leader s

''මේ අපේ රට නිසා, අපට සිහිනයක් ඇත'' සාමුහිකයේ ප්‍රථම සම්මන්ත්‍රණය හෙට (31) සවස 3ට කොළඹ 07, ලක්ෂමන් කදිරගාමර් මධ්‍යස්ථානයේ දී පැවැත්වීමට සැලසුම් කර තිබේ.


මෙම සම්මන්ත්‍රණයේ දී හිටපු කතානායක ගරු කරු ජයසූරිය, මහචාර්ය චන්ද්‍රගුප්ත තේනුවර, මහාචාර්ය රොහාන් සමරජීව, ආචාර්ය නිමල්කා ප්‍රනාන්දු හා පිලිප් දිසානායක අදහස් දැක්වීමට නියමිත අතර සම්මන්ත්‍රණය මෙහෙයවීම නීතිඥ දුලාන් දසනායක හා වෛද්‍ය ශානිකා හසංගි විසින් ද, සංවාදය මණ්ඩපය මෙහෙයවීම අජිත් පැරකුම් ජයසිංහ විසින් ද සිදු කිරීමට නියමිතය.

 නීතියේ ආධිපත්‍යය හා සමාජ සාධාරණත්වය ප්‍රමුඛ කරගත් ජාතික සමගිය මත පදනම් වූ රාජ්‍ය පාලන ක්‍රමයක් හා දූෂණ වංචාවලින් තොරව විනිවිදභාවයෙන් යුතු කාර්යක්ෂම හා ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුකරණයක් හා රාජ්‍ය නියාමනයට යටත් වූ, තරගකාරී නිදහස් වෙළදපොළ ආර්ථික ක්‍රමයක් ඇති කිරීම අපට සිහිනයක් තිබේ සාමුහිකයේ මූලික පරමාර්ථයන් ලෙස සදහන්.

සාධාරණ සමාජයක් සදහා වූ ජාතික ව්‍යාපාරය, නිදහසේ වේදිකාව හා අලුත් කතාබහ ඇතුළු තවත් සිවිල් සංවිධාන කිහිපක් එක්ව ගොඩනගා ඇති අපට සිහිනයක් ඇත ව්‍යාපාරයේ හෙටින් ඇරඹෙන සම්මන්ත්‍රණයෙන් පසුව මහනුවර, ගාල්ල, කුරුණෑගල හා බදුල්ල යන ප්‍රදේශයන් හි මෙවැනි මහජන සම්මන්ත්‍රණ පැවැත්වීමට සැලසුම් කර ඇති බවට ප්‍රාදේශීය වැඩසටහන් සංවිධායක ඥාණවීර දිසානායක 'ද ලීඩර්' වෙත පැවසීය.

WhatsApp Image 2023 08 30 at 5.57.18 AM

JW

 

AER 2026 Leaflet 4 1 1
web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්