ශ්‍රීලනිප නායක හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ ආණ්ඩුවේ විකල්ප දේශපාලන කණ්ඩායම වන නිමල් ලන්සා කණ්ඩායම අතර රහසිගත දේශපාලන සාකච්ඡාවක් පසුගියදා පවත්වා ඇතැයි 'දේශය' පුවත්පත වාර්තා

කරයි.

මෙම සාකච්ඡාව සඳහා අනුර ප්‍රියදර්ශන යාපා, සුසිල් ප්‍රේම්ජයන්ත, මහින්ද අමරවීර, ලසන්ත අලගියවන්න, ප්‍රියංකර ජයරත්න, නලින් ප්‍රනාන්දු සහ නිමල් ලන්සා සහභාගී වී ඇතැයි ද පැවසේ.

ඉදිරි කාලයේදී ශ්‍රීලනිපය සහ ආණ්ඩුවේ විකල්ප කණ්ඩායම එකට වැඩ කිරීම ගැන මෙහිදී සාකච්ඡා වී ඇති බවත්, මෙම වැඩපිළිවෙළට බාධාකාරී ලෙස හැසිරෙන ශ්‍රීලනිපයේ ඉහළ නිලතල දරන්නන්ගේ තනතුරු ගණනාවක්ම ඉතා ඉක්මනින් වෙනස් කෙරෙන බවටද මෙකී සාකච්ඡාවේදී ඉඟි පළ වී ඇති බවත් 'දේශය' පුවත්පත් වාර්තාවේ වැඩිදුරටත් සඳහන් වේ.

අද (03) දිනයේ පැවැත්වෙන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 72වැනි සංවත්සරයට ලන්සා කණ්ඩායම නියෝජනය කරමින් එම කණ්ඩායමේ නායක අනුර ප්‍රියදර්ශන යාපා සහ ජෝන් සෙනවිරත්න හිටපු අමාත්‍යවරයා සහභාගිවීමට නියමිතය. 

JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image