leader s

2010 ජනවාරි 24 වන දා, ලංකාවේ ජනාධිපතිවරණයට දින දෙකක් තිබිය දී, හරිත් එක්නැළිගොඩගේ පියා වූ ප්‍රගීත් අතුරුදන් වූ බවට වාර්තාවන විට හරිත්ගේ වයස අවුරුදු 13කි.


මාධ්‍යවේදියෙකු, කාටූන් ශිල්පියෙකු සහ මානව හිමිකම් ක්‍රියාකාරිකයෙකු වූ ප්‍රගීත්, එවකට ජනාධිපති මහින්ද රාජපක්ෂගේ පාලනය විවේචනය කිරීම සම්බන්ධයෙන් ප්‍රසිද්ධියක් ලබා සිටියේ ය.

ඔහුගේ අතුරුදන්වීමට කිසිදු සම්බන්ධයක් ඇතැ යි යන්න ශ්‍රී ලංකා රජය සහ යුද හමුදාව ප්‍රතික්ෂේපකර තිබේ.

ජාත්‍යන්තර ක්ෂමා සංවිධානයේ ඇස්තමේන්තුවලට අනුව 1980 ගණන්වල අග භාගයේ සිට ශ්‍රී ලංකාව තුළ පුද්ගලයන් 60,000ත් 100,000ත් අතර පිරිසක් අතුරුදහන්වී තිබේ.



අතුරුදහන්වුවන්ගේ ජාත්‍යන්තර දිනය අදට (අගෝස්තු 30) යෙදි ඇත. 

බලහත්කාරයෙන් අතුරුදහන්කිරීම්වලට ලක්වූ වින්දිතයින්ගේ ජාත්‍යාන්තර දිනය වෙනුවෙන් 'අතුරුදන්වුවන්ගේ පවුල් එකතුව' විසින් ක්‍රියාකාරකම් රැසක් සංවිධානය කර තිබේ.

* අගෝස්තු 31 දින පෙ.ව 11.00 - ප.ව 11.30 විදේශ කටයුතු අමාත්‍යංශය ඉදිරිපිට විරෝධතාවය හා පෙත්සම් භාර දීම.

* අගෝස්තු 31 දින ප.ව 12.30 සිට - ප.ව 1.00  අධිකරණ අමාත්‍යංශයේ ඉදිරිපිට විරෝධතාවය හා පෙත්සම් භාර දීම.

* අගෝස්තු 31 දින ප.ව 3.30 - ප.ව 6.00 BMICH හී ලැවැන්ඩර් (LAVENDER HALL) ශාලාවේ දී බලහත්කාරයෙන් අතුරුදහන්කිරීම්වලට ලක්වූ වින්දිතයින්ගේ ජාත්‍යාන්තර දිනය, අතුරුදහන්වු තැනැත්තන් පිලිබද කාර්‍යාලය අතුරුදහන් නොකරනු! යන තේමාවෙන් සැමරීම සිදු කරනු ලබයි.


369588947 693573256144752 2232145918626619007 n

 

WhatsApp Image 2023 08 30 at 10.03.21 AM
(උපුටා ගැනීම් - BBC සිංහල සේවය)


JW

 

AER 2026 Leaflet 4 1 1
web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්