බ වැනි දෑ දමා අත්අඩංගුවට ගැනීමට හැකි බැවින් මන්ත්‍රීවරුන්ගේ නිවාස පරීක්ෂා කිරීමේදී ඔවුන්ගේ ඇස් ඉදිරිපිට එය කළ යුතු බව ඔහු පැවසීය.

මහින්දානන්ද අමාත්‍යවරයා සිය චෝදනාව කරන විට රනිල් වික්‍රමසිංහ සහ රන්ජන් රාමනායක යන මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තු සභා ගැබේ නොසිටියහ. පසුව පස්වරුවේ පාර්ලිමේන්තුවට පැමිණි රනිල් වික්‍රමසිංහ මන්ත්‍රීවරයා ඒ පිළිබඳ විශේෂ ප්‍රකාශයක් කළේය.

''මේ සභාවේදී මහින්දානන්ද ඇමතිතුමා මං ගැන ප්‍රකාශයක් කරලා තියෙනවා. මං කුමන්ත්‍රණය කරන පුද්ගලයෙක් නෙමෙයි. මේ CD ටික රන්ජන් මන්ත්‍රීතුමාගේ මාදිවෙල නිවසේ සිට පොලීසිය භාර ගත්තේ. ඒත් දැන් පොලිසිය භාරගත් මේ තැටි හැම තැනම එනවා. මාධ්‍යයේ එනවා. හැම එක්කෙනාගේම පොදු දේපලක් විදියට. ඒ නිසා මං කැමතියි කථානායකතුමා හරහා පොලීසියට කියලා මේ තැටි ඔක්කොම අරගෙන මන්ත්‍රීවරු අපි ඕනෑම කාරණයක් දිහා බලලා කවුරුහරි වැරද්දක් කරලා තියෙනවනම් එතුමාට මේක ප්‍රකාශ කරන්න පුළුවන්.'' 

ඇමති මහින්දානන්දගේ ප්‍රකාශයට පාදකවූ හඬපටය

(මුලාශ්‍රය - බීබීසී සිංහල සේවය)

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්