රන්ජන් රාමනායක මන්ත්‍රීවරයා විසින් පටිගත කරගන්නා ලද දුරකථන ඇමතුම් 'රන්ජන් රෙකෝඩ්ස්'

ලෙස සමාජගත වෙමින් තිබිය දී සියලු දෙනාගේ අවධානය ඊළඟ එක කා එක්ක ද යන්න යි. මේ අතර ආණ්ඩුව තමන්ගේ ආර්ථික කළමනාකරණ හැකියාව මොනවට ප්‍රදර්ශනය කරමින් ගත්තු තීන්දු තීරණ පිළිබඳව ද යටිපෙළේ කතාබහක් මතු වෙමින් පවතී. ඒ අතර,

 

1. ගැබිණි මව්වරුන්ගේ පෝෂණ මල්ල අත්හිටුවයි

ගැබිනි මව්වරුන් සඳහා පසුගිය ආණ්ඩුව විසින් ලබාදුන් මාසික පෝෂණ මල්ල නිකුත් කිරීම නැවත දැනුම්දෙන තුරු අත්හිටුවීමට දන්වා ඇති බව කෝප්සිටි කළමනාකරුවන් සඳහන් කරයි.

මේ සම්බන්ධව ඇතැම් කෝප්සිටි වෙළෙඳසැල්වල දැන්වීමක්ද පළකර තිබෙණු දක්නට ලැබිණ.

ඒ සම්බන්ධව විමසීමේදී ඔවුන් සඳහන් කර සිටියේ තමන්ට රජයෙන් ලැබුණු උපදෙස් මත මෙසේ කටයුතු කරන බවත් නැවත පෝෂණ මල්ල සඳහා භාණ්ඩ නිකුත්කරන දිනයක් සඳහන් කිරීමට නොහැකි බවත්ය.

 

2. පාසල් නිල ඇඳුම් වව්චරයත් අඩු කරලා

2020 වසර වෙනුවෙන් රජයේ සියලු පාසල් සහ පිරිවෙන් සිසුන් වෙත නිල ඇඳුම් තිළිණපත් බෙදාහැරීමේ කටයුතු මේ වනවිට අවසන් කර ඇත.

කෙසේ නමුත් පාසල් සිසුන් සඳහා නොමිලේ නිකුත්කරන නිල ඇඳුම් සඳහා වන වව්චරයත් කප්පාදු කර ඇති බවට සමාජ මාධ්‍ය ජාල තුළ ප්‍රචාරය වෙමින් පවතී.

ඊට අනූව රුපියල් 1000.00 ක් වූ නිල ඇඳුම් වව්චරය රුපියල් පන්සිය ගණනක් දක්වා අඩුකර ඇත.

දින කිහිපයක සිට මේ සම්බන්ධව විවේචන පැතිර යන නමුත් ආණ්ඩුවේ පාර්ශවයෙන් ඊට පැහැදිලි ප්‍රතිචාරක් නිකුත්කර නැත.

  Vavture

 

 
3. රාජ්‍ය නිලධාරීන්ගේ දීමනා කප්පාදුව

රාජ්‍ය නිලධාරීන්ගේ දීමනා කපා දැමීමට අදාළව පොදුජන පෙරමුණ ආණ්ඩුවේ කැබිනට් මණ්ඩල තීන්දු කර තිබේ. ඒ අංක 18/2015(III)  දරණ රාජ්‍ය පරිපාලන චක්‍ර ලේඛනය මගින් 2019.12.07 දින රාජ්‍ය සේවයේ විධායක සේවා ගණයේ නිලධරයන්ට විශේෂ විශේෂ දීමනාවක් ලබාදීමට පසුගිය ආණ්ඩුව ගත් තීන්දුවට එරෙහිවය. මෙම දීමනා කප්පාදුව සම්බන්ධයෙන් රජයේ නිවේදනයක් නිකුත් කොට තිබිණි. එය මෙසේය.

  No photo description available.

Image may contain: text

මේ සම්බන්ධව විශේෂ පැහැදිලි කිරීමක් හිටපු ආණ්ඩුකාර රජිත් කීර්ති තෙන්නකෝන් සිදුකර ඇත. රාජ්‍ය නිලධාරීන්ගේ දීමනා කපා දැමීම - රාජ්‍ය සේවකයින්ට සිදුවන සෘජු බලපෑම කුමක්ද? යන මැයෙන් නිවේදනයක් නිකුත්කරමින් ඔහු මේ බව සදහන් කරයි.

අදාල නිවේදනය මෙසේය.

2019 ජනවාරි 07 දින නිකුත් කර ඇති රාජ්‍ය පරිපාලන චක ලේඛන අංක 18/2015(IV) මගින් පළමු ශ්‍රේණියේ විධායක නිලධාරියෙකුට රු. 5000 ක ද, වසර 6 කට වැඩි සේවා කාලයක් සහිත දෙවන හා තුන්වන ශ්‍රේණ්යේ නිලධාරියෙකුට රු. 10,000 ක ශුද්ධ පාඩුවක් ද මෙම චක්‍ර ලේඛනය නිසා සිදුවේ. වසර 06 ට අඩු සේවා කාලයක් සහිත විධායක නිලධාරීන්ට රු. 12,000 ට වැඩි මුල්‍යමය පාඩුවකි. විශේෂ ශ්‍රේණියේ විධායක නිලධාරියෙකුට ශුද්ධ මුල්‍යමය පාඩුවක් නැත.

මෙම දීමනා කප්පාදු කොට ඇති නිලධාරීන් වන්නේ පරිපාලන සේවය, අධ්‍යාපන පරිපාලන සේවය, ගණකාධිකාරි සේවය, ක්‍රම සම්පාදන සේවය, විද්‍යාත්මක සේවය, කෘෂිකාර්මික සේවය යි.

