leader s

මේ සතියේ පැවති ආණ්ඩු පක්ෂ පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීමේදී ආණ්ඩුවේ ප්‍රධාන පෙළේ අමාත්‍යංශ පහක් භාර අමාත්‍යවරුන්ට බරපතළ චෝදනා ගණනාවක් එල්ල කළ පසුපෙළ මන්ත්‍රීන් සහ රාජ්‍ය ඇමැතිවරුන් එයින්

අමාත්‍යංශ තුනක වැය ශීර්ෂ ඉදිරි අයවැයේදී පරාජය කිරීමට ඡන්දය භාවිත කරන බව තරයේම ප්‍රකාශ කර ඇත.

අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන ගේ ප්‍රධානත්වයෙන් රැස්වූ ආණ්ඩු පක්ෂ පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීමේදී මැති ඇමැතින් 12 දෙනෙක්, ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරුන් පස්දෙනකුට බරපතළ චෝදනා එල්ල කළහ.

මධුර විතානගේ, ජානක තිස්සකුට්ටිආරච්චි, ජයන්ත කැටගොඩ, උපුල් මහේන්ද්‍ර රාජපක්ෂ, සමන්ප්‍රිය හේරත්, සුමිත් උඩුකුඹුර, කුමාරසිරි රත්නායක, ජගත් සමරවික්‍රම, පියල් නිශාන්ත, මිලාන් ජයතිලක සහ ගීතා කුමාරසිංහ මෙලෙස චෝදනා නැගූ මැති ඇමැතිවරු වෙති. අමාත්‍යංශ 5කට චෝදනා නැගූ ඔවුන් එයින් අමාත්‍යංශ 3 ක වැය ශීර්ෂ පරාජය කරන බවට සපථ කර ඇත.

දේශීය හා විදේශීය රැකියා ලබාදීමේදී මන්ත්‍රීන් සඳහා කෝටාවක් වෙන්කර ඇති බැවින් ඊට අදාළ ලැයිස්තු ලබාගෙන එම ලැයිස්තුවල නම් සඳහන් එක් තැනැත්තකුට හෝ රැකියා ලබා නොදීම, අසාධාරණ ලෙස ඉඩම් බෙදා දීම, පාසල්වලට දරුවන් ඇතුළත් කිරීමේදී ආණ්ඩු පක්ෂයට වඩා විපක්ෂ මන්ත්‍රීන්ට ප්‍රමුඛතාව ලබාදීම, ප්‍රාදේශීය සංවර්ධන ව්‍යාපෘති සඳහා මුදල් වෙන් කිරීමේදී ආණ්ඩු පක්ෂ මන්ත්‍රීන්ගේ යෝජනා ගණන් නොගැනීම හා ප්‍රවාහන අමාත්‍යංශයේ ඇතැම් කටයුතු සම්බන්ධයෙන් මෙලෙස පසුපෙළ මන්ත්‍රීවරු අමාත්‍යවරුන් ගණනාවකට දැඩි ලෙස චෝදනා කළෝය.

මෙම ප්‍රශ්න ජනාධිපතිවරයා හමුවේ පවත්වන විශේෂ රුස්වීමකදී සාකච්ඡා කළ යුතු බවද ඔවුහු අගමැතිවරයාට යෝජනා කළහ.

(deshaya.lk)

 

JW

 

AER 2026 Leaflet 4 1 1
web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්