leader s

2023 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ සමාරම්භක තරගයෙන් 'කලම්බෝ ස්ට්‍රයිකර්ස්' කණ්ඩායම පරාජය කරමින් ලකුණු 21 ක ජයක් අත්කර ගැනීමට පසුගියවර ශූරයින් වූ 'ජැෆ්නා කිංග්ස්' කණ්ඩායම ඊයේ (30)

රාත්‍රියේ සමත් විය.

කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රිඩාංගනයේ පැවති මෙම තරගයේ පළමුව පන්දුවට පහරදුන් 'ජැෆ්නා කිංග්ස්' කණ්ඩායම නියමිත පන්දුවාර 20 තුළ කඩුළු 05 ක් දැවී ලකුණු 173 ක් රැස් කළේය.

තව්හිද් රිඩෝයි පන්දු 39 ලකුණු 54 යි. දුනිත් වෙල්ලාලගේ පන්දු 23 කදී නොදැවී ලකුණු 25 ක් රැස් කළේය.

ජයග්‍රහණය සඳහා ලකුණු 174 ක ඉලක්කයක් හඹාගිය කලම්බු කණ්ඩායමට ඕවර 19.4 ක් අවසානයේ සියලු දෙනා දැවී ලබාගත හැකි වූයේ ලකුණු 152 ක් පමණි.

'කලම්බෝ ස්ට්‍රයිකර්ස්' කණ්ඩායමේ නායක නිරෝෂන් දික්වැල්ල පන්දු 34 කදි ලකුණු 58 ක් රැස්කල ද එය තරගයේ ජයග්‍රහණය සඳහා ප්‍රමාණවත් නොවිය.

චාමික කරුණාරත්න පන්දු 15 කදි ලකුණු 23 ක් රැස් කළේය.

පන්දු යැවීමේදී හාඩස් විල්ජොඑන් ලකුණු 31 කට කඩුළු 03 ක් දවා ගැනීමට සමත් විය.

විජය කාන්ත් වියස්කාන්ත් ලකුණු 17 කට කඩුළු 02 ක් දවා ගත් අතර ඔහු තරගයේ වීරයා ලෙස ද සම්මාන හිමිකර ගත්තේය.


LPL1


මේ අතර එල් පී එල් ක්‍රිකට් තරගාවලියේ තවත් තරග 02 ක් අද (31) පැවැත්වේ.

ඒ අනුව, 'ගෝල් ටයිටන්ස්' සහ 'දඹුල්ල ඕරා' කණ්ඩායම අතර තරගය පස්වරු 03 ට ආරම්භවීමට නියමිතය.

'බී ලව් කැන්ඩි' කණ්ඩායම සහ 'කලම්බෝ ස්ට්‍රයිකර්ස්' කණ්ඩායම අතර තරගය අද රාත්‍රී 07 යි 30 ට ආරම්භ වේ.

එම තරග 02 ම පැවැත්වෙන්නේ කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගනයේදීය.

{gallery}LPL 2023.07.30{/gallery}

JW

 

AER 2026 Leaflet 4 1 1
web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්