leader s

රටේ පවතින මූල්‍ය ගැටලු හමුවේ රාජ්‍ය රූපවාහිනී නාලිකා විකුණා දැමීමට රජය කටයුතු කරන බව

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස චෝදනා කරයි.

ප්‍රෞඩ ඉතිහාසයකට හා අභිමානවත් දේශයකට හිමිකම් කියූ අප රටේ ඇති ජාතික සම්පත් බහුතරයක් වත්මන් රජය විසින් විකුණා දැමීමට සූදානම් බවත්, එහි එක් පියවරක් ලෙස රූපවාහිනී සංස්ථාවට අයත් 'චැනල් අයි' නාලිකාව විකුණා දැමීමට සූදානම් බවත්, මේ වන විට එය කිසිදු ප්‍රසම්පාදන ක්‍රියාවලියකින් හා විනිවිදභාවයකින් තොරව පෞද්ගලික අංශයට බදු දී ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

ඔහු එබව කියා සිටියේ, අම්පාර ප්‍රදේශයේ අද (14) පැවති උත්සවයකදීය.

රජයට මූල්‍ය ගැටලු තිබුණත් නව ආයෝජකයන් රාජ්‍ය මාධ්‍යයකට සම්බන්ධ කර ගැනීමට නිසි ක්‍රමවේදයක් තිබිය යුතු බවත්, එම ක්‍රමවේදයෙන් බැහැරව රජයට හිතෙන හිතෙන ආකාරයට රාජ්‍ය සම්පත් විකුණා දමන සූදුවක් මේ වන විට ක්‍රියාත්මක වන බවත් පැවසූ විපක්ෂ නායකවරයා, මේ යන ආකාරයට අවසානයේ රජයේ පාසල් හා රෝහල් වුවද පෞද්ගලීකරණය කිරිමට ද මේ රජය කටයුතු කරනු ඇති බව පැවසීය.

රටේ වටිනා සම්පත් විකුණා දැමීමේ මේ සුදුවට එරෙහිව නැගී සිටිය යුතු බවත්, මේ සියලු දේවල් ජනතාවගේ සහ රටේ සම්පත් බවත් එම සම්පත් සමඟ වැඩ කිරීමේ දී විනිවිදභාවය හා ප්‍රසම්පාදන ක්‍රමයක් තිබිය යුතු බවත් මෙවැනි අනිතික වෙන්දේසි නැවත රජයට පවරා ගන්නා බවත් අධ්‍යාපනය හෝ සෞඛ්‍ය ක්ෂේත්‍රය පුද්ගලීකරණය කිරිමට ඉඩ නොදෙන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස වැඩිදුරටත් කියා සිටියේය.


සබැඳි පුවත් :

'චැනල් අයි' -'ලයිකා' ගිවිසුම කැබිනට් මණ්ඩලයෙන් ප්‍රතික්ෂේප වෙයි !

 

 

 

 

JW

 

AER 2026 Leaflet 4 1 1
web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්