leader s

නාවික හමුදා මුරපොළක් අලුතින් ඉදිකිරීම සඳහා දෙමළ ජනයාට අයත් පෞද්ගලික භූමියක් අත්පත් කරගැනීමට දැරූ තවත් උත්සාහයක් දෙමළ දේශපාලනඥයන්ගේ සහ ඉඩම් හිමියන්ගේ විරෝධය හමුවේ අසාර්ථක වී

තිබේ.

වඩමාරච්චි නැගෙනහිර ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ කට්ටෙයිකාඩු ගම්මානයේ පුද්ගලයෙකුට අයත් පරප්පු 14 ක භුමියකින් පරප්පු එක හමාරක් නාවික හමුදා මුරපොළක් අලුතින් ඉදිකිරීම වෙනුවෙන් මැන වෙන් කිරීම ජුලි 25 සදුදා මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පැමිණ සිටි බව උතුරේ වාර්තාකරුවෝ පවසති.

පැමිණ සිටි මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට ප්‍රදේශයේ දේශපාලනඥයන්ගේ සහ ඉඩම් හිමියන්ගේ බලවත් විරෝධය හමුවේ මැනීම් කටයුතු සිදු නොකරම ආපසු හැරී යන්නට සිදුව තිබේ.

දෙමළ ජාතික ජනතා පෙරමුණේ (TNPF) නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද්‍ර කුමාර් පොන්නම්බලම් හා දෙමළ ජාතික ජනතා පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී සෙල්වරාජා ගජේන්ද්‍රන් ඒ අතර වු බව පළාත් බද වාර්තාකරුවෝ වැඩි දුරටත් පවසති.

නාවික හමුදා මුරපොල ඉදිකිරීම සඳහා සිය ඉඩම් ලබා දීම ප්‍රතික්ෂේප කරන ඉඩම් හිමියා ඒ බව ලිඛිතවම මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ නිලධාරියාට දැනුම්දීමට කටයුතු කර ඇත.

දෙමළ ජනයාට අයත් පෞද්ගලික ඉඩම් නාවික හමුදා කදවුරු පුළුල් කර ගැනිම සදහා බලහත්කාරයෙන් අත්පත්කරගැනීමේ උත්සාහයන් රැසක්ම පසුගිය සමයේ ක්‍රියාත්මක වු ආකාරය උතුරෙන් වාර්තා වී තිබුණි.

 

N 2

N 3

 

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්