සමාජජාලාවල වේගයෙන් සංසරණය වෙමින් පවතින රන්ජන් රාමනායක මන්ත්‍රීවරයාගේ හඬපට ව්‍යාකූල කර දැමීම සඳහා

කඩිනම් සැලසුමක් ක්‍රියාත්මක කර ඇති බව ආණ්ඩුවට හිතවත් සමාජ මාධ්‍ය වෙබ් අඩවි කිහිපයක් විසින් වාර්තා කර තිබේ.

'ලංකා සී නිව්ස්' වෙබ් අඩවියේ පලවී ඇති වාර්තාවකට අනුව රන්ජන් රාමනායක මන්ත්‍රීවරයා විසින් තවත් පුද්ගලයන් කිහිපදෙනෙකු යොදා ගෙන නැවතත් හඬපට සකසා ඉක්මනින් සමාජ ජාල වලට මුදාහැරීමට යයි. 

ඒ අනුව තෙවන පාර්ශවීය පුද්ගලයන් සම්බන්ධ කරගෙන ආණ්ඩුවට සම්බන්ධ හෝ වෙනත් ප්‍රසිද්ධ චරිත කීපයක් ඉලකක් කරමින් සිදු කරන සාකච්චා හඬපට මෙසේ සමාජ වෙත මුදා හැරීමට කටයුතු කරමින් සිටින බවත්, මෙමගින් සැබෑ හඬපටවල බරපතළ තත්වය යටපත් කරගැනීමට ඔවුන් බලාපොරොත්තු වන බවත් එම වෙබ් පුවතේ වැඩිදුරටත් සඳහන් වේ.

 

මංගල සමරවීරගේ යෝජනාවක්  !!!!

Mangala Recordsමේ අතර විමල් විරවංශ අමාත්‍යවරයාගේ අධීක්ෂණයෙන් යුතුව ඔහුගේ ජාතික නිදහස් පෙරමුණ විසින් පවත්වාගෙන යන 'ලංකා ලීඩ් නිව්ස්' වාර්තා කර ඇත්තේ, එක දිගට සමාජය වෙත නිකුත් වන රන්ජන්ගේ සැබෑ හඬපට වෙනුවට රංජන් රාමනායක, ශානි අබේසේකර සහ තවත් නලුවන් කිහිප දෙනෙකු යොදවා තිර පිටපතකට අනුව අලුතෙන්ම හඬපට කිහිපයක් පටිගත කොට සමාජ මාධ්‍ය ජාලා වෙත නිදහස් කිරීමට කටයුතු කරමින් තිබෙන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රී මංගල සමරවීරගේ යෝජනාවක් අනුව බවයි.

එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක විසින් පටිගත කොට තබාගත් හඬපට තොගයක් සමාජයට නිරාවරණය වීමත් සමග එම පක්ෂයේ අභ්‍යන්තර තොරතුරු ජනතාවට නිරාවරණය වෙමින් පවතින බවත්, එහිදි එක්සත් ජාතික පක්ෂයට වන හානිය අවම කිරීම සඳහාත්, මෙම තත්ත්වය දේශපාලනිකව වාසියකට හරවා ගැනීමටත් මංගල සමරවීර කටයුතු කරමින් සිටින බවත් එම වෙබ් පුවතේ සඳහන් වේ.

මේ අනුව සමාජය නොමග යැවීමටත්, රංජන් රාමනායකගේ සැබෑ හඬපට වල අඩංගු රහස් යටපත් කිරීමටත් හැකි ඉක්මනින් මෙලෙසට ව්‍යාජ හඬපට නිර්මාණය කොට පැතිරවීමටත් ඔවුන් සැලසුම් කර තිබෙන බව 'ලංකා ලීඩ් නිව්ස්' පුවතේ වැඩිදුරටත් සඳහන් වේ.

 

ඇමති බිරින්දෑවරුන්ගේ 'වැඩත්' මාට්ටු !

