තම නිවසින් අත්අඩංගුවට ගත් තැටිවල තිබූ හඬපට මාධ්‍ය මගින් ප්‍රචාරය වීමෙන් තමන්ට අගතියක් සිදුව ඇතැයි සඳහන් කරමින්

හිටපු රාජ්‍ය අමාත්‍ය රංජන් රාමනායක නුගේගොඩ, ගංගොඩවිල මහේස්ත්‍රාත් යූ.කේ.පැල්පොල  ඉදිරියේ අද (8) මෝසමක් ගොනු කළ නමුත් අධිකරණය විසින් අදාළ මෝසම ප්‍රතික්ෂේප කරමින් කියා සිටියේ එම සංයුක්ත තැටි නඩු භාණ්ඩ ලෙස අධිකරණයට මෙතෙක් ඉදිරිපත් කර නැති බවයි.

එහිදී මෙම සිද්ධියට අදාළව කරුණු ඉදිරිපත් කිරිම සඳහා ලබන 17 වැනිදා අධිකරණයේ පෙනී සිටින ලෙස මහේස්ත්‍රාත්වරයා කොළඹ අපරාධ කොට්ඨාසයට නොතීසි නිකුත් කර තිබේ.

ඉන් අනතුරුව මාධ්‍යවෙත අදහස් දැක්වූ රන්ජන් රාමනායක මන්ත්‍රිවරයාගේ නිතීඥවරිය වන ආශා කහවත්ත මහත්මිය ප්‍රකාශ කර සිටියේ, හඬ පට මාධ්‍ය වෙතට නිකුත්වී ඇත්තේ පොලිසිය විසින් මන්ත්‍රි රන්ජන් රාමනායක මන්ත්‍රිවරයා ගේ නිවසේ තිබී එම දෘඩ තැටි සහ දුරකථනයන් ඔවුන්ගේ භාරයට ලබා ගැනීමෙන් අනතුරුව බවයි.

පොලිසිය භාරය තිබු දෘඩ තැටි සහ දුරකථනයේ තිබුණු හඬ පට මාධ්‍යයට නිකුත් වීම ගැටළු සහගත බව ඇය මෙහිදී පැවසුවාය.

 

රන්ජන්ගේ සංග්‍රාමය:  දුෂිතයින් හෙළි කිරීම සඳහා ....

මෙහිදී අදහස් දැක්වූ රන්ජන් රාමනායක මන්ත්‍රිවරයා, ලාකඩ මත තම ඇඟිලි සළකුණ යොදා පොලිසියේදී සීල් කරන ලද දුරකථන සංවාද ඇතුළත් හඬපට මාධ්‍ය වෙත ගියේ කෙසේදැයි විමසා සිටියේය.

තමන්ගේ ඉලක්කය වුයේ එතනෝල්, කුඩු කාරයින් ඇතුළු දුෂිතයින් හෙළි කිරීම බවත්, ඒ සදහා තමන් ගත් ක්‍රියා මාර්ග සදාචාර විරෝධි බවට චෝදනා එල්ලවී ඇති බව ඔහු පැවසිය.

වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා මෙසේ ද කියා සිටියේය.

''පසුගිය සමයේදී පාර්ලිමේන්තු මන්ත්‍රි රංගේ බණ්ඩාර හට රුපියල් කෝටි 50ක් සහ කැබිනට් ඇමතිකමක් දෙන්නම් කියා මන්ත්‍රිවරයෙක් දුන් දුරකථන ඇමතුම ගැන මිනිස්සු විශ්වාස කලේ ඊට ආදාල හඬපටය එලියට ආපු නිසා.

මම කෝප් කමිටු සාමාජිකයෙක්‌, දුෂණ විරෝධී ආංශික කාරක සභාවේ සාමාජිකයෙක්. මේ කමිටුවල ඉද්දි මට හොරු එක්ක, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරින්, අල්ලස් කොමිසමේ නිලධාරින්, මුල්‍ය අපරාධ කොමිසමේ නිලධාරින්, හිගන්නන්, ගණිකාවන් සමග සාකච්ජා කරන්න වුණා.

