රටපුරා රෝහල්වල පවතින ඖෂධ හිඟය මඟහැවිම සඳහා හදිසි මිලදී ගැනීම් යටතේ

ඖෂධවර්ග 160ක් පමණ මිලදී ගැනීමට සෞඛ්‍ය අමාත්‍යංශය තීරණය කර තිබේ.

ඖෂධ ආනයනය කිරීමට මාස 6ක පමණ කාලයක් ගතවන හෙයින් ඒවා හදිසි මිලදී ගැනීම් යටතේ ලබා ගැනීමට තීන්දු කළ බව ද සෞඛ්‍ය අමාත්‍යංශයේ අතිරේක ලේකම් වෛද්‍ය සමන් රත්නායක කීය.

පිළිකා සඳහා අවශ්‍ය ඖෂධ වර්ග 65ක් මේ වනවිටත් අනවුම් කර තිබෙන බව ද කී අතිරේක ලේකම්වරයා,  මාස දෙකක පමණ කාලයකදී ඖෂධ හිඟය මඟහැරී යනු ඇතැයි ද පැවැසීය.

ඖෂධ වර්ග 350කට ආසන්න ප්‍රමාණයක් දේශීය නිෂ්පාදකයන්ගෙන් ලබා ගන්නා අතර තවත් ඖෂධවර්ග 100ක ප්‍රමාණයක් දේශීය නිෂ්පාදකයන්ගෙන් මිලදි ගැනීමට නියමිත බව ද අතිරේක ලේකම් වෛද්‍ය සමන් රත්නායක වැඩිදුරටත් කීය.

රෝහල්වල ඖෂධ හිඟයක් ඇතිකර, හදිසි මිලදී ගැනීම් යටතේ සාමාන්‍ය මිලට වඩා ඇතැම්විට සියගුනයකින් පමණ වැඩිමිලට ඖෂධ මිලදී ගැනීමේ මාෆියාවක් ක්‍රියාත්මක වනබවට ඇතැම් සෞඛ්‍ය වෘත්තීය සමිති චෝදනා කරති.

හදිසි මිලදී ගැනීම්වලදී වකුගඩු සැත්කම් සඳහා අවශ්‍ය ලක්ෂ දෙකේ වෑල් එක ලක්ෂ 20 ට හෝ 30 ට මිලදීගන්න සිදුවන බව පවසන වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ, පෞද්ගලික අංශයේ සමහරු මේ වන විටත් ඒවා ගෙනත් ගබඩා කර තිබිය හැකි බව ද සඳහන් කරයි.


සබැඳි පුවත් :

වකුගඩු සැත්කම් අත්හිටුවීමේ අවදානමක් !

 

JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්