leader s

වන්නියෙන් හමු වු ශ්‍රී ලංකාවේ අලුත්ම සමූහ මිනීවලේ කැනීම් කටයුතු යළි ආරම්භ කර සතියක් ගත වෙද්දී, පුද්ගලයන් නම දෙනකුට අයත් අස්ථි කොටස් ගොඩ ගෙන තිබේ.

තවත් බොහෝ සිරුරු ගොඩ ගැනීමට ඇති බව වෝහාරික විශේෂඥයෝ පවසති.

සැප්තැම්බර් 13 වැනි දා කැනීම් කටයුතු නිමා විමෙන් පසුව, සිරුරු ගොඩගැනීම මෙහෙයවන මුලතිව් දිස්ත්‍රික් රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරී කනගසභාපති වාසුදේව ප්‍රදේශයේ මාධ්‍යවේදීන් හා කියා සිටියේ බදාදා දිනයේදී තිදෙනෙකුට අයත් පුර්ණ ඇටසැකිලි තුනක් ගොඩගත් අතර සයිනයිඩ් කරලක් ද හමු වු බවයි.

"අද කොක්කුතුඩුවායි සුසාන වලේ ඇටසැකිලි තුනක් සම්පුර්ණයෙන් ගොඩ අරන් තියනවා. සයිනයිඩ් කරලක් සහ අංක තහඩු දෙකකුත් ගොඩ ගත්තා."

Kokkuthuduwai 01

කැනීම් වලදී හමුවන මිනිස් අස්ථි හා අස්ථි කොටස් ඉතා සමීපව හා එකිනෙක මත පිහිටා තිබීම නිසා කැනීම් සදහා සැලකිය යුතු කාලයක් ගත වනු ඇති බවට අනුමාන කරන වෛද්‍ය නිලධාරී කනගසභාපති වාසුදේව වැඩි දුරටත් පවසා තිබුනේ කැනීම් කටයුතු සදහා ගතවන කාලය නිශ්චිතව ප්‍රකාශ කළ නොහැකි බවයි.

මේ වන විට ගොඩ ගෙන තිබෙන මානව අස්ථි කොටස් මුලතිව් දිස්ත්‍රික් රෝහලේ තැන්පත් කර ඇති බව වෛද්‍ය නිලධාරී කනගසභාපති වාසුදේව වැඩි දුරටත් සදහන් කර තිබේ.

"මේ සුසාන වල සම්බන්ධයෙන් වාර්තා කැනීම් කණ්ඩායම විසින් මුලතිව් මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරනවා. ගොඩ අරන් තියන මිනිස් ඇට සැකිලි සහ හමුවු වෝහාරික භාණ්ඩ මුලතිව් දිස්ත්‍රික් රෝහලේ මෘත ශරීරිගාරයේ විශේෂ කුටියක තියලා තියනවා."

යුද්ධයෙන් වැඩිම හානියට පත් මුලතිව් දිස්ත්‍රික්කයේ කොක්කුතොඩුවායි හිදී මාස දෙකකට ඉහත මතුවූ සමූහ මිනීවලේ  කැනීම් කටයුතු අධිකරණ නියෝග මත සැප්තැම්බර් 6 වැනිදා උදෑසන සිට යළි ආරම්භ කර තිබුනි.

සමුහ මිනි වලේ කැනීම් කටයුතු සදහා මේ වන විට වෙන් කර ඇති මුදල රුපියල් ලක්ෂ 57 ට ආසන්නය.

Kokkuthuduwai 03
අධිකර‍ණ, බන්ධනාගාර කටයුතු හා ආ‍ණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශයේ ලේකම් වෙනුවට, ගණකාධිකාරී (අධිකරණ පරිපාලන) විසින් මුලතිව් දිස්ත්‍රික් ලේකම්වරයා වෙත අගෝස්තු 22 දා "කොක්කුතුඩුවායි, මුලතිව් හි දී හමුවූ මිනිස් සිරුරු කොටස් සම්බන්ධයෙන් වන මහේස්ත්‍රාත් විමර්ශනය සඳහා වන ඇස්තමේන්තුව" මැයෙන් යවන ලද  ලිපියක සදහන් වන්නේ රුපියල් ලක්ෂ 5,663,480.00ක මුදලක් වෙන් කරන බවයි.

කොක්කුතොඩුවායි මහාවිද්‍යාලයේ සිට කෝකිලායි දෙසට මීටර් 200ක් පමණ දුරකින් ජුනි 29 වැනි බ්‍රහස්පතින්දා හවස් යාමයේ මිනිස් සිරුරු කොටස් සහ ඇඳුම් කොටස් අහම්බයෙන් හමුවී තිබුනේ  ජල සම්පාදන දෙපාර්තමේන්තුවේ කාර්ය මණ්ඩලය ජලනල එළීමට පොළව හාරමින් සිටියදී ය.

JW

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්