leader s

'සිස්ටම් ‌චේන්ජ් කරන්න කලින් ආකල්ප වෙනස්කර ගැනීම වැදගත්' බව  තාක්ෂණ රාජ්‍ය අමාත්‍ය කනක හේරත් පවසයි.


ඔහු එබව කියා සිටියේ, සෞඛ්‍ය ඇමැතිවරයාට එරෙහිව පැවති විශ්වාසභංග යෝජනාවේ විවාදයට ඊයේ (07) එක්වෙමිනි.

රාජ්‍ය ඇමැතිවරයා තවදුරටත් මෙසේද පැවසීය.

'' අපේ සෞඛ්‍යය පද්ධතියට විවිධ විවේචන එල්ලවන බව ඇත්ත. නමුත් අදටත් දකුණු ආසියාවේ දියුණුතම සෞඛ්‍ය පද්ධතියක් අපට තියනවා. ශ්‍රී ලංකාවේ තියන්නේ Free Universal Helathcare system එකක්..

ඒ  පිළිබඳව කෙතරම් විවේචන තිබුනත්, පසුගිය කෝවිඩ් සමයේ වගේම රට මුහුණපාමු සෑම වසංගතයකදීම ශ්‍රී ලාංකික වෛද්‍යවරුන් ඇතුලු  අනිකුත් සෞඛ්‍යය සේවකයින් මුදලට හෝ රැකියාවට සීමා නොවී සෑමවිටම රටේ මහජනයාගේ සුභසිද්ධිය උදෙසා කටයුතු කල බව මුලු රටම දන්නා කාරණයක්. ඒ සම්බන්ධයෙන් මුලින්ම මම රටේ සමස්ථ සෞඛ්‍යය කාර්යමණ්ඩලයටම ස්තූති කිරීමට කැමතියි.

විවේචන ගැන කතා කිරීමට බොහෝ දෙනෙක් සිටින නිසා ඒ ගැන කතා නොකර, විය යුතු සාධනීය කාරණා කිහිපයක් ගැන කතාකිරීමට මම කැමතියි.

 හැමෝටම ඕනෙ System change කරන්න. හැබැයි යම්කිසි system implementation එකක් කරාම ඒක එතනින් නතර වෙන වගක් තමයි මට දැනෙන්න. මානව සම්පත, පරිපාලනය, ප්‍රසම්පාදන ඇතුලු සියල්ලම මධ්‍යගත පද්ධතියකට (Centralised System) ගේන්න ඕනෙ. *HHIMS -  Hospital Health Information Management System implement කරා 2020 - 2021. ඒක භාවිතා වුනේ නැහැ.

System change කියල සෞඛ්‍ය ඇමතිවරයා අයින් කරලා වැඩක් නැහැ ..සෞඛ්‍ය අමාත්‍යවරයා ඒ මුලු එකේම  System එකේ එක් අයෙක් විතරයි. ඒ නිසා ඇමති අස්කළා කියල මේ ප්‍රශ්න විසඳෙන්නේ නෑ.

අපි මේ වෙලාවේ කතා කරන්න ඕනෙ Telemedicine, Health Informatics වගේ Topics ගැන

Telemedicine කියන්නේ, රෝගියා සහ සෞඛ්‍ය සේවා සපයන්නා අතර zoom සහ එවැනි තාක්ෂණය භාවිතා කරමින් ප්‍රතිකාර කිරීම.

 Tele Medicine වෛද්‍යවරුන්ගේ හිඟයට පිළියමක්.

තාක්ෂණය භාවිතයේන් මේ ප්‍රශ්න හුගාක් විසඳාගැනීමට පුලුවන් කියල මම හිතනවා.

JW

 

AER 2026 Leaflet 4 1 1
web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්