leader s

ශ්‍රී ලංකාව රූපවාහිනි සංස්ථාව සතු 'චැනල් අයි' නාලිකාව බදු පදනම යටතේ 'ලයිකා ගෲප්'

(LYCA)  වෙත ලබා දීමට ජුලි මස අගදී දෙපාර්ශවය විසින් ගිවිසගෙන තිබේ.

ඒ වෙනුවෙන් මසකට රුපියල් මිලියන 25ක මුදලක් ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවට ලබා දීමට ලයිකා සමාගම එකඟතාවය පළකර ඇතැයි වාර්තාවේ.

චැනල් අයි නාලිකාව දිගින් දිගටම පාඩු  ලැබීම මත පුද්ගලික ආයෝජකයෙකුට ලබාදීමට ජනමාධ්‍ය අමාත්‍යාංශය යෝජනා කර තිබිණ. ඒ අනුව මිට 2023 පෙබරවාරි 03 දා ඊට අදාල ටෙන්ඩර් කැඳවීමේ නිවේදනයක් පළකර තිබු අතර අයදුම්පත් බාර ගැනීම පෙබරවාරි 17 දින අවසන්විය. නියමිත දිනට මෙරට ප්‍රකට සන්නිවේදන ආයතන 2ක් ඒ සඳහා යෝජනා ඉදිරිපත්ව තිබිණ.

කෙසේවුවද ජනමධ්‍ය අමාත්‍ය බන්ධුල ගුණවර්ධන විසින් නව සභාපතිවරයකු පත්කළ වහාම ඔහු විසින් 'චැනල් අයි' නාලිකාව බදු පදනම යටතේ 'ලයිකා ගෲප්' වෙත ලබා දීමට කටයුතු කර තිබේ.  

ජනමාධ්‍ය අමාත්‍යංශයෙන් ලැබුණු අනුමැතිය මත මෙම බදු ගිවිසුමට අත්සන් තැබූ බව රුපවාහිනී ආයතනයේ බලධාරීන් පවසයි.

කෙසේවුවද ඒ සඳහා කැබිනට් අනුමැතියක් ලබාගෙන නොතිබුන බැවින්, ඊට ආවරණ අනුමැතියක් ලබාගැනීම සඳහා වූ කැබිනට් පත්‍රීකාවක් ජනමාධ්‍ය අමාත්‍ය බන්ධුල ගුණවර්ධන විසින් සඳුදා (14) කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරනු ඇති බව ජාතික රුපවාහිනියේ ජ්‍යෙෂ්ඨ පරිපාලන නිලධාරියකු පැවසිය.

චැනල් අයි නාලිකාවට පුද්ගලික ආයෝජකයෙකු සොයාගැනීම සඳහා පෙබරවාරි 03දා ප්‍රකාශයට පත්කර තිබු පත්‍රීකාව මෙතනින් බලන්න

 

 

JW

 

AER 2026 Leaflet 4 1 1
web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්