රන්ජන් රාමනායක වැනි අයගේ වචන දේව වාක්‍ය හැටියට සළකා ජනමාධ්‍ය ජනප්‍රියවිම සඳහා ගන්නා උත්සාහයේ ප්‍රතිඵල විසින්
මුළු රටම කළඹවන්නේ යැයි ශ්‍රි ලංකා රාමාඤ්ඤ නිකායේ දක්ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝනායක ආචාර්ය ඕමල්පේ සොභිත හිමියෝ පවසති.
ගාල්ල ලබුදුවේ දී ඊයේ (17) පැවති පුරන්කුඹුරු අස්වැද්දිමේ වැඩසටහනකට සහභාගී වෙමින් පසු මාධ්‍යයට අදහස් දක්වමින් උන්වහන්සේ මේ බව සදහන් කළහ.
එහිදී උන්වහන්සේ වැඩිදුරටත් මෙසේ ද කීහ.
‘ඇත්තටම වැදගත් වෙන්නේ ඔහු වැරදි ක්‍රියාවක් නිතිවිරෝධි ක්‍රියාවක් කරලා තියෙනවා නම් වහාම මේ රටේ නිතිය ඔහුට විරුද්ධව ක්‍රියාත්මක විය යුතුයි. ඒවා ප්‍රචාරය කර කර ඉන්න අවශ්‍ය නැහැ.
විශේෂයෙන්ම මේ වගේ සිද්ධින් උපක්‍රමශිලිව කරන වැඩද කියා හිතෙනවා ජනතාව මුහුණ දෙන සත්‍ය ප්‍රශ්න ප්‍රායෝගික ප්‍රශ්න වසන් කරලා අනවශ්‍ය දේවල්වලට මිනිසුන්ගේ අවධානය යොමු කිරිම සදහා වු උපාය උපක්‍රමයක් බව අපට පේනවා.
රන්ජන් රාමනායකගේ හෝ වෙනත් අයකුගේ හෝ හඬපට නැතිනම් වෙනත් ප්‍රශ්නයක් පිළිබඳ නිතිවිරෝධි ක්‍රියාවන් වෙනවා නම් එයට විරුද්ධව නිතිය ක්‍රියාත්මක විය යුතුයි. එක රසකර කර තළු මර මර ඉන්න අවශ්‍යතාවයක් නැහැ.
පුරන්කුඹුරු අස්වැද්දීම පිළිබඳ මේ වගේ දේවල්වලට ප්‍රචාරය දෙන්න. රන්ජන්ලාගේ කථා අපිට වැඩක් නැහැ. අනවශ්‍ය කරුණු කෙරෙහි ජනතාවගේ කථිකාවන් ඇති කිරිම සම්බන්ධව පළමු චෝදනාව එල්ලවන්නේ ජනමාධ්‍යයට. ''
ජනමාධ්‍ය මේ තියෙන සිද්ධින් අනවශ්‍ය ලෙස ප්‍රචාරය කිරිම මගින් මේවනවිට මුළු රටම කළඹවන තත්වයක් මතුකර ඇති බවද උන්වහන්සේ වැඩිදුරටත් සඳහන් කළහ.
මේ අතර එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමන් පවසන්නේ, වත්මන් ආණ්ඩුව අද වනවිට ජනතාවට ලබාදී ඇත්තේ රන්ජන් රාමනායක මන්ත්‍රීවරයාගේ හඬපටවල ආස්වාදය පමණක් බවයි.
"ආණ්ඩුව ඇවිත් මාස 2යි, දෙනවා කියපු බඩු මල්ල නෑ. රජයේ සේවකයන්ගේ උත්සව දීමනාව නවත්තලා. තියෙන වරප්‍රසාද කප්පාදු කරනවා. ජනතාවට ලැබෙන්නේ රන්ජන්ගේ රෙකෝඩ්වල ආස්වාදය පමණයි" මන්ත්‍රීවරයා පැවසිය.
රන්ජන් මාධ්‍යයෙන් කරන ඉල්ලීමක් !
මේ අතර රන්ජන් රාමනායක මන්ත්‍රීවරයා ජනමාධ්‍ය වලින් කළ ඉල්ලීමක් සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයකු හා ප්‍රවීන සමාජ විචාරකයකු වන සිරිමල් විජේසිංහ ගේ FB පිටුවේ මෙසේ පළකර තිබේ.
“මම මාධ්‍යයෙන් ඉල්ලීමක් කරනවා. මා ඉලක්ක කළාට කමක් නැහැ. සමහර අයගේ පවුල් ජීවිත කඩන්න එපා. විද්‍යුත් මාධ්‍ය පාවිච්චි කරන්නේ ජනතාවට අයිති තරංග. මම ගැහැනු ළමයෙක් එක්ක මල් කඩන එක මේ තරංග යොදාගෙන විකාශය කරන එක වැරදියි. මේ හඬපට සියල්ලම මම ගබඩාකරගෙන තියා ගත්තේ මගේ ආරක්ෂාවට. මට මරණ තර්ජන තිබුණා.
කෙනෙක් ගිනි අවියක් තබාගත් පමණින් වෙඩි තියන්නෙ නැහැනේ. ඒක තියා ගන්නේ ආරක්ෂාවට. ඒ වගේ තමයි මම මගේ ආරක්ෂාවට මේ හඬපට පරෙස්සම් කරලා තියා ගත්තේ.
කරුණාකරලා මට ඔත්තු දුන්, තොරතුරු දුන් අයට හිරිහැර කරන්න එපා.
මහාචාර්ය නන්දසේන රත්නපාල යාචකයෙක් විදිහට රඟමින් තොරතුරු රැස්කළා. මමත් කළේ ඒ වගේ වැඩක්. පෙම්වතියන්, හොරු, මංකොල්ලකාරයන්ගෙන් තොරතුරු අරගෙන ගබඩාකර ගත්තා. ආණ්ඩුවයි පොලිසියයි ඒවා අරගෙන පෞද්ගලික නාලිකාවලට විකුණුවා.”
(Sirimal Wijesinghe ගේ FB පිටුවෙන් උපුටා ගන්න ලදී)
සබැඳි පුවත් :
රන්ජන් කළාටත් වඩා විනාශයක් කරන ලංකාවේ ජඩමාධ්‍ය (VIDEO)
'රන්ජන් රෙකෝඩ්ස්' : කුණු රස බෙදන කස්ටිය, හිරුනිකාට ගහන ගමන් දිලිත්ටත් ඇනලා !!