නදුන් චින්තක හෙවත් හරක් කටා නමැත්තාට අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවෙන් පලා යෑමේ

අසාර්ථක උත්සහට සහය දුන් කොස්තාපල්වරයා ත්‍රිකුණාමලය ප්‍රදේශයේ රුපියල් ලක්ෂ 50 ක කුඹුරු ඉඩමක් හා තවත් දේපළ මිළදී ගෙන ඇති බවට විමර්ශන කරන පොලිස් නිලධාරීන් හෙළි කරගෙන ඇති බව පොලිස් ආරංචි මාර්ග පවසයි.

මෙම දේපළවලට අමතරව ඔහුට ඩුබායි රාජ්‍යයෙන් වටිනා ලැප්ටොප් සහ ජංගම දුකතන ලැබී ඇති බවත්, ඔහු ඒවා ඥාතීන් වෙත බෙදා දී ඇති බවත් මූලික පරීක්ෂණවලින් හෙළිව ඇතැයි පොලිස් ආරංචි මාර්ග පවසයි.

හරක් කටාට පලායාමේ සැලසුම ඉන්දියාවේ සිටිනල හරක් කටාගේ සමීපතමයකු සිදුකර ඇති බවට තොරතුරු ලැබී ඇති බවත්, ඒ බව අනාවරන්‍ය කර ගැනීම සදහා විමර්ශන සිදුකරන බවද එම ආරංචි මාර්ග පවසයි.

අතුරුදන් පොලිස් කොස්තාපල්වරයා අවස්ථා කිහිපයකදීම හරක් කටා හා මිදිගම චූටි දුරකථන ඔස්සේ අදාල කොස්තාපල්වරය විසින් සම්බන්ධ කරවා ඇතැයි සැකයක් ඇති බවද වාර්තා වේ.


කොස්තාපල්ගේ වැඩ තහනම්

හරක් කටා නැමැති සංවිධානාත්මක අපරාධකරුට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පලා යාමට උත්සහ කිරීමට ආධාර උපකාර කළ බව කියන පොලිස් කොස්තාපල්වරයා වැඩතහනම් කර ඇති බව පොලිස් මුලස්ථානය පවසයි.

හරක් කටාට දමා තිබු අත් විලංගු ලිහිල් කර ඔහුට පලා යාමට උත්සහ කිරීමෙන් පසු සැකකාර කොස්තාපල්වරයා ඉකුත් 10 දින සිට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පලා ගොස් තිබුණි.

අතුරුදන් කොස්තාපල්වරයා මේ වන විට ඉන්දියාවට පළා ගොස් ඇති බවට පොලිසිය සැක කරයි.


සබැඳි පුවත් :

හරක් කටාට 'පැනයාමට' සහය දුන් කොස්තාපල් ගැන අලුත්ම ආරංචිය

හරක් කටාට උදවු කළ අය හොයන්න CID මෙහෙයුමක්

හරක් කටා ගිනි අවියක් පැහැර ගන්න CIDයේ යකා නටලා !

 

 

JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්