leader s

කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීරට අයත් අඟුනකොලපැලැස්සේ කුඹුරද නියඟයෙන් විනාශ වී ගොස් ඇත.


අක්කර දෙකකින් යුත් එම කුඹුරට ද ජලය නිසි කලට නොලැබීම නිසා ගොයම විනාශ වී තිබේ. සමනලවැවෙන් නිකුත් කළ ද මෙතෙක් අගුනකොලපැලැස්සේ කුඹුරු වලට ජලය නොලැබුනු බව කෘෂිකර්ම අමාත්‍යව මහින්ද අමරවීර පැවසීය.

හොඳින් වැඩී පූදින්නට ඔන්න මෙන්න තිබූ තම කුඹුර ගවයින්ට ආහාර සඳහා වෙන් කිරීමට තීරණය කළ බවද අමාත්‍යවරයා සඳහන් කළේය .

"මගේ කුඹුර පාලු වුනත් මම ඒකට ගිනි තියන්නේ නෑ. ගවයින්ට කෑමට මම කුඹුර නිදහස් කළා යැයි ඇමතිවරයා කීය.


තව මාස දෙකක් වැස්ස නෑ


ඔක්තෝබර් මාසය වනතුරු මහ වැසි බලාපොරොත්තු විය නොහැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂිකා (අනාවැකිකරණ) ශිරෝමණි ජයවර්ධන පැවසුවාය.

සාමාන්‍යයෙන් දිවයිනේ බොහෝ ප්‍රදේශවලට මහ වැසි ඇද හැලෙන්නේ ඔක්තෝබර් නොවැම්බර් මාසවලදී බවද ඇය කීවාය.

සාමාන්‍යයෙන් අගෝස්තු දිවයිනට සැලකිය යුතු වර්ෂාපතනයක් නොලැබෙන මාසයක් බව පැවසූ ඇය, එල්නිනෝ තත්වය හේතුවෙන් මෙවර එය ප්‍රබලවූ බවද ප්‍රකාශ කළාය.

රටේ කාලගුණ තත්වය සම්බන්ධයෙන් මේ මාසය අග නැවත විශ්ලේෂණයක් කිරීමට බලාපොරොත්තු වන බව ශිරෝමණී ජයවර්ධන වැඩිදුරටත් පැවසුවාය.


(lankadeepa.lk)

JW

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්