අත්අඩංගුවට ගනු ලැබූ තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමයේ විධායක කමිටු සාමාජික තරිඳු උඩුවරගෙදර කොළඹ ජාතික රෝහලේ හදිසි අනතුරු අංශයට ඇතුළත් කර තිබේ.


වෘත්තීය සමිති සන්ධානය විසින් ඊයේ (28) පස්වරුවේ පැවැත් වූ විරෝධතාවක් අතරතුර මාධ්‍යවේදී තරිඳු උඩුවරගෙදර පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබිණි.

විරෝධතාව පැවැත්වෙන අතරතුර ත්‍රිරෝද රථයක් තුළ සිටියදී මාධ්‍යවේදී තරිඳු උඩුවරගෙදර පොලීසිය අත්අඩංගුවට ගෙන ඇත.

පොලිස් මාධ්‍ය කොට්ඨාසය පැවසුවේ, නීති විරෝධී රැස්වීමක සාමාජිකයෙකු වීම හා රජයේ නිලධාරියෙකුට සාපරාධී බලහත්කාරය පෑම යන චෝදනා මත මෙම අත්අඩංගුවට ගැනීම සිදු වූ බවයි.



වහාම පරීක්ෂණයක් සිදුකළ යුතුයි - 'සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය'


මේ අතර 'සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය' නිවේදනයක් නිකුත්කරමින් පවසන්නේ, මාධ්‍යවේදී තරිඳු උඩුවරගෙදර අත්අඩංගුවට ගෙන සිදුකර ඇති අමානුශික පහර දීම ගැන වහාම පරීක්ෂණයක් සිදුකළ යුතු බවයි.

එම සංවිධානයේ මහ ලේකම් සුනිල් ජයසේකර ගේ අත්සනින් යුතුව නිකුත්කර ඇති එම නිවේදනයේ මෙසේ ද සඳහන් වේ.

වෘත්තීය සමිති කිහිපයක් ඒකාබද්ධව සංවිධානය කර තිබූ විරෝධතාවයක් වාර්තා කරමින් සිටි මාධ්‍යවේදී තරිඳු උඩුවරගෙදර ශ්‍රී ලංකා පොලීසිය මගින් අත්අඩංගුවට ගැනීම මෙන්ම ඔහුට අමානුශික ආකාරයට පහර දීම කිසිඳු ලෙසකින් හෝ අනුමත කල නොහැකි අයුක්තිසහගත ක්‍රියාවකි. ඒ මඟින් පැහැදිළිවම ප්‍රදර්ශනය කර ඇත්තේ අදහස් පළකිරීමේ අයිතියට රටේ ඇතැම් පාර්ශවයන් දක්වන නිගරුවයි.

ජනතාවගේ අදහස් පළකිරීමේ අයිතියට තර්ජනය කරමින් හා සිය බලය අත්තනෝමතික ලෙස යොදාගනිමින් මාධ්‍යවේදියෙකුට සිදුකර ඇති මෙම අමානුශික පහරදීම පිළිබඳව රටේ වගකිවයුතු පාර්ශව නොපමාවම අවධානය යොමු කල යුතු ය. එමෙන්ම ඊට අදාළ වගකිවයුත්තන්ට එරෙහිව නීත්‍යානුකූල ලෙස පියවර ගත යුතුව ඇති බව ද  අපගේ ස්ථාවරයයි.

මෙවැනි සිදුවීම් අප රට තුළ සිදු නොවන ආකාරයට අවශ්‍ය මගපෙන්වීම් රටේ ප්‍රමුඛ ආයතන මගින් සිදුකර තිබියදීත්, අදාළ පාර්ශව ඒවා නොතකා හැර තිබීම කණගාටුදායකය. විශේෂයෙන්ම මහජන විරෝධතා හමුවේ කටයුතු කල යුතුව ඇති ආකාරය ගැන ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව පොලීසියට පැහැදිලි මාර්ගෝපදේශ ලබා දී තිබියදීත් මෙවැනි තත්වයන් ඇතිවීම පිළිබඳව පොලිස්පතිවරයා සිය අවධානය යොමුකල යුතුව තිබේ.

ඒ අනුව අප ඉතාමත් ඔනෑකමකින් යුතුව වගකිවයුතු පාර්ශවයන්ගෙන් ඉල්ලා සිටින්නේ මෙම සිදුවීම ගැන නොපමාවම පරීක්ෂණයක් සිදුකරන ලෙසය. එමෙන්ම මෙවැනි සිදුවීම් නැවැත සිදු නොවන ආකාරයට අවශ්‍ය පියවර ගන්නා ලෙසටය.''


සබැඳි පුවත් :
තරිඳු උඩුවරගෙදර බැලීමට විපක්ෂ නායක රාත්‍රීයේම පොලීසියට

JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image