leader s

පාස්කු ප්‍රහාරය ගැන පාර්ලිමේන්තු විවාදයට පෙර ආණ්ඩු පක්ෂ මැති ඇමතිවරුන්ගේ විශේෂ කණ්ඩායම් රැස්වීමක් අද (19) පෙරවරුවේ පාර්ලිමේන්තුවේ කමිටු කාමර අංක 01 දී පෙරවරු 8.30 ට පැවැත්වීමට නියමිතය.

ජනාධිපති වික්‍රමසිංහ විදේශගතව සිටින නිසා අගමැති දිනේශ් ගුණවර්ධන ගේ ප්‍රධානත්වයෙන් එම හමුව පැවැත්වේ.

මේ සඳහා ආණ්ඩුපක්ෂ මැති ඇමතිවරුන්ගේ පැමිණීම අනිවාර්ය කර ඇති බවද වාර්තාවේ.

මේ අතර පාස්කු ප්‍රහාරයේ පරීක්ෂණ කටයුතුවල ප්‍රගතිය දැනුම්දීම කිරීම සඳහා මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් ගේ ප්‍රධානත්වයෙන් අද පස්වරු 2.30 ට කමිටු කාමර අංක 01 හිදීම තවත් විශේෂ සාකච්චාවක් පැවැත්වීමට නියමිත බවද වාර්තාවෙයි.

ඒ සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සහ ත්‍රස්ත විමර්ශන කොට්ඨාශයේ ප්‍රධානින් මෙන්ම, රජයේ බුද්ධි නිලධාරීන් කිහිප දෙනෙකු සහභාගිවීමට නියමිත බවද පැවසේ.

විපක්ෂයේ ඉල්ලීම මත කැඳවා ඇති මෙම සාකච්ජාවට පාර්ලිමේන්තුවේ සියලුම මන්ත්‍රී වරුන්ට ආරාධනා කර ඇතැයි ද වාර්තාවේ.

පාස්කු ප්‍රහාරය හා ඉන් උද්ගත වූ තත්ත්වය කිසිදු දේශපාලනීකරණයකට ලක් නොකොට පරම සත්‍ය සෙවීම තමාගේ ඒකායන අරමුණ බව විපක්ෂනායක සජිත් ප්‍රේමදාස ඊයේ පැවති මාධ්‍ය හමුවකදී අවධාරණය කර සිටියේය.

JW

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්