විපක්ෂය විසින් ගෙන එන්නේ යැයි කියන දෝෂාභියෝගයට මුහුණ දීමට තමා සූදානම් බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල පවසයි.


තමා අභියෝගවලට බියෙන් වගකිම් අත්හැර පලායන පුද්ගලයෙක් නොවන බවද ඔහු අවධාරණය කර සිටියි.

ඔහු මේ බව පැවසුවේ ඊයේ (16)  ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කුණ්ඩසාල ආසන බල මණ්ඩල රැස්වීම අමතමිනි.

සැළසුම් සහතව සාවද්‍ය ප්‍රචාර සෞඛ්‍ය ක්ෂේත්‍රය අරභයා ගෙන යමින් තිබෙන බැවින් ඒ  සියල්ල ඔප්පු කර පෙන්වීමට තමන් සූදානම් බව  ඇමැතිවරයා අවධාරණය කළේය.

සෞඛ්‍ය ඇමැති ලෙස මේ රටේ ලක්ෂ 22 ක් වන ජනතාවගේ සෞඛ්‍ය සම්බන්ධ වගකීම ඉටු කරන්නට තමන් කැපවී සිටින  බව කි කෙහෙළිය රඹුක්වැල්ල තමන් මේ වනවිට අමාත්‍ය ධූර අටක වගකිම් දරා ඇති බව කීවේය.

විපක්ෂය ගෙනෙන දෝෂාභියෝගයට මුහුණ දීම සඳහා තම පාර්ලිමේන්තු සගයින් බලා සිටින බව කී ඇමතිවරයා, ගෝඨාභය රාජපක්ෂ ජනපති ධූරයෙන් ඉවත් වූ පසු රනිල් වික්‍රමසිංහ ඉදිරිපත් වී එම ධූරය බාර නොගත්තේ නම් අද මේ රට සිරියාවක්, ලිබියාවක් බවට පත්ව ඇතැයි ද කීවේය.

{gallery}Kehaliya{/gallery}


මේ අතර ''ගෝඨාභය දේශපාලනය නොකළේ ඇයි?'' යන සිරස්තලයෙන් යුතුව සිය ෆේස්බුක් පිටුවේ සටහනක් පළකර ඇති හිටපු ජනාධිපතිවරයාගේ උපදේශක එරන්ද ගිනිගේ, සෞඛ්‍ය ඇමතිවරයාට එරෙහිව මතුව ඇති විරෝධය සම්බන්ධයෙන් ද සඳහනක් කර ඇත. ඒ මෙසේය.

'' මේ දවස්වල ලංකාවේ ප්‍රධානම මාතෘකාවක් තමයි ඖෂධ හිඟය සහ ප්‍රමිතියෙන් තොර ඖෂධ ගෙන්වා ඇතැයි ආදී වශයෙන් ප්‍රචාරණය කරන මතය. මෙතන ඇත්තටම වෙන්නේ ඔය කියන “දේශපාලනය”. මෙතන වෙන්නේ වත්මන් සෞඛ්‍ය ඇමතිවරයාට විරුද්ධව කිසියම් පිරිසක් විසින් සංවිධානාත්මකව සැලසුම් සහගතව ක්‍රියා කිරීමක්. ඒක කොහොමද කරන්නේ?


 එහිදී පළමුවෙන් කරන්නේ ජනතාව අතර බියක් ඇති කිරීම. මිනිස්සු බය වෙන්නේ අවිනිශ්චිතතාවයට. අවිනිශ්චිතතාවය ඇති කරන්න නම් ඔවුන්ට දැනෙන දෙයක් ගැන සැක ඇති කරන්න ඕනා. ආහාර, වතුර, විදුලිය, ඉන්ධන, බෙහෙත්, අධ්‍යාපනය වගේ අත්‍යවශ්‍ය දේවල් ගැන සැක ඇති කළොත් මිනිස්සු බය වෙනවා. දැන් කරලා තියෙන්නේ ඒක. අරගලයට කලින් කළෙත් ඒක.


