කොළඹ අපරාධ කොට්ඨාසය විසින් ඊයේ (14) පස්වරුවේදී අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායකව අද නුගේගොඩ මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 29 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස නුගේගොඩ ප්‍රධාන මහේස්ත්‍රාත් වසන්ත කුමාර නියෝග කළේය.

ඊයේ පස්වරුවේ අත්අඩංගුවට ගත් රංජන් රාමනායක මන්ත්‍රීවරයා අද දහවල් වනතෙක් පසුවූයේ, කොළඹ අපරාධ කොට්ඨාසයෙය.

රංජන් රාමනායක මන්ත්‍රීවරයා අධිකරණ විනිසුරුවරුන් මෙන්ම විවිධ පාර්ශ්ව සමඟ කළ ආන්දෝලනාත්මක සංවාද ඇතුළත් හඬපට මේදිනවල ප්‍රසිද්ධියට පත්ව තිබේ.

එවැනි පසුබිමක අධිකරණ කටයුතුවලට මැදිහත්වීමේ චෝදනාවට අදාළව රංජන් රාමනායක මන්ත්‍රීවරයාව අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරිම සඳහා වරෙන්තුවක් ලබාගන්නා ලෙස නීතිපතිවරයා ඊයේ පස්වරුවේ ලබා දුන් උපදෙස් අනුව කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් සහ නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරීන් නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණය වෙත කරුණු ඉදිරිපත් කළේය.

එම කරුණු සලකා බැලූ නුගේගොඩ ප්‍රධාන මහේස්ත්‍රාත් වසන්ත කුමාර, පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තු නිකුත් කළේය. 

ඇප ලබාදුන් පැමිණිලි ම යළිත් වෙනත් 'බී' අංකයකින්:

රන්ජන් රාමනායක මන්ත්‍රීවරයා අද මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කළ  අවස්ථාවේදී ඔහු වෙනුවෙන් කරුණු දැක්වූ නීතිඥයින් පවසා සිටියේ, මිට ඉහතදී මෙම කාරණයට අදාලව ම අත්අඩංගුවට ගෙන අධිකරණය ඉදිරිපත් කළ මන්ත්‍රීවරයාට නුගේගොඩ, ගංගොඩවිල මහේස්ත්‍රාත් යූ.කේ.පැල්පොල විසින් ඇප ලබා දුන් බවයි.

එහිදී පොලිසිය විසින් ඉදිරිපත්කර තිබු 'බී' වාර්තාවට අද සංශෝධන කිහිපයක් එක්කර ඇතත්,  මන්ත්‍රීවරයා විනිසුරුවන්ට බලපෑම් කලබවට කිසිඳු සාක්ෂියක් ඉදිරිපත් කර නොමැති බවත්, අවම වශයෙන් ඔහුට එරෙහිව කිසිඳු විනිසුරුවරයකු අධිකරණ කොමිසමට පැමිණිල්ලක් කර නොමැති බවත් රන්ජන් රාමනායක මන්ත්‍රීවරයාගේ නීතිඥයින් පෙන්වා දුන්නේය.

 

අජිත් ප්‍රසන්න කලෙත් අධිකරණයට අපහාස කිරීමක් නේද ? - 'කලම්බු ටෙලිග්‍රාෆ්' කර්තෘ විමසයි 

රන්ජන් රාමනායක මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් සිය FB පිටුවේ සටහනක් පළකර ඇති 'කලම්බු ටෙලිග්‍රාෆ්' කර්තෘ මෙවැනි සඳහනක් පළකර ඇත. 


''විනිසුරුවරු/වරියන් අපට කතා කිරීමත්, අප ඔවුන්ට කතා කිරීමත් ප්‍රශ්ණයක් නැත. ප්‍රශ්ණය ඇත්තේ විභාගවන නඩු කටයුතු ගැන කතා කිරීමය. රන්ජන්ව දැම්මා නම්, අර අජිත් ප්‍රසන්න 12වෙනිදා තියපු ප්‍රෙස්කොන් එක උඩ එයාවයි, ඒක විකාශණය කරපු හිරු එකයි දෙකම දාන්න ඕනෙ ඇතුලට. පැහැදිලිවම අධිකරණයට අපහාස කිරීමක්. කෝ නීතීඥ සංගමය?? 

