රන්ජන් රාමනායක මන්ත්‍රීවරයාගේ හඬපට පාදක කරගනිමින් ඔහුට හා එක්සත් ජාතික පක්ෂයට එරෙහිව
සමාජ මාධ්‍ය ඔස්සේ පුළුල් විවේචනයක් ඉදිරිපත් ඉදිරිපත්වෙමින් තිබියදී, මේවනවිට ඔහු විසින් ගෙනගිය 'සටන' තනි නොකරමින් ඔහුව ආරක්ෂා කර ගැනීම වෙනුවෙන්ද සමාජ මාධ්‍ය කතිකාවක් ගොඩනැගෙමින් තිබේ.
ඒ සම්බන්ධයෙන් සිය FB පිටුවේ සටහනක් තබා ඇති නිහාල් රණබාහු මෙසේ පවසයි.
''මම රංජන්ව විශ්වාස කරනවා..මුල ඉඳන් මේක සැලැස්මක්...එය මනාව ඔප්පු වෙන්නෙම කෝල් රෙකෝඩ් ඇප් එකක් බාගත කරගැනීමෙන්. එය චේතනාන්විතව කරපු ශූර උපක්‍රමයක්. දැන් බුද්ධිමත් වෙයල්ලා.
උඹලට අපිට පක්ෂ නෙවෙයි වැදගත් ..මේ සේරගේම වහගෙන ඉන්න සලුවේ හෙලුව ගොඩාක් වැදගත්...රටක සල්ලී ඒ අතරේ මුන්ගේ බැංකු පොත්වල පුරවගෙන ඉන්නේ.
හිතපල්ලා, රංජා මේ හැප්පෙන්නේ තනිවෙලා..රංජා කරපු එකම වරද රටට ඇත්ත හොයලා දීපූ එක කියලා හිතනවා නම් ඒ පස්සේ එකාමෙන් හිටගමු. ඒ ඇත්ත එලියට ගමු. මේ හැප්පෙන්නෙ ජීවිත තර්ජන නොතකා ඒ මනුස්සයගේ ඇත්ත කියන ප්‍රබල ගුණාංගයමයි.
ඒක නිසා ඇත්ත කියන මේ මිනිහා තනිකරන්ඩ එපා. වටවෙයල්ලා ඇත්ත එක්ක. මේ ඇත්ත වහගන්ඩ පොරකනවා ගොඩාක්..''
එජාපයත් දෙකට බෙදේ : සජිත්වාදීහු රන්ජන් වෙනුවෙන් ....
මේ අතර සති අග 'අනිද්දා' පුවත්පත වාර්තා කර ඇත්තේ, රන්ජන් ගැන තීන්දුවකට එජාපය දෙකට බෙදී ඇති බවයි.
''රන්ජන් ගැන තීන්දුවකට එජාපය දෙකට බෙදෙයි'' යන ප්‍රධාන සිරස් තලයෙන් යුතුව මාධ්‍යවේදී මංජු කස්තුරිආරච්චි විසින් සපයා ඇති එම පුවත් වාර්තාව පහත පළවේ.
''හඬපට සිදුවීම නිසා පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායකගේ පක්ෂ සාමාජිකත්වය වහාම අහෝසිකළ යුතු බව සහ එසේ නොකළ යුතු බව කියන දෙපිරිසක් එක්සත් ජාතික පක්ෂය තුළ නිර්මාණය වී ඇති අතර එම කරුණ සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂය තුළ බෙදීමක් ඇතැයි වාර්තා වේ.
එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් අකිල විරාජ් කාරියවසම් ඇතුළු පිරිසක් රන්ජන් රාමනායකගේ පක්ෂ සාමාජිකත්වය වහාම අත්හිටුවිය යුතු බව ප්‍රකාශ කරන බව දැන ගන්නට ලැබේ.
ඒ අතර විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පාර්ශ්වයේ බොහෝ දෙනෙකු රන්ජන් රාමනායකගේ පක්ෂ සාමාජිකත්වය වහාම අත්හිටුවීමට විරුද්ධව අදහස් දක්වා ඇත.
එජාප මහලේකම් අකිල විරාජ් කාරියවසම්, රන්ජන් රාමනායකගේ සිදුවීම සම්බන්ධයෙන් මාධ්‍යයට අදහස් දක්වමින් සඳහන් කර තිබුණේ ඒ පිළිබඳව අවසන් තීන්දුවක් එජාපය විසින් ජනවාරි 09 වෙනදා ගන්නා බවයි.
ඊයේ (ජනවාරි 09) සවස එජාපයේ ඉදිරි දේශපාලන කටයුතු සම්බන්ධයෙන් තීන්දු ගැනීම සඳහා සිරිකොත එජාප මුලස්ථානයේදී සාකච්ඡාවක් පැවති නමුත් රන්ජන් මන්ත්‍රීවරයා සම්බන්ධයෙන් නිශ්චිත තීන්දුවක් ගෙන නොමැත.
සබැඳි පුවත් :
රන්ජන් රෙකෝඩ්ස් : හඬපට සැන්ඩි කිරීමට මංගල මෙහෙයුමක් !- ඇමති බිරින්දෑවරුන් ගණනාවක හඬපටත් එලියට!!
රන්ජන් රෙකෝඩ්ස් : 'රන්ජන් අතින් සිදුවී තිබෙන්නෙ අයිතිහාසික කාර්‍යය බාරයක්' -වික්ටර් අයිවන්
රන්ජන් රෙකෝඩ්ස් : රන්ජා, ප්‍රභූ කතුන් රැසක් සමගත් 'ෆෝන් සෙක්ස්' කරලා !
රන්ජාගේ හඬපට අතුරු කතා: ඊවාට ගෙදරට එන්න කියලා මහින්ද කිව්වා මතක ද?
රන්ජන් රෙකෝඩ්ස් : රන්ජා, ප්‍රභූ කතුන් රැසක් සමගත් 'ෆෝන් සෙක්ස්' කරලා !
රන්ජන් රෙකෝඩ්ස් : 'බැලුබැල්මට ශානි කරපු වරදක් නැහැ' - කලම්බු ටෙලිග්‍රාෆ් කර්තෘ
රන්ජන් රෙකෝඩ්ස් : එජාපයෙන් විනය ක්‍රියාමාර්ග එද්දී රන්ජා උසාවියේදී කියපු කතාව !
රන්ජන් හා විනිසුරුවරිය අතර හඬපටය ගැන දුර්මත ? (VIDEO)
රන්ජාගේ හඬපට: මහින්දානන්ද "ඝාතන සැලසුමක්" ගැන මැතිසබේ වාද
රන්ජාගේ හඬපට: රනිලුත් කපෝති! - මහින්දානන්දට 'ෂුට්' කරන්න උපදෙස් දීලා !! (VIDEO)
රන්ජාගේ හඬපට : ''මෑත කාලීන දේශපාලනයේ වඩාත්ම අනුරාගික වාක්‍යය'' -Mahesh Hapugoda
රන්ජාගේ හඬපට: අධිකරණයේ කන්‍යා පටලයට කෙළ වී තිබේ! - ''මට නම් මාර ආතල්'' -සිරිමල් විජේසිංහ