රෝහල්වල හැමදාම මිනිස්සු මැරෙනවා. නමුත් අපිට පුළුවන් ඒ මරණයක් හෝ මරණ කිහිපයක් හෝ යොදාගෙන ජනතාව අතර බෙහෙත් ගැන සැකයක් ඇති කරන්න. ඒක එච්චර අමාරු දෙයක් නොවෙයි. කටකතාව හදලා දුන්නම දෙරණ, සිරස, හිරු, සියත වගේ බිස්නස් විසින් ඒවා ලංකාවටම විකාශනය කරලා දෙනවා. ඊට පස්සේ යූටියුබ් විව්ස් හිඟන්නන් සහ ගොසිප් පත්තර ඒවා සමාජ මාධ්‍යයේ වෛරල් කරලා දෙනවා. මිනිස්සු බය වෙනවා.

ඒත් එක්කම ඒ බයවෙන ජනතාව වෙනුවෙන් කතා කරන්න ප්‍රසිද්ධ චරිත එනවා. ගොවි සංගම් ප්‍රධානීන්, වෘත්තීය සමිති නායකයන්, පරිසරවේදීන් වැනි අය තමයි මේකට අවස්ථාව අනුව යොදාගන්නෙ. ජවිපෙ සහ පෙසප කථිකයන් තමයි මේකට දක්ෂම සේල්ස්කාරයන්. ඔවුන් ඇවිල්ලා දවස ගානේ මාධ්‍ය ප්‍රකාශ නිකුත් කරලා මේ ප්‍රශ්නයට හේතුව "අහවලා" කියලා ලකුණු කරනවා.

දැන් ජනතාව අතරින්ම එනවා ඒ අහවලාට විරෝධයක්. ඒකට “අරගලය” කියලා නමක් දාන්නත් පුළුවන්. නිර්මාල් දේවසිරි කියනවා වගේ ඕන නම් “සාමූහික ප්‍රචණ්ඩ ක්‍රියා” කියලා සුපිරි නමක් දාන්නත් පුළුවන්. එතකොට ඒ අහවලාට සිද්ධ වෙනවා ජනතා විරෝධය හමුවේ ඉවත් වෙන්න. අන්න එතකොට එතනට එනවා අර ව්‍යාපෘතිය සංවිධානය කළ මිනිහා. එයා ඇවිල්ලා සුටුස් ගාලා පුටුවේ වාඩිවෙනවා. එතකොට ව්‍යාපෘතිය නවතිනවා. දැන් මැරෙන රෝගීන් ගැන කිසිම නිව්ස් එකක් නැහැ. ජනතාව හිතනවා වැඩේ හරි කියලා. සැකය දුරු වෙනවා. බිය නැතිවෙනවා. හැබැයි වෙනදා වගේම රෝහල්වල මිනිස්සු මැරෙනවා. ගෑස් ටැංකි පුපුරනවා. ගස් කපනවා. කුඩු ගේනවා. අපරාධ කරනවා.


 මෙන්න මේක තමයි ඔය බොහෝ දෙනා කියන දේශපාලනය. නමුත් ඕක ඇවිල්ලා නියම දේශපාලනය නෙවෙයි. මේකට බල දේශපාලනය (Power Politics), දූෂිත දේශපාලනය (Dirty Politics) වැනි විවිධ විශේෂණ තියෙනවා. මේ දේශපාලනය කරන එක පහසුයි. ඒක සෙල්ලමක්. ඒකෙන් කිසිම ගැටලුවක් විසඳෙන්නේ නැහැ. හැබැයි මේ සෙල්ලම හොඳටම කරන මිනිහට කාලයක් බලයේ ඉන්න පුළුවන්.''



සබැඳි ලිපි:

රෝගීන් හැටදාහක් විතර රෝහල්වල මැරෙනවා !

JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්