මහනුවර ඓතිහාසික ඇසළ පෙරහර මංගල්‍යය වෙනුවෙන් රුපියල් එක් කෝටි තිස් දෙලක්ෂ අනු නවදහස් දහයක මුදලක්

(13,299,010.00) වැය වන බවට ඇස්තමේන්තු කර එම මුදල් කලින් ගෙවන ලෙස ශ්‍රී දළදා මාලිගාවට සහ සතර මහා දේවාලයන්ට දන්වා ඇත.

රාජ්‍ය උත්සවයක් ලෙස ගැසට් කර ඇති මහනුවර ඇසළ පෙරහර මංගල්‍යය අගෝස්තු මස 21 සිට 31 දින දක්වා වීදි සංචාරය කිරීමට නියමිත අතර ඇස්තමේන්තුවේ වීදි ආලෝකකරණය සඳහා වැයවන මුදල් කලින් දක්වා තිබීම විශේෂත්වයකි .

විදුලිබල මණ්ඩලයේ ප්‍රධාන ඉංජිනේරු (මහනුවර නගරය) එච්. එස්. බණ්ඩාර ගේ අස්සනින් යුතුව අදාල ලිපිය ශ්‍රී දළදා මාළිගාවේ දියවඩන නිළමේවරයා සහ සතර මහා දේවාල වල බස්නායක නිලමේවරුන් වෙත යොමු කර තිබේ .

එම ඇස්තමේන්තුවට අනුව ශ්‍රී දළදා මාලිගාව  රුපියල් 34,12479.00 ක මුදලක් ද, නාථ දේවාලයට  රුපියල් 11,22,145 ක  මුදලක් ද, විෂ්ණු දේවාලය රුපියල් 13,68385 මුදලක් ද, කතරගම දේවාලයට රුපියල් 11,02705 මුදලක් ද, පත්තිනි දේවාලයට රුපියල් 11,02705 ක  මුදලක්ද  , පෙරහර කටයුතු ආරම්භ වීමට පෙර ගෙවන ලෙස දැනුම් දී තිබේ .

ඊට අමතරව එම කාලය තුළ වීදි ආලෝකකරණය සඳහා විදුලිබල මණ්ඩලයට රුපියල් 44,41,273 ක මුදලක් ද ගෙවන ලෙස දැනුම් දී තිබේ .

ඇස්තමේන්තුගත එම මුදල් ගෙවීම් සාමාන්‍යඅධිකාරි විදුලිබල මණ්ඩලය නමින් ලියන ලද චෙක්පතක් මගින් ගෙවන ලෙස ද විදුලිබල මණ්ඩලය දැනුම් දී තිබේ.



දළදා මාළිගාවේ ලයිට් බිලට සජිත්ට කරන්ට් වදී!

එතෙර මෙතෙර බෞද්ධයින්ගේ මුදුන් මල්කඩවන් ශ්‍රී දළදා මාලිගාවේ ඓතිහාසික දළදා පෙරහැරට පෙර කිසිකලෙක නොවූ විරූ පරිදි විදුලි බිල්පතක් ලියා ආණ්ඩුව ස්වකීය අශිෂ්ට, අමනෝඥ පිලිවෙත හෙළිදරව් කොට ඇති බවත්, මේ පහත් ක්‍රියාව සම්බුදු දහමටත්, මුළුමහත් බෞද්ධ සමාජයටත්, පොදුවේ මුළු මහත් රටටත් කරන ලද නිගාවක් වන අතර, විශේෂයෙන්ම ඓතිහාසික ශ්‍රී දළදා පෙරහැර පිළිබඳව අවධානය යොමු කරන ලෝකවාසී ප්‍රජාවටත් සිදුකරන ලද බරපතළ අවමානයක් සේ සලකන බවත් විපක්ෂනායකවරයා මාධ්‍ය නිවේදනයක් නිකුත්කරමින් කියා සිටියි.



''එය අප තුළ අති මහත් කම්පනයක් ඇති කළ බව සිහිපත් කරන අතර මේ අත්තනෝමතික තීන්දුව ගත් ආණ්ඩුවට අපගේ කොන්දේසි විරහිත පිළිකුල පලකරමි'' යයි ද එම නිවේදනයේ සඳහන් වේ.

''අධිරාජ්‍යවාදීන් පවා හිස නැමූ දළදා හාමුදුරුවන්ටත් බිල් ලියන ආණ්ඩුවක්..!'' යන ශීර්ෂයෙන් යුතුව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මාධ්‍ය වෙත යොමුකර ඇති එම නිවේදනයේ මෙසේ ද සඳහන් වේ.

විශේෂයෙන්ම ජනරජ පෙරහැර වැනි කටයුතු උදෙසා ආණ්ඩුව පැකිලීමකින් තොරව මුදල් වෙන් කළ බව මේ මොහොතේ සිහිපත් කළ යුතු අතර, දෙස් විදෙස් කීර්තියක් උසුලන දළදා පෙරහැරට ආණ්ඩුව විසින් කරනු ලබන සැලකිල්ලෙහි තරම පිළිබඳව අප තුළ ඇත්තේ බලවත් පිළිකුලකි.

මීට පෙරද විහාරස්ථාන කිහිපයක් ඉලක්ක කර ගනිමින් දරාගත නොහැකි විදුලි බිලක් ආණ්ඩුව විසින් යොමු කොට තිබූ අතර මෙය බලවත් අප්‍රසාදය ගෙනදෙන කටයුත්තකි.

ඕනෑම රටකට අනන්‍ය වූ සංස්කෘතියක් ආගමික හර පද්ධතීන් ප්‍රමාණයක් ඇති බව පාලකයින් අවබෝධකොට ගත යුතු අතර ආගමික සහ සංස්කෘතික කාරණා අරභයා ආණ්ඩුවට ඇති අරියාදු කුමක්දැයි රටට හෙලිදරව් කළ යුතුය.

විහාරස්ථාන සහ ආගමික සිද්ධස්ථාන උදෙසා සහනදායි විදුලි බිලක් වෙත යොමුවීම ආණ්ඩුව නොවළහා කළ යුතු අතර ඒ උදෙසා සංස්කෘතික අරමුදලේ දායකත්වය ලබා ගැනීම ද කළ හැකිය. එය එසේ නොකොට, දරාගත නොහැකි බරක් ආගමික සිද්ධස්ථාන වෙත පැටවීම පිළිබඳව අපගේ බලවත් පිළිකුල සහ අසතුට මෙන්ම විරෝධය ද පළකර සිටිමු.''

ljzdfo

 

JW

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්