Screen Shot 2020 01 15 at 3.54.04 PM

 

සබැඳි පුවත් :
'රන්ජන් රෙකෝඩ්ස්' : වන්ෂොට් වෘකයන් අතර නග්නව

එජාපය රන්ජා අත්අඩංගුවට ගැනීමටත් පෙර වරදකරු කරයි - එජාපය ගම්මන්පිල දඬුවම් නියම කරයි  (VIDEO)

'රන්ජන් රෙකෝඩ්ස්' : 'ඇතැම් මාධ්‍ය කරන්නේ රන්ජන් කළාටත් වඩා බරපතල අපරාධයක්' - නීතිඥ අචලා සෙනවිරත්න

'රන්ජන් රෙකෝඩ්ස්' : අර්බුදයට විසඳුම් සෙවීමට “ජනතා කොමිසමක්” -කුසල් පෙරේරාගේ යෝජනාවක් 

'රන්ජන් රෙකෝඩ්ස්' ගැන වික්‍රමබාහු කියන පුදුම කතාව (VIDEO)

රන්ජන් රෙකෝඩ්ස් :  ''හතේ පොතේ තහනම ගැන කතා අස්සේ කරවටක් ගිලෙන්න ශෘංගාර මුහුදක් '' - චින්තන ධර්මදාස

රන්ජන් රෙකෝඩ්ස් : ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී සුනන්ද දේශප්‍රිය, රන්ජාට 'තෑන්ක්ස්' කරලා !

රන්ජන් රෙකෝඩ්ස් : 'අප්ෂට් එක හිට් කර' ආණ්ඩුව ගත්තු තීන්දු මෙන්න !

රන්ජන් රෙකෝඩ්ස් : ''මේ මිනිහා තනිකරන්ඩ එපා. වටවෙයල්ලා ඇත්ත එක්ක''

රන්ජන් රෙකෝඩ්ස් : හඬපට සැන්ඩි කිරීමට මංගල මෙහෙයුමක් !- ඇමති බිරින්දෑවරුන් ගණනාවක හඬපටත් එලියට!!

රන්ජන් රෙකෝඩ්ස් : 'රන්ජන් අතින් සිදුවී තිබෙන්නෙ අයිතිහාසික කාර්‍යය බාරයක්' -වික්ටර් අයිවන්

රන්ජන් රෙකෝඩ්ස් : රන්ජා, ප්‍රභූ කතුන් රැසක් සමගත් 'ෆෝන් සෙක්ස්' කරලා !

රන්ජාගේ හඬපට අතුරු කතා: ඊවාට ගෙදරට එන්න කියලා මහින්ද කිව්වා මතක ද? 

රන්ජන් රෙකෝඩ්ස් : රන්ජා, ප්‍රභූ කතුන් රැසක් සමගත් 'ෆෝන් සෙක්ස්' කරලා !

රන්ජන් රෙකෝඩ්ස් : 'බැලුබැල්මට ශානි කරපු වරදක් නැහැ' - කලම්බු ටෙලිග්‍රාෆ් කර්තෘ

රන්ජන් රෙකෝඩ්ස් : එජාපයෙන් විනය ක්‍රියාමාර්ග එද්දී රන්ජා උසාවියේදී කියපු කතාව  !

රන්ජන් හා විනිසුරුවරිය අතර හඬපටය ගැන දුර්මත ? (VIDEO)

රන්ජාගේ හඬපට: මහින්දානන්ද "ඝාතන සැලසුමක්" ගැන මැතිසබේ වාද

රන්ජාගේ හඬපට: රනිලුත් කපෝති! - මහින්දානන්දට 'ෂුට්' කරන්න උපදෙස් දීලා !! (VIDEO)

රන්ජාගේ හඬපට : ''පවත්නා ක්‍රමය රැකගැනීමට ඇපකැප වූවන් නොවන අපට සතුටු විය හැකි ය.''  - අජිත් පැරකුම් ජයසිංහ

රන්ජාගේ හඬපට : ''මෑත කාලීන දේශපාලනයේ වඩාත්ම අනුරාගික වාක්‍යය''  -Mahesh Hapugoda

රන්ජාගේ හඬපට: අධිකරණයේ කන්‍යා පටලයට කෙළ වී තිබේ! - ''මට නම් මාර ආතල්'' -සිරිමල් විජේසිංහ 





 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්