එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක අධිකරණ විනිශ්චයකාරවරුන්ගේ රාජකාරි කටයුතු වලට අනිසි බලපෑමක් සිදු කර ඇති බවට චෝදනා කරමින් කොළඹ අපරාධ කොට්ඨාසය විසින් අද (14) පස්වරුවේදී අත්අඩංගුවට ගනු ලැබිය.

එසේ අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුමට සමාන්තරව එක්සත් ජාතික පක්ෂය විසින් ඔහුගේ පක්ෂ සාමාජිකත්වය තහනම් කරනු ලැබූ අතර 'පිවිතුරු හෙළ උරුමය' පක්ෂ නායක නීතිඥ උදය ගම්මන්පිල මන්ත්‍රීවරයා, අද පෙරවරුවේ මාධ්‍ය හමුවක් කැඳවමින් රන්ජන් රාමනායකට දඬුවම් කළ හැකි ආකාරය පැහැදිලි කරමින් විග්‍රහයක් කළේය.

 

රන්ජන් නඩු ගණනාවක් පිළිබඳ විනිසුරුවරුන්ට බලපෑම් කර තිබෙන බව හඬපට හරහා ඔප්පු වී ඇතැයි එම මාධ්‍ය හමුවේදී පැවසු ගම්මන්පිල මන්ත්‍රීවරයා, ''මේ දිනවල රන්ජන්ගේ හඬපට ඔස්සේ ගලා එන කුණු රසය කවුරුත් අත් විඳිනවා මිස ඔහුව අත්අඩංගුවට ගෙන නීතිය ක්‍රියාත්මක වන බවක් පෙනෙන්න නෑ.  දැන් හඬපට නිකුත් වී සතියකට වැඩියි.  නමුත් තවමත් රන්ජන් නිදැල්ලේ.'' යයි කියා සිටියේය. 
 
එහිදී ගම්මන්පිල මන්ත්‍රීවරයා මෙසේද පැවසිය.

''රන්ජන් නඩු ගණනාවක් පිළිබඳ විනිසුරුවරුන්ට බලපෑම් කර තිබෙන බව හඬපට හරහා ඔප්පු වෙනවා. ඒ වගේම පොලිසියට බලපෑම් කරන ආකාරයත් හඬ පට ගණනාවකින්ම තහවුරු වී තියෙනවා. අධිකරණයේ රාජකාරි කරන නිලධාරීන්ට බලපෑම් කරන හඬ පටයකුත් ඊයේ වන විට එලියට ආවා. 

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 111ඇ වගන්තිය අනුව අධිකරණ කටයුතු වලට බලපෑම් කිරීම දඬුවම් ලැබිය හැකි වරදක්.  වසරක සිර දඬුවමක් සහ දඩයක් ඒ සඳහා නියම කළ හැකියි. ඒ වගේම වසර හතකට ප්‍රජා අයිතිය තහනම් කිරීමත් කළ හැකියි.  

ඊට අමතරව වඩාත් සංවේදි කාරණය වන්නේ බුදුන් වහන්සේට යශෝධරා රහත් තෙරණියට වගේම මරියතුමියට අපහාස කිරීමයි.  බෞද්ධයෙකු නොවී බුදුන් වහන්සේට බරපතල අපහාසයක් කිරීම ආගමික ගැටුමකට තුඩු දෙන කාරණයක්. බෞද්ධයන් කුපිත කරවන වැඩක්.  ලංකාව හින්දා හොඳයි.  අරාබි රටක වුණා නම් මෙලහකටත් රන්ජන්ව කැරළිකරුවන් විසින්  මරා දාලා හමාරයි. 

Gamanpila text 14මහෙස්ත්‍රාත්වරයෙකුට ඇප දෙන්න බෑ !

ශ්‍රී ලංකාවේ අත්සන් තබා නීතිගත කර තිබෙන  සිවිල් සහ දේශපාලන අයිතිවාසිකම් ප්‍රඥාප්ති පනත අනුව ආගමික ගැටුම් ඇතිවන ආකාරයේ ජනතාව කුපිත කිරීම් ඇති කරන ආකාරයේ ප්‍රකාශ සිදු කිරීම බරපතල වරදක්.  ඒ සඳහා අත්අඩංගුවට ගත් විට මහෙස්ත්‍රාත්වරයෙකුට ඇප දෙන්න බෑ.  මහාධිකරණයෙන් ඇප ලබා දෙන තුරු රක්ෂිත බන්ධනාගාරයේ ඉන්න ඕනෑ. 

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර ස්වාමින් වහන්සේ ඒ නීතිය යටතේ අත්අඩංගුවට ගත්තා සරල ප්‍රකාශයක් සිද්ධ කරලා. එහෙමනම් රංජන් රාමනායකත් එම නීතිය යටතේ අත්අඩංගුවට ගත යුතුයි. ඒ නිසා වහාම රන්ජන්ට නීතිය ක්‍රියාත්මක කරන්න කියා අපි බලධාරින්ගෙන් ඉල්ලනවා.

