ශ්‍රී ලාංකේය ආර්ථීකය වඩාත් ශක්තිමත් කිරීම සඳහා දායකත්වය ලබා දෙන දේශීය කර්මාන්ත අතරින් තේ කර්මාන්තයට හිමි වන්නේ ප්‍රමුඛ ස්ථානයකි.

ලොව ඉදිරියේ ශ්‍රී ලාංකේය  නාමය බැබළෙන්නේ තේ නිසාය. නමුත් තේ කර්මාන්තය වෙනුවෙන් ලේ , කදුළු, දාඩිය ශ්‍රමය කැප කරන කඳුකර සහෝදර දෙමළ ප්‍රජාවගේ ජීවිත තවමත් උසස් ලෙස සංවර්ධනය වී නොමැත.

කඳුකර දෙමළ ප්‍රජාවගේ ජන ජීවිත යහපත් අයුරින් නගාසිටුවීම සඳහා ප්‍රතිපත්තිමය සංවාදයක් ඇති කිරීම අරමුණු කර ගනිමින් ඡායාරූප ප්‍රදර්ශනයක් ඔස්සේ සංවාදයක් ඇති කිරීමට ළහිරු කිතලගම ඇතුළු පිරිසක් කරයුතු කරමින් සිටියි.
           
ඒ අනුව නුවරඑළිය දිස්ත්‍රික්කය නියෝජනය කරමින්, හොලිරූඩ් සහ ලොගි වතු යායවල ද බදුල්ල දිස්ත්‍රික්කය නියෝජනය කරමින් ඇටම්පිටිය සහ ඌව හයිලන්ඩ් වතු යාය වලද තරුණ තරුණියන් මේ සමඟ සම්බන්ධ වූ අතර ඔවුන් තම ප්‍රජාවගේ  දෛනික ජන ජීවිතය කැමරා කාචයට හසුකරගෙන තිබේ.
           
මිහිරි තේ කෝප්පයේ රසයට වැසී ගිය කඳුකර ප්‍රජාවගේ ජිවිත කතාව ‘තේ කහට’ කමින් මිට පෙරද ජාතික, පළාත් සහ ප්‍රාදේශීය වශයෙන් අවස්ථා කීපයකදී ම ප්‍රදර්ශනය කෙරුණ අතර එහි නවතම ප්‍රදර්ශනය මාතලේ නගරයේදී පැවත්වීමට තීරණය කර තිබේ.
 
ඒ අනුව මෙම ප්‍රදර්ශනය 2023 අගොස්තු 11/12 යන දිනවල උදෑසන 09.00 සිට සවස 04.00 දක්වා මාතලේ ජාත්‍යන්තර ගාන්ධි ශාලාවේදී පැවැත්වේ.
 
මෙවර ප්‍රදර්ශනයේ මූලික අරමුණ වන්නේ, කඳුකර දෙමළ ප්‍රජාව මෙරටට පැමිණ වසර 200 සැපිරීම නිමිතිකොට ගෙන සමාජ, දේශපාලන ප්‍රතිසංස්කරණ උදෙසා ප්‍රතිපත්ති සංවාදයකට අවැසි සමාජ සවිඥානිකත්වය ඇති කිරීමයි.
 
WhatsApp Image 2023 08 09 at 8.32.46 AM

workers home tea state in lanka

workers child tea state in lanka

image 018b3d384e
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්