leader s

පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ සේවය කළ පළපුරුදු ආචාර්යවරුන් මහාචාර්යවරුන් රට හැර යාම හේතුවෙන් එම විශ්ව විද්‍යාලයේ බොහෝ පීඨවල දෛනික අධ්‍යන කටයුතු සිදු කිරීම ගැටලු සහගත වී ඇති බව

විශ්ව විද්‍යාලයීය අභ්‍යාන්තර ආරංචි මාර්ග කියයි.

 2022 ජනවාරි සිට මෙම වසරේ මැයි මාසය අතර කාලයේ ආචාර්ය මහාචාර්යවරුන් 70කට අධික පිරිසක් රට හැරගොස් ඇතැයි ද වාර්තා වේ.

මේ සම්බන්ධයෙන් පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ නියෝජ්‍ය උපකුලපති සහ මාධ්‍ය ප්‍රකාශක මහාචාර්ය ටෙරන්ස් මධුජිත් ගෙන් කළ විමසීමකදී මෙසේ පැවැසීය.

'' මහාචාර්යවරුන්ගේ විදේශගත වීම ඇත්තක්. මෙම හේතුවෙන් ප්‍රධාන වශයෙන් බලපා ඇත්තේ වෛද්‍ය පීඨය, ඉංජිනේරු පීඨය, විද්‍යාපීඨය සහ දන්ත පීඨය යන පීඨවල.

ඉකුත් වසරේ ජනවාරි සිට මේ වසරේ මැයි දක්වා වූ මාස 16ට පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ප්‍රමුඛ පෙළේ ආචාර්ය මහාචාර්යවරුන් 70 දෙනකු විශ්වවිද්‍යාල සේවයෙන් සම්පූර්ණයෙන්ම ඉවත් වී විදේශගත වී සිටිනවා.

තවත් විශාල පිරිසක් අධ්‍යයන නිවාඩු ලබා විදේශගත වී සිටින බව ද මහාචාර්යවරයා වැඩිදුරටත් පැවසීය.

(lankadeepa) 

JW

 

AER 2026 Leaflet 4 1 1
web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්