leader s

වසර 2024 නව පාසල් වාරය පෙබරවාරි 21 ආරම්භ කරන බවත්, 2024 වසරට නියමිත පාසල් විභාග තුනම එම වසරේදීම පැවැත්වෙන බවත් අධ්‍යාපන ඇමැති සුසිල් ප්‍රේමජයන්ත් පවසයි.


මෙසේ පාසල් විභාග යළිත් සුපුරුදු පරිදි අදාළ වසරේදීම පැවැත්වීමට අධ්‍යාපන අමාත්‍යාංශය හා විභාග දෙපාර්තමේන්තුව කටයුතු කළේ කොවිඩ් 19න් අනතුරුවය. කොවිඩ් 19න් පසුව මේ දක්වා සියලු පාසල් විභාග නියමිත දිනට වඩා කල්ගත විය.

මේ පිළිබඳව වැඩිදුරටත් අදහස් දැක්වූ විභාග කොමසාරිස් ජනරාල් අමිත ජයසුන්දර සඳහන් කළේ 2024 වසරට නියමිත පාසල් විභාග තුන වන ශිෂ්‍යත්ව, සාමාන්‍ය පෙළ හා උසස් පෙළ එම වසරේදීම පවත්වා අවසන් කිරීමට කටයුතු යොදන බවයි.

ඉදිරියේදී පැවැත්වෙන විභාග පිළිබඳව අදහස් දැක්වූ විභාග කොමසාරිස් ජනරාල්වරයා සඳහන් කළේ 2023 වසරට අදාළ උසස් පෙළ විභාගය එළඹෙන නොවැම්බර් 27 සිට දෙසැම්බර් 21 දක්වාත්, ශිෂ්‍යත්ව විභාගය ඔක්තෝබර් 15 දිනත්, 2023 සාමාන්‍ය පෙළ විභාගය 2024 වසරේ මාර්තු අග පැවැත්වීමට කටයුතු යොදා ඇති බවය.

(silumina.lk)

JW

 

AER 2026 Leaflet 4 1 1
web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්