leader s


ඉන්දීය ආරක්ෂක අමාත්‍ය රාජ්නාත් සිං ගේ මෙරට සංචාරය අවසන් මොහොතේ දී අවලංගු කිරිම පිළිබද ලොවපුරා දේශපාලන ප්‍රධානීන්ගේ අවදානයට යොමුව ඇති බව වාර්තා වේ.


පසුගිය සතිඅන්තයේ ඉන්දීය ආරක්ෂක අමාත්‍යවරයා මෙරට සංචාරය කිරීමට නියමිතව තිබුණ ද ඊට දින දෙකකට පමණ පෙර ඔහු එම සංචාරය අවලංගු කළ බව ප්‍රකාශ කෙරුණි.

කෙසේවෙතත් යළිත් ඔහු මෙරට සංචාරය කරන දිනයක් සම්බන්ධයෙන් එහිදි කිසිදු ප්‍රකාශයක් සිදුකර නොතිබිණ.

චීන පර්යේෂණ නෞකාවක් මෙරටට පැමිණීම සඳහා අවසර ඉල්ලා ඇති පසුබිමක ඉන්දීය ආරක්ෂක අමාත්‍යවරයා මෙරටට පැමිණෙන බව ප්‍රකාශ කර තිබුණි.

මෙම තත්ත්වය හමුවේ මත භේදාත්මක කරුණු කාරණා නිර්මාණය වෙමින් පවතින අතරතුර ලොව පුරා බොහෝ දේශපාලන සහ ආරක්ෂක අංශවල මේ පිළිබඳව කතාබහට ලක්ව තිබේ.

ලොව සිව්වැනියට ශක්තිමත්ම යුද හමුදා බලවතා ලෙස සැලකෙන ඉන්දීය ආරක්ෂක හමුදාවේ ප්‍රධානීයා වන රාජ්නාත් සිං මෙරට සංචාරය අවලංගු කිරීම බරපතළ ගැටලුවක් බව දේශපාලන සහ ආරක්ෂක අංශ සඳහන් කරයි.

මෙම සංචාරය අතරතුර දී ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර ආරක්ෂක සබඳතා සම්බන්ධයෙන් තීරණාත්මක සාකච්ඡා වට කිහිපයක් පැවැත්වීමට සැලසුම් කර තිබුණි.

එමෙන්ම ඉන්දීය ආරක්ෂක අමාත්‍යවරයා එම සංචාරයේ දී ජනාධිපති වික්‍රමසිංහ, අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මෙන්ම රජයේ ප්‍රධානීන් කිහිප දෙනෙකු ද හමුවීමට සැලසුම් කර තිබු බව සඳහන්ය.

(adaderana.lk)

JW

 

AER 2026 Leaflet 4 1 1
web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්