මේ අතර රන්ජන් රාමනායක මන්ත්‍රීවරයා පවසන්නේ, තම හඬපට හෙලිවීම මත ආණ්ඩු පක්ෂයේ පිරිස් මේ වන විට කලබල වී ඇති බවයි.

ඒ ඔවුන්ගේ බිරින්දෑවරුන් තමාට කතා කළ නිසා විය හැකි යැයි ද ඔහු තම ෆේස්බුක් පිටුවේ සටහනක් තබමින් සඳහන් කර තිබේ.

ඔහුගේ ජංගම දුරකථන හඬපට මේ වන විට සමාජ ජාලයන්හි පැතිර යාම සම්බන්ධයෙන් අදහසක් පළ කරමින් රන්ජන් රාමනායක මන්ත්‍රීවරයා මේ බව සටහන් කර ඇත.

''උන් එලියට නොදාන හඬපට උඹම එලියට දාපං..''

මේ අතර රන්ජන්ගේ හඬපට සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන් ද විවිධාකාරයේ යෝජනා ඉදිරිපත් කරමින් සිටින අතර ඒ සම්බන්ධයෙන් සිය FB පිටුවේ සටහනක් තබමින් තිලක් ගුණවර්ධන, රන්ජන්ට මෙවැනි යෝජනාවක් ඉදිරිපත් කර ඇත.

''රන්ජන් උඹට තව අවස්තාවක් ඇත...උන් එලියට නොදාන හඬ පට උඹම එලියට දාපං..
මම මේ ගේමට මාර කැමතියි..''

සබැඳි පුවත් :

රන්ජන් රෙකෝඩ්ස් : 'රන්ජන් අතින් සිදුවී තිබෙන්නෙ අයිතිහාසික කාර්‍යය බාරයක්' -වික්ටර් අයිවන්

රන්ජන් රෙකෝඩ්ස් : රන්ජා, ප්‍රභූ කතුන් රැසක් සමගත් 'ෆෝන් සෙක්ස්' කරලා !

රන්ජාගේ හඬපට අතුරු කතා: ඊවාට ගෙදරට එන්න කියලා මහින්ද කිව්වා මතක ද? 

රන්ජන් රෙකෝඩ්ස් : රන්ජා, ප්‍රභූ කතුන් රැසක් සමගත් 'ෆෝන් සෙක්ස්' කරලා !

රන්ජන් රෙකෝඩ්ස් : 'බැලුබැල්මට ශානි කරපු වරදක් නැහැ' - කලම්බු ටෙලිග්‍රාෆ් කර්තෘ

රන්ජන් රෙකෝඩ්ස් : එජාපයෙන් විනය ක්‍රියාමාර්ග එද්දී රන්ජා උසාවියේදී කියපු කතාව  !

රන්ජන් හා විනිසුරුවරිය අතර හඬපටය ගැන දුර්මත ? (VIDEO)

රන්ජාගේ හඬපට: මහින්දානන්ද "ඝාතන සැලසුමක්" ගැන මැතිසබේ වාද

රන්ජාගේ හඬපට: රනිලුත් කපෝති! - මහින්දානන්දට 'ෂුට්' කරන්න උපදෙස් දීලා !! (VIDEO)

රන්ජාගේ හඬපට : ''පවත්නා ක්‍රමය රැකගැනීමට ඇපකැප වූවන් නොවන අපට සතුටු විය හැකි ය.''  - අජිත් පැරකුම් ජයසිංහ

රන්ජාගේ හඬපට : ''මෑත කාලීන දේශපාලනයේ වඩාත්ම අනුරාගික වාක්‍යය''  -Mahesh Hapugoda

රන්ජාගේ හඬපට: අධිකරණයේ කන්‍යා පටලයට කෙළ වී තිබේ! - ''මට නම් මාර ආතල්'' -සිරිමල් විජේසිංහ

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්