ත්‍රිකුණාමලය, නිලාවෙලි, ඉලුප්පුකුලම බොරළුකන්ද විහාර භූමිය ඉදිරිපිට

රැස්වී විරෝධතාවයක් පැවැත්වීම වළක්වාලමින් ත්‍රිකුණාමලය අතිරේක මහේස්ත්‍රාත් දර්ශණී අන්නතුරෙයි වාරණ නියෝගයක් නිකුත් කර තිබේ.

නිලාවෙලි පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ජී. ඩී. ප්‍රදීප් නිශාන්ත කුමාර ඉදිරිපත් කල වාර්ථාවක් සලකා බැලීමෙන් අනතුරුව පාර්ශව දෙකක වග උත්තරකරුවන් 14 දෙනෙකුට වාරණ නියෝගය නිකුත් කර ඇත.

මේ අනුව පළමු පාර්ශවයේ වග උත්තරකරුවන් ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන රාසමානික්කම් ශානක්‍යා, සෙල්වරාසා ගජේන්ද්‍රන්, ගජේන්ද්‍ර කුමාර් පොන්නම්බලම්, කුච්චවේලි ප්‍රාදේශීය සභාවේ හිටපු මන්ත්‍රී පී. වෛද්‍යලිංගම්, දෙමල ජාතික ජනතා පෙරමුණේ තරුණ බලකායේ නායක ක්‍රිෂ්ණ පිල්ලේ ශ්‍රී ප්‍රසාද් දෙමළ සභාව නැමැති සිවිල් සංවිධානයේ සභාපති ආර්. ජෙරොම් ලේකම් රමේෂ් නිකලස් හා දෙවන පාර්ශවයේ වග උත්තරකරුවන් වන ගෝකණ්නපුර සුරැකීමේ සංවිධනායේ සභාපති පූජ්‍ය අලුත් ඔය සද්දාතිස්ස හිමි, බොරලු කන්ද විහාරාධිපති අම්පිටියේ සීලවංශ තිස්ස හිමි, විහාරාධිකාරි ත්‍රිකුණාමලයේ සුඛිතවංශතිස්ස හිමි, ත්‍රිකුණාමලයේ ඥාණකිත්ති හිමි, මහදිවුල්වැව ඉන්ද්‍රාරාමාධිපති පොල්හේන්ගොඩ උපරතන හිමි, ගෝකණ්න පුර සුරැකීමේ සංවිධානයේ ලේකම් ඒල්. ජී. නන්දික විදුරංග, හිටපු ආසන සංවිධායක දයානන්ද ජයවීර යන අයට මෙම වාරණ නියෝගය නිකුත් කර තිබේ.

අපරාධ නඩු විධාන සංග්‍රහ පනතේ 106 (03) වගන්තියේ ප්‍රතිපාදන අනුව මෙම වාරණය විරෝධතාවයට සහභාගිවන සියලු දෙනා සඳහා පොදුවේ නිකුත් කරන බව අදාල වාරණ නියෝගයේ දැක්වේ.

 

ජනපතිගෙන් සහතිකයක්

රට පුරා පිහිටා තිබෙන ආගමික සිද්ධස්ථාන සහ ඓතිහාසික ස්ථාන ආරක්ෂා කිරීමට රජය අධිෂ්ඨානශීලීව කැපවන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ අගෝස්තු 30 දා මහනුවරදී අස්ගිරි පාර්ශවයේ අනුනායක අතිපූජ්‍ය ආණමඩුවේ ධම්මදස්සි නාහිමි හමුවේ අවධාරණය කර සිටියේය.

එමෙන්ම, උතුරු හා නැගෙනහිර පළාත්වල ඇතිවන ආගමික ගැටළුකාරී තත්ත්වයන්ට විසඳුම් සෙවීම අරමුණු කරගනිමින් ඒ ඒ පළාත්වල ආගමික නායකයින්ගේ ප්‍රධානත්වයෙන් කමිටු පිහිටුවන බව ද ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ ය.

 

සංඝනායක හිමියෝ කරුණු පහදයි

ඇති වී තිබෙන ගැටුම්කාරී තත්වයන් සම්බන්ධයෙන් පසුගියදා මාධ්‍ය හමුවක් පවත්වමින් උතුරු නැගෙනහිර දෙපළාතේ ප්‍රධාන සංඝනායක සියඹලාගස්වැව විමලසාර නාහිමියන් ප්‍රකාශ කළේ පුරා විද්‍යා ස්ථාන වල අයිතිය බෞද්ධ භික්ෂුන්ට නොපැවරිය යුතු බවයි.

"පුරාවිද්‍යා ස්ථාන, නිකාය වලට, පාර්ශවවලට, හාමුරුදුවන්ට, පුද්ගලික විහාරාධිපතිකම් නොදී කෙලින්ම පුරා විද්‍යා දෙපාර්තමේන්තුව යටතට පවරා ගෙන රැකබලා ගත්තොත් මං හිතන්නේ ඔය තියන සියළුම ප්‍රශ්න වලට විසදුම එතන තියනවා."

එම මාධ්‍ය හමුවේදී නාගදීප පුරාණ රජමහා විහාරාධිපති නවදගල පදුමකිත්ති තිස්ස නාහිමිගෙන් චෝදනා උතුරට අලුතින් එන භික්ෂුන් කොන්ත්‍රාත් පදනම තුළ ප්‍රශ්න ඇති කරන බවයි.

 

සබැඳි පුවත් :

ත්‍රිකුණාමලයේ ආණ්ඩුකාරයාට එරෙහිව සංඝයා වහන්සේ පෙළපාලි

මර්වින් සිල්වාගේ 'ඔලුවත් අරං කැළණි එන' මැර තර්ජනයට විරෝධය

 

 

JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්