ජනතාවාදී ආණ්ඩුවක් බිහිකරලීම සඳහා කටයුතු ආරම්භ කරන බව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පැවසිය. 

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ ඒ වෙනුවෙන් දිවයිනේ සෑම ග්‍රාමසේවා වසමකම ශාඛා සමිති පිහිටුවීමේ වැඩපිළිවෙළ සැප්තැම්බර් 02 වැනිදා සිට ආරම්භ කල බව ද ඔහු කියා සිටියේය. 

විශේෂයෙන් පසුගිය කාලයේම ආසන බල මණ්ඩල පවත්වමින් පක්ෂයේ ප්‍රතිසංවිධාන වැඩපිළිවෙළ තවදුරටත් ශක්තිමත් කිරීමට දායක වූ සියළු දෙනාටම ස්තුතිවන්ත වන බවද නාමල් රාජපක්ෂ පැවසිය. 

ගමෙන් බිහිවූ දේශපාලන පක්ෂයක් වන පොහොට්ටුව ගමේ දේශපාලනය ශක්තිමත් කරමින් ලංකාවේ සෑම අස්සක් මුල්ලක් නෑරම ශාඛා සමිති ආරම්භ කරන බවත් නාමල් රාජපක්ෂ කියා සිටියේය.

වර්තමාන ආණ්ඩුවේ ප්‍රතිලාභයන් සෑම ජන කොටසකටම රැගෙන යාමට අවශ්‍ය ග්‍රාමීය නායකත්වය මේ තුලින් බිහිකරවීමට තම පක්ෂයක් ලෙස කටයුතු කරන බවත් ඉදිරියේදී පැවැත්වෙන ඕනෑම මැතිවරණයකට මුහුණ දෙමින් පොදු ජන පෙරමුණේ ප්‍රතිපත්ති ජනගත කිරීමට  බලාපොරොත්තු වන බවත් නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා වැඩිදුරටත් පැවසීය.


JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image