නවගමුව බෝමිරිය රාස්සපාන ප්‍රදේශයේ විහාරස්ථානයක් තුලදී භික්ෂූන්වහන්සේ නමක හා කාන්තාවන් දෙදෙනෙකු නිරුවත් කර පහරදුන් පුද්ගලයින් වහාම අත්අඩංගුවට ගන්නා ලෙස මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන්

අලස් නියෝග කරයි.

භික්ෂූන් වහන්සේ නමක් සහ කාන්තාවන් දෙදෙනෙකු සම්බන්ධ වීඩියෝවක් මේවනවිට සමාජ ජාලවල සංසරණය වෙමින් තිබේ. එම භික්ෂුන් වහන්සේ හා කාන්තාවන් දෙදෙනා නිරුවත් කර පිරිසක් ඔවුන්ට පොලු මුගුරුවලින් පහරදෙනු මෙම වීඩියෝවේ අන්තර්ගතව ඇත.

මෙසේ නීතිය අතටගෙන පොලු මුගුරුවලින් පහර දී කාන්තාවන් නිරුවත් කල පුද්ගලයින් වහාම අත්අඩංගුවට ගෙන වහාම නීතිය ක්‍රියාත්මක කරන ලෙස මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් බස්නාහිර පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්ධු තෙන්නකෝන්ට හා නවගමුව පොලිස් ස්ථානාධිපතිවරයාට ඊයේ (07) නියෝග කර තිබේ.

කාන්තාවන් දෙදෙනෙකු මෙසේ නිරුවත්කර පහරදීම සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ බරපතල විරෝධයක් එල්ලවෙමින් තිබේ.

FB post 3 2023.07.08 

Screenshot 2023 07 07 at 12.18.55 PM


JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්