leader s

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ පිළිතුරු පත් පරීක්ෂාව වෙනුවෙන් ප්‍රමාණවත් ගමන් වියදම් දීමනාවක් ලබා නොදීමෙන් ඇගයීම් කටයුතු වලට බාධා පැමිණ ඇති බව දිවයිනේ ප්‍රමුඛතම ගුරු සංගමයක් පවසයි.

අවසන් වරට පැවැති සාමාන්‍ය පෙළ විභාගයේ පිළිතුරු පත්‍ර ඇගයීම් කටයුතු මේ වන විට දිවයින පුරා මධ්‍යස්ථාන ගණනාවක දී සිදුවෙමින් පවති.

එහෙත් පිළිතුරු පත් පරීක්ෂාව වෙනුවෙන් පොරොන්දු වූ පරිදි රුපියල් 2000 ක ගමන් දීමනාවක් ලබාදීම වෙනුවට රුපියල් 1450 ක මුදලක් පමණක් ලබාදීමට කටයුතු සිදුවීම තුළ දිවයින පුරා මධ්‍යස්ථාන ගණනාවක ඇගයීම් කටයුතුවලට මේ වන විට බාධා සිදු වී ඇති බවයි ලංකා ගුරු සංගමය පවසන්නේ.

ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින්ගේ අත්සනින් යුතුව අගෝස්තු 24 වැනිදා නිකුත් කළ මාධ්‍ය නිවේදනයක් මගින් පෙන්වා දෙන්නේ, පසුගිය දා පැවති අ.පො.ස. උසස් පෙළ විභාගයේ පිළිතුරු පත් ඇගයීමේ කටයුතුවල ගමන් වියදම් දීමනාව ලෙස රුපියල් 2000 ක මුදලක් ලබාදීමට කටයුතු කළ ද සාමාන්‍ය පෙළ පිළිතුරු පත් ඇගයීම වෙනුවෙන් එම මුදල ලබා නොදීම හේතුවෙන් පිළිතුරු  පත් ඇගයීම් කටයුතුවල යෙදෙන ගුරුවරු ඒ සඳහා විරෝධය පළ කරමින් සිටින බවයි.

" උසස් පෙළ ඇගයීම් කටයුතු සිදුකළ දිනවල පැවති ගමන් වියදම් මේ වන විට කිසිසේත් අඩු වී නොමැති අතර, සාමාන්‍ය පෙළ ඇගයීම් කටයුතු වල නිරත වන ගුරුවරුන්ට ද එම ගමන් වියදම් ම දැරීමට සිදු වේ."

ජ්‍යෙෂ්ඨ ගුරු සංගම් නායකයා සිය නිවේදනය මගින් වැඩි දුරටත් පෙන්වා දෙන්නේ මෙම ගැටළුව සම්බන්ධයෙන් සිය සංගමය කළ මැදිහත්වීමේදී අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් ඉදිරිපත් කර රුපියල් 2000 ක  දීමනාව ලබාදීමට කටයුතු කරන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත සදහන් කළ බවයි.

අමාත්‍යවරයා සඳහන් කළ පරිදි කඩිනමින් අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් ඉදිරිපත් කර ඇගයීම් කටයුතුවල දෙවන අදියර ආරම්භ වීමට පෙර මෙම දීමනා ලබාදෙන ලෙස ලංකා ගුරු සංගමය වැඩි දුරටත් ඉල්ලා සිටි.

JW

 

AER 2026 Leaflet 4 1 1
web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්