 

''විනිසුරුවරිය ජීවත්වුණේ බයෙන්''

මේ රටේ විවාදාත්මක නඩු තිදුවක් දුන් විනිසුරුවරියක් ජිවත් වුනේ බයෙන්. ඇය කීවා තමන් දුන් නඩු තීන්දුව නිසා තමන්ට ඇසිඩ් ගහන්න යනවා කියලා. ඒ වගේම ඇගේ පවුල පිටින් ඝාතනය කරනවා කියලා. මම ඒ වෙලාවේ හිටපු පොලිස්පති පුජිත ජයසුන්දරට සහ හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනට කතා කරලා එම විනිසුරුවරියගේ ආරක්ෂාව තර කරන්න කියා ඉල්ලීමක් කළා.

ශානි අබේසේකර වගේම අධිකරණ ක්‍රේෂත්‍රයේ ප්‍රධානින් විදින දුක, ඔවුන්ට එල්ලවූ තර්ජන ගැන ඉදිරියේදී ජනතාව දැන ගන්න ලැබේවි.

මම කිසිම වංචාවක් කරලා නැහැ. මට බැදුම්කර වංචා නැහැ, පස් ඇදලා නැහැ, වෙන වෙන ඩීල් දාලා නැහැ. මම මේ හැමදේම කලේ රටේ මහ ජනතාව වෙනුවෙන්. ජනතාවට මම කරපු දේ ගැන ඉදිරියේදී හෙළි වේවි.Ranjan Talks 1 

මගේ දුරකථනය, හඬ පට තිබුණු දෘඩ පටයන් මගේ ඉස්සරහමයි පොලිසිය සීල් තැබුවේ. නමුත් ඒවා මේ වෙනකම් අධිකරණයට භාර දීලා නැහැ. නමුත් මාව අත්අඩංගුවට ගත්ත දවසට පහුවෙනිදා චුදිතයාගේ නාලිකාවේ එලියට එනවා. මට පොලිසිය ගැන ලොකු ගෞරවයක් තිබුණා. නමුත් අද ඒ ගෞරවය ගැන හිතන්න වෙලා තියෙනවා. නඩු භාණ්ඩ නිසා මම හඬ පට ගැන වැඩිය කතා කරන්නේ නැහැ.

නමුත් කවදා හරි දවසක මේ රටේ මිනිස්සු කියයි රන්ජන් ඇවිල්ලා විකිලික්ස් වෙබ් අඩවි යේ නිර්මාතෘ ජුලියන් අසාන්ජ් වගේ කෙනෙක් කියලා. මොකද මම කවුරු එක්කවත් ඩීල් දැම්මේ නැහැ. කලේ හොරකම් හෙළි කරපු එක විතරයි. මගේ ළඟ තිබිලා පොලිසියෙන් ගත්ත නඩු භාණ්ඩ මේ වෙනකම් අධිකරණයට භාර දීලා නැහැ" රන්ජන් රාමනායක මන්ත්‍රිවරයා වැඩිදුරටත් කියා සිටියේය.

 

රන්ජන් බිලී දී එජාපය ජාමේ බේරාගැනීමට යයි !

මේ අතර පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක සම්බන්ධයෙන් විනය පරීක්ෂණයක් පැවැත්වීමට එක්සත් ජාතික පක්ෂය තීරණය කර තිබේ.

මෙම විනය පරීක්ෂණය අනුව ඔහුට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගන්නා බවත් එක්සත් ජාතික පක්ෂ මහ ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී අකිල විරාජ් කාරියවසම් පැවැසීය.

රන්ජන් රාමනායකගේ හඬ පට සම්බන්ධයෙන් තේරීම් කාරක සභාවක් පත්කර විමර්ශනයක් සිදුකරන ලෙස රජයෙන් ඉල්ලා සිටින බවත් ඔහු සඳහන් කළේය.

