leader s

ශ්‍රී ලංකාවේ පවතින ඖෂධ හිඟයට ප්‍රතිචාර ලෙස ඇමෙරිකා එක්සත් ජනපදයේ හාර්ට් ටු හාර්ට් සංවිධානය රුපියල් බිලියන 4.29 ක (රු කෝටි 429)


පමණ හදිසි පිළිකා ඖෂධ තොගයක් පරිත්‍යාග කර තිබේ.

ඇමෙරිකාවේ ශ්‍රී ලංකා තානාපති මහින්ද සමරසිංහ ගේ ඉල්ලීම මත 'හාර්ට් ටු හාර්ට්' සංවිධානය මෙම පරිත්‍යාගය සිදු කර ඇත.

ජනාධිපති ලේකම් කාර්යාලය, සෞඛ්‍ය අමාත්‍යාංශය, ශ්‍රී ලංකාවේ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සහ ඇමෙරිකාවේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ මැදිහත් වීමෙන් එළඹෙන 13 වැනිදා මෙම ඖෂධ තොගය ගුවන් මගින් ශ්‍රී ලංකාවට ලැබීමට නියමිත බවත් ඒ සඳහා ශ්‍රී ලාංකික ජනතාවට කිසිඳු මුදලක් වැය නොවූ බවත් විදේශ කටයුතු අමාත්‍යංශය ප්‍රකාශ කර ඇත.

මේ ඖෂධ තොගය කඩිනමින් බෙදා හැරීම සඳහා සෞඛ්‍ය අමාත්‍යංශය බාර ගැනීමට නියමිත බවද  විදේශ කටයුතු අමාත්‍යංශය පැවසුවේය.


Screenshot 2023 08 12 at 10.34.05 AM
ඇමෙරිකාවේ ශ්‍රී ලංකා තානාපති මහින්ද සමරසිංහ එරට 'හාට් ටු හාට් ඉන්ටනැෂනල්' සංවිධානය හරහා මෙරටට ඩො මිලි 12 . 8 ක එනම් රු කෝටි 429 ක පිළිකා ඖෂධ නොමිලේ සපයා ඇති බවත්,  මීට පෙර අවස්ථා කිහිපයකදී ඩො මිලි 60 කට අධික අතිවිශාල මුදලක ඖෂධ වර්ග රැසක් ඔහු මෙරටට සපයා ඇති අතර එසේ නොවන්නට මෙරට බෙහෙත් හිගය හා සෞඛ්‍ය ගැටලු මීට වඩා උග්‍ර වනු නියත බවත් ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී අශෝක ජයතුංග සිය ෆේස්බුක් පිටුවේ සඳහන් කර තිබේ.

ඩො මිලි 16 ක⁣ පිළිකා ඖෂධ මෙරටට එවීමට තානාපති මහින්ද කටයුතු සූදානම් කොට තිබුණ ද මෙරට සෞඛ්‍ය අංශයේ නිලධාරීන්ගේ පහත් ක්‍රියාවන් තුළ නොමිලේ ලැබෙන පිළිකා ඖෂධ ඩො මිලි 04 ක එනම් රුකෝටි 130 ක බෙහෙත් කපාහැර තිබේ. ජනපති වික්‍රමසිංහ ද එම කටයුත්තට දැඩි විරෝධය දක්වා ඇතැයි ද ඇමති කෙහෙළිය එය නිවැරදි කරන්නට පොරොන්දු වී ඇතැයි ද අශෝක ජයතුංග ලියන ''ජනපති e කොළම''  හි සඳහන් වේ. 

JW

 

AER 2026 Leaflet 4 1 1
web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්