leader s

කප්පම් ගැනීමෙන්, පාතාල ක්‍රියාවන් මගින්, සොරකමින් සහ කුඩු ජාවාරමින් නීතිවිරෝධී ලෙස රුපියල් කෝටි ප්‍රකෝටි ගණන් රුස්කර ඇති ජාවාරම්කරුවන් සතු මුදල් හා සෙසු වත්කම්වලින් බදු අයකිරීමට දේශීය ආදායම්

දෙපාර්තමේන්තුව හා ශ්‍රී ලංකා පොලීසිය ඒකාබද්ධ සැලසුමක් සකස් කර ඇතැයි ඉහළ පෙළේ ආරංචි මාර්ග පවසයි.

මෙලෙස අපරාධකරුවන්ගේ නීතිවිරෝධී වත්කම්වලින් බදු අය කෙරෙන්නේ ඉතිහාසයේ පළමුවරටය.

මෙම අයථා වත්කම්වලින් බදු අය කිරීම සිදු කරන්නේ අපරාධකරුවන්ට එල්ල වී තිබෙන චෝදනා සම්බන්ධව නීතිමය පියවර ගන්නා අතරතුරය.

පොලිස් අපරාධ විමර්ශන අංශය සහ මත්ද්‍රව්‍ය නිවාරණ කාර්යාංශය වෙත ලැබී ඇති පැමිණිලි හා තොරතුරු අනුව බදු අය කිරීමට යෝජිත බව වැඩිදුරටත් වාර්තා වෙයි.

දැනට ශ්‍රී ලංකා පොලීසිය විසින් අයථා වත්කම් රැස්කළ ජාවාරම්කරුවන් 8000කට අදාළ පැමිණිලි අනුව තොරතුරු රැස්කර තිබේ. එම චූදිතයන් 8000කගේ වත්කම් පරීක්ෂා කොට මුලින්ම ඔවුන්ගෙන් බදු අය කිරීමට වැඩිදුරටත් තීන්දු කර ඇත.

දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ බලධරයන් හා ශ්‍රී ලංකා පොලීසිය ඒකාබද්ධව මෙම නව බදු වැඩසටහන ක්‍රියාත්මක කළ යුතු ආකාරය ගැන මේ වනවිටත් මූලික තීන්දු ගෙන ඇත.

(deshaya.lk)

JW

 

AER 2026 Leaflet 4 1 1
web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්