එළඹෙන ඔක්තෝබර් මස 03 වනදා පැවැත්වෙන පාර්ලිමේන්තු කටයුතු ඇතුළත් න්‍යාය පත්‍රයට පනත් කෙටුම්පත් දෙකක් ඇතුළත් කිරීමට පියවර ගෙන ඇත.

ඒ අනුව මෙලෙස පාර්ලිමේන්තු න්‍යාය පත්‍රයට ඇතුළත් කර ඇත්තේ, ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පත සහ මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත් කෙටුම්පතයි.


යටි අරමුණ?


රට සහ ආර්ථිකය ස්ථාවර කරන්න අවශ්‍ය යැයි කියමින් රටේ ජනතාවගේ භාෂණයේ නිදහස ඇතුළු ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් කප්පාදු කිරීමට ආණ්ඩුව කටයුතු කරමින් සිටින බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් පවසයි.

ජනමාධ්‍ය සහ සමාජ මාධ්‍ය සම්බන්ධයෙන් නීති ගෙන ඒම, පනත් ගෙන ඒම ජනමාධ්‍ය අමාත්‍යාංශයේ වැඩක්ද නැතිනම් පොලිසියේ වැඩක්ද යන කාරණය පිළිබඳව ප්‍රශ්නයක් මතුවන බවත් ඔහු පැවසීය.

කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී ඔහු තවදුරටත් පැවසුවේ මීට පෙර මාධ්‍ය සම්බන්ධ පනත් සහ නීති ගෙන ආවේ ජනමාධ්‍ය අමාත්‍යාංශය බවත් සමාජ මාධ්‍ය නියාමන පනත් කෙටුම්පත පොලීසිය භාර ඇමතිවරයා ගෙන ඒමේ යටි අරමුණක් තිබෙන බවත්ය.

JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්