leader s

පිළිකා රෝගීන් බොහෝ පිරිසක් සිය ජීවිතය රැකගැනීම වෙනුවෙන් ප්‍රතිකාර ගැනීමට පැමිණෙන්නේ මහරගම අපේක්ෂා රෝහලටය.


එළෙස පැමිණෙන රෝගීන්ට විකිරණ ප්‍රතිකාර ලබාදීමට රෝහල සතුව යන්ත්‍ර ගණන 5 කි.

ඉන් කුඩා ළමුන්ට විකිරණ ප්‍රතිකාර සිදුකරන ලීනීයර් ඇක්සලරේටර් විකිරණ ප්‍රතිකාරක යන්ත්‍රය අක්‍රිය වී සති දෙකකට වැඩි කාලයක් ගතවෙයි.

ලියුකේමියා රෝගයට ගොදුරු වූ පුංචි දරුවන් 10 ත් 15 ත් අතර ප්‍රමාණයකට මෙම යන්ත්‍රයෙන් දිනකට ප්‍රතිකාර සිදුකෙරුණි.

මෙම දරුවන්ට අමතරව පොරොත්තු ලේඛනයේ තවත් බොහෝ පිළිකා රෝගි දරුවන් පිරිසක් ප්‍රතිකාර ලබාගැනීමට සිටින බවත් වාර්තා වෙයි.

ඒ හේතුවෙන් මේ වනවිට කුඩා ළමුන්ගේ විකිරණ ප්‍රතිකාර සම්පූර්ණයෙන්ම ඇණහිට ඇති අතර එම දරුවන්ගේ භාරකරුවන්ද මේ වනවිට මහත් මානසික පීඩනයකට ලක්ව ඇත.

(adaderana.lk)

Screenshot 2023 07 07 at 12.18.55 PM


JW

 

AER 2026 Leaflet 4 1 1
web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්