leader s

කොළඹ ජාතික අක්ෂි රෝහලේ දී ඇසේ ශල්‍ය කර්මයක් කළ සිට 35 හැවිරිදි දෙදරු මවක ශල්‍ය කර්මයෙන් පසු සිහිය නොලබාම මියගොස් ඇතැයි කොළඹ අක්ෂි රෝහලෙන් වාර්තා වේ.


මෙසේ මියගොස් ඇත්තේ කොස්ගොඩ බොරලුකැටිය දකුණ පදිංචි එච්.ජී. හිමාලි ප්‍රියදර්ශනී වීරසිංහ නමැති දෙදරු මවකි.

මියගිය කත මිට පෙර කොළඹ ජාතික අක්ෂි රෝහලෙන් ඇසට කාචයක් දමාගෙන ඇති අතර ශල්‍ය කර්මය කළ අගේ ඇසේ ඇතිවූ අසාත්මික තාවයක් හේතුවෙන් ඇය යළි පෙරේදා (4) අක්ෂි රෝහලේ වෛද්‍යවරුන්ට පෙන්වා ඇත

එහිදී වෛද්‍යවරුන්ගේ නියමයකට අනුව යළි එම ඇසේ ශල්‍ය කර්මයක් කිරීමට එදිනම රෝහලට ඇතුළත් වී ඇති අතර ඇයට ඊයේ (5) දින ශල්‍යකර්මයකට භාජනය කර ඇතැයි රෝහල් ආරංචි මාර්ග කියයි.

එසේ ශල්‍ය කර්මය සිදු කිරීමෙන් පසු ඇය සිහි නොලබාම මියගොස් ඇතැයි පවුලේ ඥාතීහු පවසයි.

ශල්‍ය කර්මය කිරීමට ඇයට ලබාදුන් නිර්වින්දන ඖෂධය විස වීම නිසා මෙම මරණය වන්නට ඇතැයි පවුලේ ඥාතීහු සැකකරති.

 කොළඹ ජාතික අක්ෂි රෝහලේ දෘෂ්ඨි විතානය පිළිබඳ අක්ෂි සැත්කමකදී තවත් කාන්තාවක් මිය ගොස් ඇති බවත්, සැත්කමට පෙර නිර්වින්දනය කිරීමේදී ඇයව මරණයට පත්වී ඇති අතර නිර්වින්දනය සඳහා භාවිත කල ඖෂධයක් නිසා එසේ සිදු වූවාදැයි බරපතල සැකයක් පවතින බවත් සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති රවී කුමුදේශ් පවසයි. 

JW

 

AER 2026 Leaflet 4 1 1
web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්