leader s

13 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය බලාත්මක කරමින් පුළුල් බලය බෙදීමකට රටේ ප්‍රධාන දේශපාලන පක්ෂවල එකඟතාවක් පළ වී නැතැයි වාර්තා වෙයි.

ජනාධිපති කාර්යාලයේ දැන්වීම අනුව ප්‍රධාන පක්ෂ 20ක් දැනට ජනාධිපති කාර්යාලයට ලබාදුන් ලිඛිත යෝජනා අනුව මේ බව අවධාරණය වෙයි.

මේ සම්බන්ධව පසුගියදා සර්ව පාක්ෂික සමුළුවක් පැවැත්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මෙම අගෝස්තු 15 දිනට පෙර ඊට සහභාගි වූ දේශපාලන පක්ෂවල අදහස් ලිඛිතව ජනාධිපති කාර්යාලයට දන්වන මෙන් ඉල්ලා සිටියේය.

ඒ අනුව ආණ්ඩුවේ ප්‍රධාන හවුල්කාර පක්ෂය වන පොහොට්ටුව මේ සම්බන්ධයෙන් කරන ලද යෝජනා සම්බන්ධව එහි මහලේකම් නීතිඥ සාගර කාරියවසම් ගෙන් කළ විමසීමකදී ඔහු සඳහන් කර සිටියේ, සිය පක්ෂය යෝජනා කළේ රට ආර්ථික අර්බුදයකට පත්ව සිටින අවස්ථාවේ බලය බෙදීමට කතා කිරීම නොකළ යුතු බවයි.

එසේම උතුරු නැගෙනහිර දෙපළාත ඒකාබද්ධ කරන කිසිදු ක්‍රියාවලියකට තම පක්ෂය තරයේම විරුද්ධ බවද ඔහු වැඩිදුරටත් කියා සිටියේය.

මෙයට පෙර පත්වූ ජනාධිපතිවරුන් 7 දෙනකු අත නොගැසූ මෙම ක්‍රියාවලිය හදිසියේ සිදු කළ යුතුද නැත්ද කියා තීන්දු කිරීමට පෙර රටේ ආගමික නායකයන්, ජාතික සංවිධාන සහ විද්වත් මණ්ඩලවලින් පූර්ව මත විමසීමක් කළ යුතු බවද පොහොට්ටු මහලේකම්වරයා වැඩිදුරටත් පවසයි.

 ආණ්ඩුවේ බලය බෙදීමේ අදහස ගැන ප්‍රධාන විපක්ෂය වන සමගි ජන බලවේගයේ මහලේකම් රන්ජිත් මද්දුමබණ්ඩාර ගෙන් විමසූ විට ඔහු සඳහන් කළේ රජය තමන්ගේ යෝජනා මුලින් ඉදිරිපත් නොකර පක්ෂ මත විමසීම නිෂ්ඵල කටයුත්තක් වගය. පක්ෂවලින් සහාය ලබාගන්නට පෙර ආණ්ඩුව සිය ප්‍රධාන හවුල්කරුවන්ගේ සහාය ලබාගත යුතු බවද සමගි ජන බලවේගය ජනාධිපති කාර්යාලයට ලිඛිතව දන්වා යැවූ බව හෙතෙම සඳහන් කළේය.

(deshaya.lk)


සබැඳි පුවත් :
පළාත් සභා අහෝසි කල යුතුයි ! - පොලිස් ඇමතිගේ UPP පක්ෂය ජනපතිට ලියයි

බලය බෙදීම : පොහොට්ටුව දෙබිඩි පිළිවෙතක ! - නිමල් ලන්සා

ඒකීය ලංකාවක් තුළ බලය බෙදීමට අපි එකඟයි - සජිත්

බලය බෙදන කතාවලට ආණ්ඩුව ඇතුලින්ම බාල්දියක්!

ජනතාවට බලය බෙදීමක් අවශ්‍ය නෑ - පොහොට්ටු ලේකම්

JW

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්