රන්ජන් පෞද්ගලිකව කළ දුරකතන සාකච්ඡාවක් ප්‍රසිද්ධ වීම නිසා ප්‍රසිද්ධ කළ අය මිස රන්ජන් වග කියන්න ඕනෑ නෑ කියා කෙනෙක් කියන්න පුළුවන්.  නමුත් ඩයිනමයිට් වැනි සංවේදි දුරකතන සංවාදයක් පටිගත කළා නම් එය සුරැකිව තබා ගැනීම රන්ජන්ගේ වගකීමක්.  එය පිටතට ගියේ රන්ජන්ගේ නොසැලකිල්ලෙන් නිසා ඔහු එයට වගකිව යුතුයි.ඒ නිසා ඔහුට එරෙහිව නීතිය ක්‍රියාත්මක කළ යුතුමයි. 



සබැඳි පුවත් :

'රන්ජන් රෙකෝඩ්ස්' : 'ඇතැම් මාධ්‍ය කරන්නේ රන්ජන් කළාටත් වඩා බරපතල අපරාධයක්' - නීතිඥ අචලා සෙනවිරත්න

'රන්ජන් රෙකෝඩ්ස්' : අර්බුදයට විසඳුම් සෙවීමට “ජනතා කොමිසමක්” -කුසල් පෙරේරාගේ යෝජනාවක් 

'රන්ජන් රෙකෝඩ්ස්' ගැන වික්‍රමබාහු කියන පුදුම කතාව (VIDEO)

රන්ජන් රෙකෝඩ්ස් :  ''හතේ පොතේ තහනම ගැන කතා අස්සේ කරවටක් ගිලෙන්න ශෘංගාර මුහුදක් '' - චින්තන ධර්මදාස

රන්ජන් රෙකෝඩ්ස් : ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී සුනන්ද දේශප්‍රිය, රන්ජාට 'තෑන්ක්ස්' කරලා !

රන්ජන් රෙකෝඩ්ස් : 'අප්ෂට් එක හිට් කර' ආණ්ඩුව ගත්තු තීන්දු මෙන්න !

රන්ජන් රෙකෝඩ්ස් : ''මේ මිනිහා තනිකරන්ඩ එපා. වටවෙයල්ලා ඇත්ත එක්ක''

රන්ජන් රෙකෝඩ්ස් : හඬපට සැන්ඩි කිරීමට මංගල මෙහෙයුමක් !- ඇමති බිරින්දෑවරුන් ගණනාවක හඬපටත් එලියට!!

රන්ජන් රෙකෝඩ්ස් : 'රන්ජන් අතින් සිදුවී තිබෙන්නෙ අයිතිහාසික කාර්‍යය බාරයක්' -වික්ටර් අයිවන්

රන්ජන් රෙකෝඩ්ස් : රන්ජා, ප්‍රභූ කතුන් රැසක් සමගත් 'ෆෝන් සෙක්ස්' කරලා !

රන්ජාගේ හඬපට අතුරු කතා: ඊවාට ගෙදරට එන්න කියලා මහින්ද කිව්වා මතක ද? 

රන්ජන් රෙකෝඩ්ස් : රන්ජා, ප්‍රභූ කතුන් රැසක් සමගත් 'ෆෝන් සෙක්ස්' කරලා !

රන්ජන් රෙකෝඩ්ස් : 'බැලුබැල්මට ශානි කරපු වරදක් නැහැ' - කලම්බු ටෙලිග්‍රාෆ් කර්තෘ

රන්ජන් රෙකෝඩ්ස් : එජාපයෙන් විනය ක්‍රියාමාර්ග එද්දී රන්ජා උසාවියේදී කියපු කතාව  !

රන්ජන් හා විනිසුරුවරිය අතර හඬපටය ගැන දුර්මත ? (VIDEO)

රන්ජාගේ හඬපට: මහින්දානන්ද "ඝාතන සැලසුමක්" ගැන මැතිසබේ වාද

රන්ජාගේ හඬපට: රනිලුත් කපෝති! - මහින්දානන්දට 'ෂුට්' කරන්න උපදෙස් දීලා !! (VIDEO)

රන්ජාගේ හඬපට : ''පවත්නා ක්‍රමය රැකගැනීමට ඇපකැප වූවන් නොවන අපට සතුටු විය හැකි ය.''  - අජිත් පැරකුම් ජයසිංහ

රන්ජාගේ හඬපට : ''මෑත කාලීන දේශපාලනයේ වඩාත්ම අනුරාගික වාක්‍යය''  -Mahesh Hapugoda

රන්ජාගේ හඬපට: අධිකරණයේ කන්‍යා පටලයට කෙළ වී තිබේ! - ''මට නම් මාර ආතල්'' -සිරිමල් විජේසිංහ 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්