ලංකා ප්‍රීමියර් ලීග් (එල්.පී.එල්.) ක්‍රිකට් තරගාවලියේ 14 වැනි තරගය ලෙස කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී ඊයේ (11) රාත්‍රී පැවැති තරගයේදී දඹුල්ල අවුරා පිල කඩුලු 7 කින් ගෝල් ටයිටන්ස් පිල පරාජය කිරීමට සමත්

විය.

මෙය දඹුල්ල පිල තරග හයකදී ලැබූ සිවුවැනි ජය වන අතර ඒ අනුව ප්‍රසාද ලකුණු 8 ක් සමගින් ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණට පැමිණියේය.

දඹුල්ල අවුරා පිතිකරුවෝ ලකුණු 134 ක ඉලක්කය ඕවර 17.4 කදී කඩුලු 3 ක් පමණක් දැවී සම්පූර්ණ කිරීමට සමත් වූහ.

අවිශ්ක ප්‍රනාන්දු අනගි ඉනිමක් ක්‍රීඩා කරමින් පන්දු 49 කදී හතරේ පහර 3 ක් සහ හයේ පහර 3 ක් සමගින් ලකුණු 70 ක් රැස්කිරීමට සමත්විය.

පළමුව පන්දුවට පහර දුන් ගෝල් පිලේ එකම සාර්ථක පිතිකරු වූ නායක දසුන් ශානක පන්දු 26 කදී හතරේ පහර 5 ක් සමගින් ලකුණු 36 ක් රැස්කළේය.

බිනුර ප්‍රනාන්දු දක්‍ෂ පන්දු යැවීමක නිරත වෙමින් ඕවර හතරේදී ලකුණු 14 ක් පමණක් දෙමින් කඩුල්ලක් දවාගනිමින් ගෝල් පිල අඩපණ කිරීමට සමත් විය.


ගෝල් ටයිටන්ස් - ඕවර 20 කදී කඩුලු 9 ට 133 යි
(ටිස් සේෆර්ට් 15, චැඩ් බෝව්ස් 22, සකිබ් අල් හසන් 13, සොහාන් ද ලිවේරා 12, දසුන් ශානක 36, දුෂාන් හේමන්ත 31/2)

දඹුල්ල අවුරා - ඕවර 17.4 කදී කඩුලු 3 ට 134 යි
(අවිශ්ක ප්‍රනාන්දු නොදැවී 70, කුසල් මෙන්ඩිස් 18, සධීර සමරවික්‍රම 25, ළහිරු කුමාර 31/2)

365187102 673183171512702 4148227869855656259 n

365296475 673150608182625 635797212225128879 n

365322585 673154231515596 5779129489911700461 n

365843945 673154221515597 743224722522878262 n

JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්