උසස් අධ්‍යාපනයට පෞද්ගලික අංශයේ දායකත්වය ලබාගන්නා විට අධ්‍යාපනය විකුණනවා යැයි බොළඳ කතා කියන පාර්ශවයන් තවමත් අප රටේ සිටිනා

බව සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී ඉරාන් වික්‍රමරත්න පවසයි.

ඔහු එබව කියා සිටියේ, කොළඹ විපක්ෂ නායක කාර්යාලයේ ඊයේ පැවති මාධ්‍ය හමුවේදීය.

එහිදී මන්ත්‍රීවරයා මෙසේද පැවසිය.

'' රටක ආර්ථික වර්ධනයට අධ්‍යාපනය ඉතා වැදගත් වනවා. එහෙත් සීමිත සම්පත් ඇති අපේ රටේ අධ්‍යාපනයට පෞද්ගලික අංශයේ දායකත්වයට අවසර දෙන විට අධ්‍යාපනය විකුණනවා යැයි බොළඳ කතා කියන පාර්ශ්වයන් තවමත් මේ රටේ සිටිනවා.

අධ්‍යාපනය ලැබූ පුද්ගලයෙකුගේ ආදායම වැඩි කර ගත හැකි වනවා සේම, පෞරුෂත්වය ද දියුණු කර ගැනීමට ඉවහල් වනවා.

 

'' අධ්‍යාපන හා උසස් අධ්‍යායාපන අවස්ථා සෑම දරුවකුටම දීමට රජයන්ම වග බලා ගත යුතුයි. මෙරට මානව සම්පත් සංවර්ධනයට අවශ්‍ය අධ්‍යපන ක්‍රමය දියුණු නොවීමට ප්‍රධාන හේතුව නිදහස් අධ්‍යාපන සංකල්පය යනු අධ්‍යාපනය රජයෙන්ම නොමිලයේ සැපිය යුතු යනුවෙන් අදහස් දැක්වීමයි. මේ නිසා උසස් අධ්‍යාපනයේ අවස්ථා කොටසකට පමණක් සීමා වෙනවා.  40,000 පමණ සිසුන් විශ්ව විද්‍යාල ප්‍රවේශය ලබන විට 150,000 කට පමණ එම අවස්ථාව අහිමි වෙනවා. රජයන් අවධානය යොමු වන්නේ විශ්වවිද්යාල යන එම 40,000 ගැන පමණයි.''

 

ලංකාවේ අධ්‍යාපනයේ සැපයුම්කරු රජය පමණක් විය යුතුයි යන මතයේ එල්බගෙන සිටින පාර්ශ්වයන් ද සිටිනවා.  කලාපයේ තිබෙන සියලු රටවල පාහේ පෞද්ගලික විශ්ව විද්‍යාල බොහොමයක් තිබෙනවා. අපේ සිසුන් ද ඒවායේ අධ්‍යාපනය ලබනවා. පාර්ලිමේන්තුවේ 225 න් බොහෝ මන්ත්‍රීවරුන්ගේ දරුවන් ද තම දරුවන්ව විදේශ විශ්ව විද්‍යාලවලට යොමු කරනවා. වාමංශික අයද දරුවන්ව යවන්නේ පිට රට අධ්‍යාපනයටය. මන්ත්‍රීවරුන් වන ජනතා නියෝජිතයන් තම දරුවන් ගැන පමණක් නොව සියලු දරුවන්ගේ අවස්ථා පිළිබඳව සිතා බැලිය යුතුයි.  

ලංකාවේ අධ්‍යාපනයේ සැපයුම්කරුවන් රජයේ හෝ රජයේ නොවන පාර්ශව හෝ පෞද්ගලික අංශය හෝ වේවා, ලාභ අපේක්ෂා නොකරන අධ්‍යාපන ක්ෂේත්‍රයේ ආයෝජනය කරන්නන් හට ද අධ්‍යාපනයට දායකත්වය දීමට අවස්ථා ලබා දිය යුතුයි. ''

 

සමගි ජන බලවේග ඒ සඳහා වැඩ පිළිවෙලක් හඳුනාගෙන ඇති බවත්, උසස් අධ්‍යාපන වරම් සඳහා සිසුන් වෙත මුදල් සෘජුව ආයෝජනය කිරීමටත් තීරණය කර ඇතයි පැවසූ ඉරාන් වික්‍රමරත්න මන්ත්‍රීවරයා, එවිට ඔවුන්ට තමන්ට අවශ්‍ය ක්ෂේත්‍රයේ උසස් අධ්‍යාපනය හදාරන්නට වරම් ලැබෙනවා යැයි කීය. උසස් අධ්‍යාපනයට පෞද්ගලික අංශයේ දායකත්වයට අවස්ථාව දුන් විට අධ්‍යාපන ක්ෂේත්‍රයට විදේශ ආයෝජන මෙන්ම ජාත්‍යන්තරව පිළිගත් විශ්ව විද්‍යාලවල සහභාගිත්වයද ලබාගත හැකි වෙනවා යයි ද ඔහු පැවසිය.

 

ඉරාන් වික්‍රමරත්න මන්ත්‍රීවරයා තවදුරටත් මෙසේද පැවසිය.

''ජාතික ජන බලවේගයේ මන්ත්‍රීනි පමණක් එම වාර්ථාවට අත්සන් කිරීමෙන් වැළැකී සිටියා.''

