නවක කැබිනට් මණ්ඩල සාමාජිකයකු වන ක්‍රීඩා හා යෞවන කටයුතු සහ වාරිමාර්ග අමාත්‍ය රොෂාන් රණසිංහට කැබිනට් සම්ප්‍රදායන් සම්බන්ධයෙන් දැනුවත් කර ඔහුට අවවාද කිරීමට ජනාධිපතිවරයා තීරණය කර ඇතැයි

වාර්තාවේ.

ඇමතිවරයා කැබිනට් සාමූහිකත්වය කඩවන ආකාරයට කටයුතු කර ඇති බව සඳහන් කරමින් අද (07) දින තමා හමුවී ඒ සම්බන්ධව නිදහසට හේතු දක්වන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් දැනුම්දී ඇත.

නියඟය හේතුවෙන් පිඩාවට පත්ව සිටින ගොවි ජනතාවට සමනල වැව ජලාශයෙන් ජලය ලබාගැනීම සඳහා කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර පසුගියදා පැවති කැබිනට් මණ්ඩල රැස්වීමට යෝජනාවක් ඉදිරිපත්කල අවස්ථාවේදී වාරිමාර්ග අමාත්‍ය රොෂාන් රණසිංහ ද එම යෝජනාවට පක්ෂව කරුණු ඉදිරිපත්කර තිබිණ.

කෙසේවුවද විදුලිබල බල බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර ඊට විරෝධය පළකර තිබුනේ, මෙම නියඟ තත්ත්වය තුළ එසේ ජලාශවලින් ජලය මුදා හැරියහොත් රටපුරා දිනකට පැය කිහිපයක් විදුලි කප්පාදුවකට යාමට සිදුවන බවයි.

කෙසේවෙතත් එහිදී මෙම යෝජනාවට පක්ෂව සහ විපක්ෂව කරුණු ඉදිරිපත් වී ඇති අතර අදාළ යෝජනාව සම්බන්ධයෙන් දීර්ඝ ලෙස කරුණු සාකච්ඡා වී ඇති බවද සඳහන්ය.

සියලු කරුණු සැලකිල්ලට ගනිමින්, නියඟයෙන් පිඩාවට පත්වන ගොවි ජනතාවට සහනාධාරයක් ලබාදීමට කැබිනට් මණ්ඩලය අවසානයේදී තීන්දු කර තිබිණ.

කෙසේවුවද ඉන් අනතුරුව කැබිනට් තීරණය දැඩි ලෙස විවේචනය කරමින් ඇමති රොෂාන් රණසිංහ මාධ්‍ය හමුවේ කරුණු දැක්විය. තමා ඇමතිකම අතහැර යාමට සුදානම් බවද ඔහු මාධ්‍ය හමුවේ අවධාරණය කළේය.




සමනල වැවෙන් ජලය ලබාගැනීම ගැන පත්‍රිකාව අද යළිත් අමාත්‍ය මණ්ඩලයට


සමනල වැව ජලාශයෙන් උඩවලව ජලාශයට ජලය ලබාගැනීම සම්බන්ධයෙන් වන කැබිනට් පත්‍රිකාව අද (07) යළිත් අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.

කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර විසින් මෙම කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කිරීමට නියමිතය.

පවතින වියළි කාලගුණික තත්ත්වය හමුවේ උඩවලව ජලාශයේ ජලය සීදීයාමත් සමඟ වලව කලාපයේ ගොවියෝ සිය වගා කටයුතු කිරීමට නොහැකිව දැඩි අර්බුදයකට මුහුණ පා සිටිති.

අද පස්වරුවේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අමාත්‍ය මණ්ඩලය රැස්වීමට නියමිතව තිබේ.

සමනල වැව ජලාශයෙන් උඩවලව ජලාශයට ජලය ලබාගැනීම සම්බන්ධයෙන් වන කැබිනට් පත්‍රිකාව යළිත් ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මෙලෙස අදහස් පළ කළේය.

"වලව ගොවීන්ගේ ජල ප්‍රශ්නය විසඳන්න රජයට වගකීමක් තියෙනවා. ඒකෙන් බැහැරවෙන්න බෑ. මොකද ඒ ගොවි ජනතාව ඉතාමත් අමාරුවෙන් තමා මේ වගා කටයුතු කරගෙන ගියේ. දැන් අවසාන අවස්ථාව. කරල් දැකලා අද වේලෙන තත්ත්වයකට පත්වෙලා තියෙනවා. ඒ නිසා ජලය ලබාදීමේ පළවෙනි  ප්‍රමුඛතාවය තමා පානීය ජලය. දෙවැනි ප්‍රමුඛතාවය තමා වගාවට ජලය. තුන්වෙනි ප්‍රමුඛතාවය තමා විදුලිය. දැන් දෙවැනි ප්‍රමුඛතාවය ක්‍රියාත්මක කළ යුතුයි. එක ජල මුරයක් දුන්නොත් මේ තියන තත්ත්වයෙන් 65% - 70%ක් හරි බේරගන්න පුළුවන් වෙයි. විදුලිබල මණ්ඩලය මේකට ප්‍රමුඛතාවය දීලා මැදිහත් වෙයි කියලා බලාපොරොත්තුවෙන් ඉන්නවා. මේක සුළු පටු කාරණයක් නෙමෙයි."


මානව හිමිකම් කොමිසම වෙත පැමිණිල්ලක්...


කෙසේවෙතත් උඩවලව ජලාශයට ජලය නිකුත් නොකිරීම තුළින් ගොවි ජනතාව පත් වන අසීරුතාවට පත්වන අසීරුතාව සම්බන්ධයෙන් අද දිනයේ ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම වෙත පැමිණිල්ලක් සිදුකිරිමට සමස්ත ලංකා ගොවිජන සම්මේලනය තීරණය කර තිබේ.

එහි ජාතික සංවිධායක නාමල් කරුණාරත්න පැවසුවේ, වලව කලාපයේ ගොවීන්ගේ ජල ගැටලුව විසඳීම ආණ්ඩුව දිගින් දිගටම ප්‍රමාද කිරීම හේතුවෙන් අදාළ පැමිණිල්ල සිදුකිරීමට තීරණය කළ බවය.

රජයේ ක්‍රියාකලාපයට විරෝධය පළ කරමින් ඉදිරියේ දී ගොවිජන හර්තාලයක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බව ජාතික ගොවිජන එකමුතුවේ සභාපති අනුරාධ තෙන්නකොන්සඳහන් කළේය.

මේ අතර මෙම ජල ගැටලුව රටේ ආර්ථිකයට සෘජුවම බලපාන කරුණක් බැවින් අධිකරණ පද්ධතියට ඊට මැදිහත් වීමේ හැකියාව පවතින බව ජනාධිපති නීතීඥ මයුර ගුණවංශ පැවසුවේය.


සබැඳි පුවත් :
කැබිනට් සාමුහිකත්වය කඩලා ! - රොෂාන් ට ඇමතිධුරය අහිමිවන ලකුණු !


JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්