ශ්‍රී ලංකා පරිපාලන සේවයේ නිලධාරීන් 2200 කට මෙම දීමනා කප්පාදුව බලපානු ඇත. අධ්‍යාපන පරිපාලන සේවයේ සියළුම නිලධාරීන්ට මෙම තත්වය බලපානු ලබයි. ක්‍රම සම්පාදන සේවයේ 800 කට පමණ ද, ගණකාධිකාරි සේවයේ 1600 කට ද, අධ්‍යාපන පරිපාලන සේවයේ 2697 කට ද, ‘අතට ලැබෙන මුදල‘ මෙම චක්‍රලේඛනය නිසා අහිමි වේ. අධ්‍යාපන පරිපාලන සේවයේ 238 දෙනෙකුට රු. 5000 බැගින් ද, 2449 දෙනෙකුට රු. 10,000 බැගින් ද වන මුදලක් අහිමි වේ.

රජයේ විදයම් පාලනය කිරීම සදහා නිලධාරීන්ගේ දීමනා පමණක් කපා දැමීම කිසි ලෙසකින් හෝ යුක්ති සහගත නොවේ. රාජ්‍ය නිලධාරීන් තනතුරු ලබා ගැනීම සදහා මේ දිනවල දේශපාලනඥයින් පසුපස වැටී ඇති බැවින් මෙම දීමනා කප්පාදුවට එරෙහිව නිලධාරීන්ගේ වෘත්තීය සමිති මට්ටමින් විරෝධයක් මේ දක්වාම එල්ලවී නොමැත.

මීට අමතරව එදිනෙදා බඩු මිල සම්බන්ධයෙන් කිසිදු අවධානයක් නොමැති තත්ත්වයක් තුළ ඉහළ මිල ගණන් ක්‍රමයෙන් සමාජයේ සාමාන්‍ය කරණයට ලක්වෙමින් ඇත.

(උපුටා ගැනීම් - lankaznews.com)

රන්ජන් රාමනායක මන්ත්‍රීවරයාගේ හඬපට ආණ්ඩුව විසින් මාධ්‍යය හරහා ප්‍රචාරය කරමින් ජනතාව සැබැ ප්‍රශ්න වෙනතක යොමුකර තිබීම කාටුන් ශිල්පීන් දෙදෙනෙකු සමාජ මාධ්‍යය හරහා ප්‍රකාශයට පත්කර ඇත්තේ මෙසේය.


  5 5

 

 

 

 

 

 

 

 

 

 

 

55 5 

ඒ අතර රන්ජන්ගේ හඬපට ප්‍රචාරය කරමින් ආණ්ඩුව ලබාගත් වාසිය ජනප්‍රිය සමාජ මාධ්‍ය වැඩසටහනක් වූ SL VLOG හි විවේචනයට ලක්ව ඇත්තේ මෙසේය.

සබැඳි පුවත් :

රන්ජන් රෙකෝඩ්ස් : ''මේ මිනිහා තනිකරන්ඩ එපා. වටවෙයල්ලා ඇත්ත එක්ක''

රන්ජන් රෙකෝඩ්ස් : හඬපට සැන්ඩි කිරීමට මංගල මෙහෙයුමක් !- ඇමති බිරින්දෑවරුන් ගණනාවක හඬපටත් එලියට!!

රන්ජන් රෙකෝඩ්ස් : 'රන්ජන් අතින් සිදුවී තිබෙන්නෙ අයිතිහාසික කාර්‍යය බාරයක්' -වික්ටර් අයිවන්

රන්ජන් රෙකෝඩ්ස් : රන්ජා, ප්‍රභූ කතුන් රැසක් සමගත් 'ෆෝන් සෙක්ස්' කරලා !

රන්ජාගේ හඬපට අතුරු කතා: ඊවාට ගෙදරට එන්න කියලා මහින්ද කිව්වා මතක ද? 

රන්ජන් රෙකෝඩ්ස් : රන්ජා, ප්‍රභූ කතුන් රැසක් සමගත් 'ෆෝන් සෙක්ස්' කරලා !

රන්ජන් රෙකෝඩ්ස් : 'බැලුබැල්මට ශානි කරපු වරදක් නැහැ' - කලම්බු ටෙලිග්‍රාෆ් කර්තෘ

රන්ජන් රෙකෝඩ්ස් : එජාපයෙන් විනය ක්‍රියාමාර්ග එද්දී රන්ජා උසාවියේදී කියපු කතාව  !

රන්ජන් හා විනිසුරුවරිය අතර හඬපටය ගැන දුර්මත ? (VIDEO)

රන්ජාගේ හඬපට: මහින්දානන්ද "ඝාතන සැලසුමක්" ගැන මැතිසබේ වාද

රන්ජාගේ හඬපට: රනිලුත් කපෝති! - මහින්දානන්දට 'ෂුට්' කරන්න උපදෙස් දීලා !! (VIDEO)

රන්ජාගේ හඬපට : ''පවත්නා ක්‍රමය රැකගැනීමට ඇපකැප වූවන් නොවන අපට සතුටු විය හැකි ය.''  - අජිත් පැරකුම් ජයසිංහ

රන්ජාගේ හඬපට : ''මෑත කාලීන දේශපාලනයේ වඩාත්ම අනුරාගික වාක්‍යය''  -Mahesh Hapugoda

රන්ජාගේ හඬපට: අධිකරණයේ කන්‍යා පටලයට කෙළ වී තිබේ! - ''මට නම් මාර ආතල්'' -සිරිමල් විජේසිංහ

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්