'' පසුගිය වසර තිහක් තිස්සේ මේ අවස්ථා සියල්ල මෙරට සිසුන්ට අහිමි කරනු ලැබුවා. ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපන අවස්ථා පුළුල් කිරීම සඳහා අවශ්‍ය නිර්දේශ ඉදිරිපත් කිරීමට පත් කරන ලද පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවට සියලු පක්ෂ සහභාගි වූයේ එනිසයි. එහි වාර්තාව දැන් එළිදක්වා තිබෙනවා. අවාසනාවකට මෙන් එහි සාමාජිකාවක් වූ ජාතික ජන බලවේගයේ මන්ත්‍රීනි පමණක් එම වාර්ථාවට අත්සන් කිරීමෙන් වැළැකී සිටියා.

උසස් අධ්‍යාපන අවස්ථා පුළුල් කිරීම පිළිබඳ මේ කාරක සභාව දැන් වාර්තාවක් එළි දක්වා තිබෙන්නේ උසස් අධ්‍යාපනය සඳහා පෞද්ගලික අංශයටත් දායකත්වයක් ලබාදීමට අවස්ථාවක් ලබා දීම නිර්දේශ කරමින්.

 

මේ රටේ දේශපාලනයේ නිරත සුළු කොටසක් මෙසේ පෞද්ගලික දායකත්වය උසස් අධ්‍යාපනයට ලබා ගන්නා සෑම අවස්ථාවකදීම අධ්‍යාපනය විකුණනවා යැයි බොළඳ කතා කියමින් ජනතාවට ලැබීමට තිබුණු මහඟු අවස්ථාව ව්‍යර්ථ කළා. ධනපතියන්ට මෙම සීමාවන් වලින් කිසිදු බාධකයන් නැ.. ඔවුන්ගේ දරුවන් පිටරට විශ්වවිද්‍යාල වල  අධ්‍යාපනය සඳහා යොමු කරනවා. පාර්ලිමේන්තුවේ 225 ගතහොත් ඔවුන්ගෙන් බහුතරයකගේ ම දරුවන් විශ්ව විද්‍යාල අධ්‍යාපනය   ලබන්නේ පිටරටවල බව ජනතාව තේරුම් ගත යුතුයි. වාමාංශික පක්ෂවල මන්ත්‍රීවරුන්ගේ දරුවන්ද මේ අවස්ථාවෙන් ප්‍රයෝජනය ගන්නවා. එහෙත් ඔවුන්ගේ අනුගාමිකයන්ට දෙන්නේ වෙනත් පණිවිඩයක්.. ජනතාව විශේෂයෙන් තරුණ පරපුර මෙය තේරුම් ගත යුතු යැයි ඉරාන් මන්ත්‍රීවරයා අවධාරණය කළේය.

 

'' මේ රටේ දරුවන්ට සිසුන්ට උසස් අධ්‍යාපන අවස්ථා වැඩි කිරීමයි මෙම කමිටුවේ වාර්තාව ප්‍රධාන අරමුණ. රජයක් වශයෙන් මානව සම්පත් සංවර්ධනයට විශාල ආයෝජනය කළ යුතු යැයි සමගි ජන බලවේගය විශ්වාස කරනවා. 1960 දශකයේ දී මානව සම්පත වෙනුවෙන් දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට හතරක් හෝ පහක් වැනි විශාල මුදලක් අධ්‍යාපනය හා මානව සම්පත වෙනුවෙන් ආයෝජනය කර තිබුනා. අවාසනාවකට එම ප්‍රමාණය දැන් 1.5 දක්වා අඩු වී තියනවා.මානව සම්පත වෙනුවෙන් කරන 1.5 ක ආයෝජනය  3 % දක්වා සමගි ජන බලවේගය රජයකින් ඉහළ නංවනවා.

මේ රට සංවර්ධනය කරා ඉදිරියට ගෙන යන්නට නම් කළ යුතු වැදගත්ම දෙය මානව සම්පත වෙනුවෙන් කරනු ලබන ආයෝජන වැඩි කිරීමයි. සමගි ජන බලවේගයට මේ සඳහා වැඩපිළිවෙළක් තිබෙනවා. ඒ පිළිබඳව සාකච්ඡා කොට විද්වත් හා ප්‍රවීණයන්ගේ අදහස් ලබාගෙන රට සංවර්ධනය කිරීමට අත්‍යවශ්‍ය වූ මානව සම්පත් සංවර්ධනයට මුල්තැන දීමට සමගි ජන බලවේගය තීරණය ගෙන ඇතැයි  ඉරාන් මන්ත්‍රීවරයා අවධාරණය කළේය.




සබැඳි ලිපි :

ගමන ආරම්භ කළ යුත්තේ ඔබ විසින් ම ය...- (ආචාර්ය මහේෂ් හපුගොඩ)

විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසම ඉවරයි ද? - (ආචාර්ය මහේෂ් හපුගොඩ)

විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසම අහෝසි කෙරේ !

කෘත්‍රීම බුද්ධිය සමග ගැටෙන්නට සුදානම් වෙමු - අධ්‍යාපන ඇමති

සර්ලා මැඩම්ලා කකුල් දෙකෙන් වහලේ එල්ලන කාලයකුත් එයි ද?- (අජිත් පැරකුම් ජයසිංහ)

අධ්‍යාපනයට විතරක් බැහැ මිනිස්සු වෙනස් කරන්න - (ආචාර්ය මහේෂ් හපුගොඩ)

අධ්‍යාපන ප්‍රතිසංස්කරණය : 'පිස්තෝලේ තිබ්බනම් වැඩේ වෙනවා'- දීප්ති කියයි (වීඩියෝ)

අධ්‍යාපනය කියන්නේ දැනුම වගේම කුසලතා වලත් එකතුවක් - (ආචාර්ය මහේෂ් හපුගොඩ)




JW


worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්