leader s

ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රොන් ප්‍රමුඛ ප්‍රංශ විදේශ අමාත්‍යවරයා සහ විදේශ කළාප පිළිබඳ රාජ්‍ය අමාත්‍යවරයා ඇතුළු දූත පිරිස මෙරටට පැමිණියහ.


සිය සාර්ථක ශ්‍රී ලංකා සංචාරය නිම කිරීමෙන් පසු ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රොන් "ශ්‍රී ලංකාව සහ ප්‍රංශය ඉන්දියන් සාගරයේ එකම අරමුණක් වන විවෘත විස්තීර්ණ සහ සමෘද්ධිමත් ඉන්දු- පැසිෆික් කලාපයක් බෙදා ගන්නා රටවල් දෙකකි: කොළඹදී අපි එය තහවුරු කළා: අපගේ 75 වසරක රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ශක්තිමත්ව, අපගේ හවුල්කාරිත්වයට නව යුගයක් විවෘත කරන්නෙමු" යනුවෙන් ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් කියා සිටියි .

ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය සම්පූර්ණ කිරීම සඳහා අවශ්‍ය සහය දැක්වීමට මෙන්ම එම කටයුතු කඩිනම් කිරීම සඳහා අනෙකුත් සියලුම හවුල්කරුවන් දිරිමත් කිරීමට පැරිස් සමාජ ලේකම් කාර්යාලයේ සහ ප්‍රංශ රජයේ උපරිම සහය ලබාදෙන බව ශ්‍රී ලංකා සංචාරය අතරතුර ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රොන් ප්‍රකාශ කළ බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

 

Emmanuel Macron 2023.07.29

JW

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්