දරුවන්ගේ අධ්‍යාපනය ප්‍රමුඛ කටයුත්ත සේ සලකා පාසල් වෙත ආරක්ෂාව සලසා ඇති බවත් අනියත බිය සහ කටකතාවලට සවන් නොදි
දරුවන් පාසලට යැවීමට කටයුතු කරන ලෙසත් යුද හමුදාපති ලුතිනන් ජනරාල් මහේෂ් සේනානායක මහතා දෙමාපියන්ගෙන් ඉල්ලා සිටියි.
පාස්කු ඉරිදා (21) බෝම්බ ප්‍රහාරයෙන් පසුව ප්‍රාථමික ශ්‍රේණිවල සිසුන් වෙනුවෙන් දෙවන පාසල් වාරය 13දා ආරම්භ කළද සිසුන්ගේ පැමිණීම ඉතා අවම මට්ටමක පවතින බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.
දෙවන පාසල් වාරය සඳහා 6 ශ්‍රේණියේ සිට 13 වන ශ්‍රේණි දක්වා පන්තිවල අධ්‍යයන කටයුතු පසුගිය 06 වනදා ආරම්භ කෙරුණි. එහෙත් මේ වන තෙක් එම ශ්‍රේණිවල ළමුන්ගේ පැමිණිමද යථාතත්වයට පත්ව නොමැත.
මේ අතර කඳුකරයේ ප්‍රාථමික පාසල්වලද සිසුන්ගේ පැමිණීම සියයට එකක් වත් නොමැති බව විදුහල්පතිවරුන් පවසති.
මෙවැනි තත්වයක් යටතේ ''අපේ දරුවන් නැවතත් පාසල් යවමු - එක්ව රොඳ බදින්නට ඉඩසලසමු'' යන මැයෙන් යුතු ප්‍රචාරක මෙහෙයුමක් යුනිසෙෆ් ආයතනය විසින් සමාජ මාධ්‍ය ඔස්සේ ක්‍රියාත්මක කර ඇත. 
විපක්ෂයේ මැදිහත්වීම සතුටට කරුණක් - අධ්‍යාපන ඇමති
සියලු පාසල්වල ආරක්ෂාව තහවුරු කර ඇති නිසා තවදුරටත් ප්‍රමාද නොවී හෙට (21) සිට දරුවන් පාසල් එවන්නැයි මව්පියන්ගෙන් ඉල්ලා සිටින අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා, පාසල් වෙත දරුවන් ගෙන්වා ගැනීමට විපක්ෂයේ මන්ත්‍රීවරුන් ද දැන් හෝ පෙනී සිටීම පිළිබඳ සතුටු වන බව පැවසිය.
කුමන වටපිටාවක් තුළ දී වුවද පාසල් සිසුන්ගේ අධ්‍යාපනය කඩාකප්පල් කිරීම ඉඩ තැබිය නොහැකි බව පැවසු අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා, ඇතැම් කණ්ඩායම් රට අකර්මණ්‍ය කොට දේශපාලන වාසි අපේක්ෂාවෙන් බලා සිටි මොහොතක රජය ජන ජීවිත යථා තත්ත්වයට පත් කිරීම සඳහා කැපවී ක්‍රියා කළ බව පැවසිය.
මහින්ද රාජපක්ෂ මහතා ප්‍රමුඛ ඒකාබද්ධ විපක්ෂ මන්ත්‍රීවරුන් හෙට (21දා) ආරක්ෂාව තහවුරු බව පෙන්වමින් පාසල් වෙත යාමට සූදානම් වන බවට කර ඇති ප්‍රකාශය පිළිබඳව විමසීමේදී අධ්‍යාපන අමාත්‍යවරයා පැවසුයේ, සියල්ලටම එක්වී රටේ උන්නතිය වෙනුවෙන් ක්‍රියා කිරීමට හැකිනම් හැකි නම් ඒ පිළිබඳ තමන් ද සතුටට පත්වන බවයි.







