leader s

බැංකු පොළී අනුපාතය වැඩි කිරීමට එරෙහිව තැපැල් වෘත්තීය සමිති පැවත්වූ විරෝධතාවය අතරතුරදී පොලිසිය විසින් මාධ්‍යවේදී තරිදු උඩුවරගෙදර

අත්අඩංගුවට ගෙන ඇත.

මෙම විරෝධතා පාගමන විසුරුවා හැරීම සඳහා පොලීසිය බොරැල්ල වනාතමුල්ල ප්‍රදේශයේදී ජල හා කඳුළු ගෑස් ප්‍රහාරයක්ද එල්ල කළේය.

කම්කරු අරගල මධ්‍යස්ථානය විසින් මෙම විරෝධතා පාගමන සංවිධානය කර තිබිණ.



වසන්ත මුදලිගේට ඇප

මේ අතර වරෙන්තුවකට අදාලව කුරුදුවත්ත පොලිසිය අත්අඩංගුවට ගත් අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ හිටපු කැඳවුම්කරු වසන්ත මුදලිගේ රුපියල් ලක්ෂයක ශරීර ඇපයක් මත මුදාහැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් අද ( 28) නියෝග කළේය.

ඉකුත් 2020 වසරේ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව ඉදිරිපිට පැවැති උද්ඝෝෂණ ව්‍යාපාරයකදී අධිකරණ නියෝග කඩ කරමින් මහජන පීඩා ඇති කළේ ඇයි කියන සිද්ධියකට අදාළව අධිකරණයේ පෙනී නොසිටීම හේතුවෙන් වසන්ත මුදලිගේ ට වරෙන්තු නිකුත් වී තිබුණි.

ඒ අනුව ඊයේ (27) පස්වරුවේ කුරුදුවත්ත පොලීසිය වසන්ත මුදලිගේ අත්අඩංගුවට ගෙන අද (28) අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදී ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා පෙර ඇප මත එලෙස මුදාහැරීය.

දුමින්ද නාගමුව ඇතුළු 11 කට අධිකරණ ආඥාවක්

කොළඹ ස්ථාන කිහිපයකට ඇතුළුවී උද්ඝෝෂණ සහ පෙළපාලි සිදුකිරීම තහනම් කරමින් දුමින්ද නාගමුව ඇතුළු පිරිසකට අධිකරණ ආඥාවක් නිකුත් කර තිබේ.

පොලීසිය දැනුම්දෙන්නේ මෙම ආඥාව කඩකිරීම ලංකා දණ්ඩ නීති සංග්‍රහයේ ප්‍රතිපාදන ප්‍රකාරව දඬුවම් ලැබිය හැකි වරදක් බවය.

 



1sasa


JW

 

AER 2026 Leaflet 4 1 1
web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්