අධිකරණ පද්ධතියට බලපෑම් කර ඇති බවට හෝ නීතියට පිටින් කටයුතු කර ඇති බවට තහවුරු වන්නේ නම් එම පුද්ගලයන්ට එරෙහිව තරා තිරම නොබලා අවශ්‍ය දඬුවම් ලබා දෙන ලෙසට රජයෙන් ඉල්ලා සිටින බවත් මහලේකම්වරයා වැඩිදුරටත් පැවසීය

සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ අද (08දා) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් මන්ත්‍රීවරයා මේ බව පැවැසීය.

 

‘‘හඬපට එළියට සලුපට අහසට‘‘ – විමල් මැතිසබය දෙවනත් කරයි

'රන්ජන් රෙකෝඩ්ස්' සම්බන්ධයෙන් අද (08දා) දිනයේද පාර්ලිමේන්තුවේදී අදහස් දැක්වීම් සිදුවුණ අතර එහිදී අමාත්‍ය විමල් වීරවංශ පැවසුයේ, පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක ප්‍රධාන චරිතය රඟපාන අලුත්ම චිත්‍රපටයේ නම ‘හඬපට එළියට – සලුපට අහසට’ යැයි කියාය.

පසුගිය ආණ්ඩුව නීතිය අවභාවිත කළ ආකාරය මේ වන විට මාධ්‍ය වෙත නිකුත් වී ඇති හඩපට තුළින් පැහැදිලිව පෙන්නුම් කරන බවත් අමාත්‍යවරයා එහිදී සඳහන් කළේය.

මේ වැඩෙන් නීතියේ දෙවගනගේ තනපටද ගැලවී අවසන්ව ඇති බව ද ඔහු වැඩිදුරටත් පැවසීය.

 

සමාජ මාධ්‍ය කියන කතා: රන්ජා තමයි රන්ජා .....

රන්ජන් රාමනායක මන්ත්‍රීවරයාගේ හඬ පට සම්බන්ධයෙන් මේවනවිට සමාජ මාධ්‍යයන්හි පුළුල් කතිකාවක් ආරම්භවී ඇත. ඒ සම්බන්ධයෙන් සිය FB පිටුවේ සටහනක් තබා ඇති සමාජ මාධ්‍ය ක්‍රියාකාරිනියක වන නිදහස් මාධ්‍යවේදිනී නදී වාසලමුදලිආරච්චි මෙසේ සටහන් කර තිබේ.

රංජ නිකං 'ටෝනේඩෝ' සුළි කුණාටුවක් වගේ!
එකවටයයි කැරකුණේ.. රටෙන් භාගෙකගෙම රෙදි නෑ මිත්‍රෝරුණි!!

 

''දැන් නම් ශුවර් රන්ජන් අධිකරණයට අපහාස කිරීම කියන නඩුවෙන් නිදහස්''

මෙම හඬපට සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය හරහා සටහන් කිහිපයක්ම පළකර ඇති 'කලම්බු ටෙලිග්‍රාෆ්' කර්තෘ, ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී උවිඳු එක් සටහනක මෙසේ සඳහන් කර තිබේ.

''දැන් නම් ශුවර් රන්ජන් අධිකරණයට අපහාස කිරීම කියන නඩුවෙන් නිදහස් වෙනව. ඒත් ඔය පිම්පි එක්ක කතා කරල කෙල්ලො ගෙන්න ගන්න වගේ කේස් එක්කට යන්න පුලුවන්, ඒවත් කල් යයි මොකද ඔය රෙකෝඩිංග්ස්වල ෆොරෙන්සික් එන්න ඕනෙනෙ. ඒවත් ඉතිං රන්ජන් සල්ලි දුන්න කියල ඔප්පු කරොත් විතරයි''

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්