leader s

 ‘පාස්කු ඉරුදින’ ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් දේශපාලන බලපෑම්වලින් තොර විනිවිඳභාවයෙන් යුත් පරීක්ෂණයක් කරන්නේ නම් ඒ සම්බන්ධයෙන් ජාත්‍යන්තර පරීක්ෂණයක් අවශ්‍ය නොවන බව මැල්කම්

කාදිනල් රංජිත් කොළඹ අගරදගුරු හිමියන් පැවසූහ.

උන්වහන්සේ එසේ පැවසුයේ, ඇඹිලිපිටිය ශාන්ත මයිකල් දේවස්ථානයේ ස්වර්ණ ජයන්ති මංගල්‍යයට සහභාගි වෙමිනි.

 අවංකව, දේශපාලන බලපෑම්වලට යටවෙලා එක එක අයව ආරක්ෂා නොකර ඇත්ත වශයෙන්ම අවංක නිලධාරීන් හරහා නායකයෝ නායකත්වය ගන්නවා නම් ජාත්‍යන්තරයට යන්න අවශ්‍ය නොවන බවත්, විනිවිඳ පෙනෙන ක්‍රමවේද හරහා මේ සියල්ල කළ යුතු බවත් අගරදගුරු හිමියන් සඳහන් කළහ.

ඇඹිලිපිටිය ශාන්ත මයිකල් දේවස්ථානයේ ස්වර්ණ ජයන්ති මංගල්‍යය, අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන් ඊයේ (24) පැවති අතර ඊට ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ දක්ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝනායක ආචාර්ය පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමි ඇතුළු පිරිසක් ද එක්ව සිටියහ.

එහිදී අදහස් දැක්වූ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් මෙසේ පැවසුහ.

"විමර්ශන කරන්නට නායකයෝ නායකත්වය ගන්වානම්, ඒකට ක්‍රියා කරනවානම්, හැබැයි අවංක ලෙස, දේශපාලන බලපෑම්වලට යටවෙලා එයාලව මෙයාලව ආරක්ෂා නොකර ඇත්තටම මොකද්ද වුණේ කියන එකේ ඇත්ත සොයාගන්න අවංක නිලධාරීන් හරහා යම් ප්‍රයත්නයක් දරනවා නම් අපිට ඒකෙන් ජාත්‍යන්තරයට යන්න අවශ්‍ය නැහැ. අපි කියන්නේ විනිවිඳපෙනෙන ක්‍රමවේද හරහා මේ සියල්ල කරන්න කියලා."

JW

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්