සේවක අර්ථසාධක අරමුදලේ පවතින අරමුදල් භාණ්ඩාගාර බිල්පත් සහ බැඳුම්කර වල ආයෝජනය

කිරීමේදී ගෙවනු ලබන පොලිය සියයට 9 දක්වා අඩු කිරීමට රජය ගෙන තිබෙන තීරණය තුළින් එහි සාමාජික සේවක සේවිකාවන්ගේ මූලික අයිතිවාසිකම් උල්ලංගනය වන බවට තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළේය.

ඒ, විජිත් මළල්ගොඩ, ගාමිණි අමරසේකර සහ ජනක් ද සිල්වගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල විසිනි.

 සේවක අර්ථසාධක අරමුදලේ සාමාජිකයෙකු මෙන්ම මූල්‍ය විශ්ලේෂකයෙකු වන චතුරංග අබේසිංහ විසින් පෙත්සම ඉදිරිපත් කර තිබිණ.



මෙම පෙත්සම පෙරේදා (10) සලකා බැලීම සඳහා කැඳවූ අවස්ථාවේදී මූලික විරෝධතා මතු කළ ශ්‍රී ලංකා  මහ බැංකුව වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරුන් අධිකරණය කියා සිටියේ, දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ යෝජනා ඉකුත් ජුනි මස 28 වනදා අමාත්‍ය මණ්ඩලය මගින් සම්මත කර පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර මුදල් කාරක සභාවද අනුමත කර ඇති බවයි. ඒ අනුව අදාළ යෝජනා විධිමත්ව ව්‍යවස්ථාදායකයේ හමුවේ අනුමත වී ඇති බැවින් ඒ පිළිබඳ අධිකරණය හමුවේ කරුණු සලකා බැලීමට හැකියාවක් නොමැති බව නීතීඥවරයා පෙන්වා දුන්නේ ය.


එහෙත් පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරයා අධිකරණය හමුවේ කරුණු දක්වමින් කියා සිටියේ සේවක අර්ථසාධක අරමුදලේ සාමාජිකයන්ගේ අදහස් විමසීමකින් තොරව එම කටයුතු ප්‍රතිව්‍යුහගත කිරීම සම්පූර්ණයෙන්ම නීතියට පටහැනි බවයි.

සේවක අර්ථසාධක අරමුදල විසින් රජයේ භාණ්ඩාගාර බිල්පත් හා බැඳුම්කර වල සිදුකර තිබෙන ආයෝජන සඳහා ගෙවනු ලබන පොලී අනුපාතය සියයට 12 සිට 9% දක්වා අඩු කිරීමට ආණ්ඩුව තීරණය කර ඇත. ඊට එකඟ නොවන්නේ නම් 30% ක බද්දක් පැනවීමට සිදුවන බවට රජය කළ ප්‍රකාශය අතිශය සාහසික බව නීතිඥවරයා ප්‍රකාශ කර තිබිණ.

පසුව ඊයේ (11)  දෙවන දිනටත් පෙත්සම පිළිබඳව කරුණු සලකා බැලීම ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ සිදු විය. කරුණු සලකා බැලීම අවසන්වීමෙන් අනතුරුව සිය තීන්දුව ප්‍රකාශයට පත් කළ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල කියා සිටියේ අදාළ පෙත්සම් විභාගයට ගැනීම සඳහා අවසර දීම ප්‍රතික්ෂේප කරන බවයි.

මේ අතර, දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ කටයුතුවලදී සේවක අර්ථසාධක අරමුදල සහ සේවා නියුක්තිකයින්ගේ භාර අරමුදලේ අරමුදල් කප්පාදු කිරීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා අන්තර් සමාගම් සේවක සංගමය විසින් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සම විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය ඉකුත් බදාදාද තීණය කළේය.

සබැඳි පුවත් :

EPF සහ ETF කප්පාදුවට එරෙහිව පෙත්සම ගැන ශ්‍රේෂ්ඨාධිකරණයෙන් තීන්දුවක්

 

 

JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්